Tuesday, July 16, 2024

පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා අද (01) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා විසිනි.

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත්ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම නීතීඥ කණිඩායම සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිට තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවෙහි නිර්දේශ එයට අදාළ අංක 2157/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ලබා දෙන ලද බලාධිකාරයට අයත් නැති බවට ඔව්හු සිය පැමිණල්ල මගින් තර්ක කරති. ඔවුන් කියා සිටින්නේ එම ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව.

අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය බලය සහ ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

ම පැමිණ්ල්ල පහත සඳහන් වේ:

 

Archive

Latest news

Related news