Wednesday, April 24, 2024

“පරණ අවතාර අලුත් ලෝගුවක: ශ්‍රී ලංකාව යළි භීතිය කරා” – ක්ෂමා සංවිධානයෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධ මතවාද යටපත් කොට, ඓතිහාසික අපරාධ සඳහා යුක්තිය පසිඳළීමට ඇති අවකාශ අවහිර කරන බවට ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රකාශ කරයි.

 

සිවිල් සමාජයේ නිදහස දැඩි ලෙස කප්පාදු කරමින්, යුධ සමයේ දී සිදු කරන‍  ලද අපරාධ සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ යුක්තිය ඉටුකිරීමට ගන්නා උසාහයන්ට බාධා පමුණුවන ආකාරයෙන් විරුද්ධ මතවාදයන්ට එරෙහිව නව මර්දනයක් ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති බව ජාත්‍යන්ත්‍ර ක්‍ෂමා සංවිධානයේ නව වාර්තාවේ සඳහන් වේ.

 

මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ලබන සදුදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සමගාමීවය.

 

“පරණ අවතාර අලුත් ලෝගුවක: ශ්‍රී ලංකාව යළි භීතිය කරා”  (Old ghosts in new garb: Sri Lanka’s return to fear) නම් එම වාර්තාව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය, නීතිඥයින්, දේශපාලන විරුද්ධවාදීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉලක්ක කර ගනිමින්, විරුද්ධ මතවාද යටපත් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන බව පෙන්වා දෙයි.

තවද වසර 30ක සන්නද්ධ ගැටුම තුළ සිදු වූ අපරාධ සඳහා සංක්‍රාන්ති යුක්තතිය පසිඳළීමේ ක්‍රියාවලියට බාධා කිරීම පිණිස කටයුතු කරන  ආකාරයද එය හෙළි කරයි.

“පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය  රටෙහි ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඔවුන්ට එරෙහි  ප්‍රතිපත්තියක් අනුගමනය කරන වේදිකාවක් බවට පත්ව තිබේ” යැයි ජාත්‍යන්ත්‍ර ක්‍ෂමා සංවිධානයේ මහ ‍ලේකම් කාර්‍යාලයේ අධයක්‍ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පවසා තිබේ.

වාර්තාව නිකුත් කර ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි. එය මෙහි තිබේ.AI SL report Feb 2021

වාර්තාව නිකුත් කරමින් ක්ෂමා සංවිධානය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පීඩීඑෆ් ගොනුවක් ලෙස මෙහි කියවිය හැක.Amnesty International-PR-Sinhala

Archive

Latest news

Related news