Friday, May 17, 2024

අශිෂ්ඨ දේශපාලනය, කල් ඉකුත් පැනිය, සහ අපාලිත වසංගතය!

ධම්මික පැනිය දැන් කල් ඉකුත් බැවින් තමන්ගෙන් ඒ ගැන නොවිමසන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන අතර මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව බතික් ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

පඅන්ය ගැන  ජනතාවට වැරදි තොරතුරු මගින් ජනතාව නොමග යැවීමට ගත් උත්සාහය නිසා සෞඛ්‍ය ඇමතිවරිිිය සෞඛ්‍ය ඇමැතිනිය සිය ධූරයෙන් ඉල්ලලා අස්විය යුතුව තිබූ නමුත්  මෙරට  ඒවැනි  දේශපාලන සංස්කෘතිය තුල එබඳු ශිෂ්ටත්වයක් නැතිි බව දයාපාල තිරාණගම පවසයි.

ධම්මික පැනියට ප්‍රසිද්ධියේ ආ වැඩු සහ එය පානය කළ වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි සහ උපුල් නිශාන්ත යන ඇමැතිවරුන්ට මේ වන විට වයිරසය අසාදනය වී තිබේ.

එනමුත් රාජපක්ෂ ආණ්ඩුව තවම පැනිය ප්‍රවර්ධනය කරන අතර අපාලිතව රට පුරා පැතිර යන කොවිඩ් වසංගතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත් නොපෙනේ.

කොවිඩ් පාලනය සඳහා දිසා සියල්ලටම යුද හමුදා නායකයන් 25 දෙනෙකු පත් කර දෙසතියක් පමණ ගතවී ඇතත් වසංගතය පාලනයකින් තොරව පැතිර යමින් තිබේ.

යුරෝපය සිය රටවල් අගුලු දමා දේශසිමා පවා වැසීමට සාකච්ජා කරමින් තිබියදී එම රටවලින් සංචාරකයින් ගෙන්වීමට ආණ්ඩුව හදිසි වී තිබේ. මීළඟ සංචාරක කණ්ඩායමක් පැමිණෙන බව කියන ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන දෙරට අතර දේශසීමා වැසීමට ජරිමානු චන්සලර් මර්කල් යෝජනා කර තිබේ. මෙම රටව් වඩාම බියවී ඇත්තේ කොරෝන වයිරසයේ නව ප්‍රභේදයන්ටය.

සංචාරකයින් සඳහා රට විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවෙහිද මෙකී නව ප්‍රහේදයන් පැතිර යාමේ අවධානම ඉහළ යනු ඇත.

පැනිය ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කළ  සෞඛ්‍ය ඇමැතිනියට කොවිඩ් 19 අසාදනය වීම ගැන සමාජ දේශපාලන විශ්ලේෂකයකු වන දයාපාල තිරාණගම මෙසේ පවසයි:

සෞඛ්‍ය ඇමතිනිය ධම්මික පැණියේ අවසානය නිශ්චිත වූ කඩ ඉමක් කරා දැන් ගෙනැවිත් ඇත. ඇයට කොවිඩ් 19 වැළඳීම පිලිබදව මට කිසියම් හෝ ප්‍රමෝදයක් නැත.මට ප්‍රමෝදයක් ඇත්තේ එයින් ලංකාවේ ව්‍යසනයකට පත් ජනතාවක් රැවටීම සහ එම ව්‍යාජ බෙහෙතක් පැටවීමට ගත් උත්සාහය කරුණු සහිතව හෙළිදරවු වීම නිසා තවදුරටත් එසේ රැවටීමට ලක් කිරීම දුෂ්කර වන බැවිනි.

එපමණක් නොවේ. මේ සමග සමාජගත කිරීමට උත්සාහ ගත් කාලිගේ මිථ්‍යාව ද ඉරි තලා ගිය බැවිනි.ධම්මික පැණිය කොවිඩ් වසංගතය ලංකවේ පමණක් නොව විදේශ කොරෝනා නාශක ඖෂධයක් ලෙස පිටරට යැවීමට හැකි බවද කියැවුනි.මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය රජයේ නොයෙක් අංශවලින් පල විය.සමහර විට මෙය ආණ්ඩුවේ කොවිඩ් නාශක ප්‍රතිපත්තිය සමග හා කිරීමේ නිරන්තර උත්සහයක් තිබුණි.

ජයසුමනලා මෙන්ම විමල්විරවංශ ලා බටහිර නොවන විකල්ප පද්ධතින් ගැන දේශනා පැවැත් වුහ.තවත් සමහරුන් අවුරුදු සියගානක් පැරණි බෙහෙත්වල පවතින විශ්වසනීයත්වය ගැන කතා කතා කලේ එහි පවතින කලී මිථ්‍යාව සහ රැවටිල්ල අමතක කරමිනි.අපේ රටේ දැනට පවතින වසංගතයට නුතන විද්‍යාවේ විශිෂ්ට සොයා ගැනීමක් වන එන්නත මිස පැණිය වලංගු නොවන බව අප ප්‍රකාශ කලේ පැනිය මිථ්‍යාව සහ කාලිගේ වට්ටෝරුවක් නිසා මිස ආයුර්වේද බෙහෙත් හෙලා දැකීමට නොවේ.

දැන් ඉතින් පැනිය සඳහා සායනික පරීක්ෂණ අවශ්‍ය නොවන අතර එය තවදුරටත් කොරෝනාව මර්ධනය කිරීමේ ඖෂධයක් ලෙස පෞද්ගලික සහ රාජ්‍ය විද්‍යුත් මාධ්‍යන්ගෙන් ව්‍යාජ වර්ණනාවන් කිරීමෙන් ඇතිවන පලයක් නැත.
වෙන රටක නම් ජනතාවට වැරදි තොරතුරු ජනතාව නොමග යැවීමට ගත් උත්සාහය නිසා සෞඛ්‍ය ඇමතිවරිිිය ඉල්ලා අස්වනු ඇත. ලංකවේ දේශපාලන සංස්කෘතිය තුල එබඳු ශිෂ්ටත්වයක් නැත.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමැතිනියට ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (මුහුණු පොතිනි)

 

Archive

Latest news

Related news