Monday, May 6, 2024

මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නීතිය මධ්‍යතන යුගයේ ඝාතන නීතියද?

පින්තූරය: 1572 දී කතෝලික  ප්‍රචණ්ඩන්ඩ ක්‍රියා මගින්  මගින් හුගනොට්වරුන් ඝාතනය කිරීම.(Painting by François Dubois, a Huguenot painter )

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (20) අගරදගුරුගේ නිවසට කැඳවා තිබූ බව මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඇමැති වීරසේකර කැඳවා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ්ට අයත් වෙල්ලම්පිටියා තඹ කම්හලක සේවයේ නියුතු කම්කරුවන් දස දෙනෙකු නිදහස් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්ණ කිරීමටය.

මෙම සැකකරැවන් නිදහස් කරන ලද්දේ ඔවුන්ට එරෙහිව සාක්ෂි නැති නිසා බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වාර්තා කිරිමෙන් පසුය. සාක්ෂි නැතිව මිනිසුන් රඳවාගෙන සිටීම වරදක් බව ඔහුගේ  “නීතියට” වැටහෙන බවක් නොපෙනේ.

අපරාධයකට සම්බන්ධ පුද්ගලයකුගේ කම්හළක වැඩ කිරීම නිසාම ඒහි සේවකයින් වරදකරුවන් විය යුතුයැයි මැල්කම් රංජිත් දෙවගැතිවරයා විශ්වාස කරන්නේ නම් කවර හෝ දේවගැතිවරයකු කරන අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ දේවස්ථානයේ සේවය කරන අනෙක් පුද්ගලයින්ද ඉබේම වරදකරුවන් විය හැකිය.

ඒම සැකකනරුවන් නිදහස් කිරීම නිසා ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාව තුළ උභතෝකෝටිකයක් ඇති කර ඇති බවත්, තමාගේම ඇදහිලිවන්තයන්ට මුහුණ දීමට නායකයෙකු ලෙස ඔහුට නොහැකි බවත් අගරදගුරු තුමා මැල්කම් රංජිත් දේවගැතිවරයා පවසා ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

එමගින් ඔහු කියා සිටින්නේ සාක්ෂි නැතත් ඔහුගේ දේශපාලන සුභ සිද්ධිය කතා මිනිසුන් සිරගත කරගෙන සිටීමදැයි නීතිවේදීහු ප්‍රශ්න කරති. සිය විරුද්ධවාදීන් නඩු නොවිමසා පෙති ගසා මරා දැමූ කතෝලික ආගමේ මානව විරෝධි  මධ්‍යකාලීන යුගයට ශ්‍රි ලංකාව ගෙන යාමට ඔහුට අවශ්‍ය වී ඇත්දැයි තවත් අය ප්‍රශ්ණ කරති.

ශ්‍රී ලංකාවට මානව හිමිකම් අවශ්‍ය නැතැයි කළකට පෙර කීවේද මෙම කාදිනල්වරයාමය.

පරීක්ෂණ වලදී සැකකරුවන්ට එරෙහි සාක්ෂි හසුරුවා ඇත්දැයි සොයා බලන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයිද කියනු ලැබේ. ‍‍

මෙළෙස ආගමික නායකයින් සිය ජනයාට මුහුණ දිමට බැරියැයි කියා නඩු තීන්දු වෙනස් කරන්නට ඉල්ලා සිටියහොත් රටක නීතියේ ආධිපත්‍ය මධ්‍යතන යුගයේ මාරක ආගමික ආධිපත්‍ය කරා පල්ලම් බැසිය  නොහැකිදැයි නීති අංශ තවදුරටත් ප්‍රශ්ණ කරති.

රාජපක්ෂවාදි දේශපාලනඥයකු ලෙසද කාදිනල් මැල්කම් රංජිත් නමක් දිනා ගෙන තිබේ. එසේ නොවන්නේ නම් ඇමැතිවරයකු කැඳවා ප්‍රශ්ණ කරන්නට බලයක් කොයින්දැයි ද නීති අංශ විමසති.

ඔහුගේ ක්‍රියාකලාපය සියලු කතෝලිකයින් විසින් අනුමත නොකරන බවත් කතෝලික ආගම මානව හිමිකම් පිළිගන්නා ආගමක් බවත් සඳහන් කරන ලෙස මේ පිළිබඳව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ කතෝලික පියනමක් කියා සිටියේය. විශේෂයෙන්ම වමන් පාප්වහන්සේ කතෝලික පල්ලිය තුළ මානවවාදී දැක්ම ස්ථාපිත කිරීමට උත්සාහ දරත්දී කාදිනල් මැල්කම් රංජිත් මෙළෙස හැසිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පැවැසීය.

Archive

Latest news

Related news