භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්

846

ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ  සැසිවාරයට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබද ප්‍රථම නිල නොවන සාකච්ඡාව දහවල් පැවත්වේ. 

මෙරට මුස්ලිම් ජනයාට කොවිඩ් අසාදිතව මිය යන සිය ඥාතීන් භුමිදාන කිරීමට ආන්ඩුව අවසර දුන්නේ පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට බියෙන් විය හැකි යැයි සති අන්ත ඉංග්‍රිසි පුවත්පතත් වාර්තා කර තිබේ.

ආන්ඩුවේ අභ්‍යන්තර තොරතුරු සහ ලියැවිලි පරිහරණය කරමින් ෙ සතිපතා දේශපාලන ලිපයක් ලියන සන්ඩේ ටයිම්ස් සහාය කර්තෘ ඉක්බාල් අත්තාස් පසුගිය ඉරිදා මෙසේ ලියා තිබුණි.

රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මංත්‍රීවරුන් එකොලොස් දෙනෙකු හමුවූ අගමැති ඛාන් මුසිලිම් දේහයන් භූමිදාන කිරීමේ අයිතිය ගැන තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ විමසූ බවත් දෙදෙනාම ඊට අවසර දෙනු ඇති බව ප්‍රකාශ කළ බවත් කීවේය. ඇත්ත වයෙන්ම නම් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට දන්වන ලදී. ටක් වටින ප්‍රශ්ණය නම් එම අයිතිය ලබා නොදුනහොත් තමන් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ජන්දය පාවිච්චි කරන්නේ යැයි අගමැති ඛාන් අනතුරු හැඟවූයේද යන්නයි”

මේ අනුව ඉති පැහැදිළිව පෙනී යන්නේ මෙරට මුස්ලිම් ජනයාට සිය ඥාතීන් භූමිදානය කිරීමේ අයිතිය ලැබුණේ දැන් පැවැත්වෙන මානව හිමකම් කවුන්සිලයේ 46වන සැසි වාරයට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව නිසා බවයි.

මේ අතර පලාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියමින් සිටි රාජපක්ෂ ආන්ඩුව ලබන පූනි මාසයේදී පලාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇතැයි පසුගිය සඳුදා සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

මෙම පුවත ඇත්තක් නම් ඊට ආසන්තම හේතුවද ජිනීවා රැස්වීම හා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවයි.

පසුගිය 25දි ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාවේදී ඉන්දියාව 13ව සංසෝධනය ක්‍රියාත්මක කිරීමත් දෙමළ ජනයාට යුකතිය, සමානාත්මතාවල ගරුත්වය සහ අත්ම අබිමානය සහිතව ජීවත්වීමට ඉඩ සැළසිය යුතු යැයි ප්‍රකාශ කිරීමත් සමඟය.

ලාත් සභා ගැන ආන්ඩුවට මතක් වී ඇත්තේ ඉන්දියාවේ එම කතාවෙන් පසුය.