Friday, July 19, 2024

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් ාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන සිටී.

මෙම ජනවාරී 16 වන දින ඔහු අත් අඩංඟුවේ පසුවන 50වන දිනය බවට පත්වේ. ඔහු පසුගිය නොවැම්බර් 28දා අත්අඩංඟුවට ගනු ලැබුණි.

ඔහු අතඅඩංඟුවට ගනු ලැබුයේ පේස් බුක් සටහනක් සම්බන්ධයෙනි. ඔහුට විරුද්ධව ඇති චෝදනාව නම් පසුගිය නොවැම්බරයේ පැවැති දෙමළ අනුස්මරණයන් වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ජායාරූප පළ කිරීමයි. එල්ටීටීය මෙරට තහනම් සංවිධානයක් බැවින් එහි නායක ප්‍රභාකරන්ගේ ජායාරූප පළ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස පොලීසිය අර්ථ නිරෑපනය කරයි.

මෙම නිර්වනය පළිබද නීතිමය තත්වය ව්‍යාකූල බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥයකු පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට උසිගැන්වීම යන්න ද අයත්වන බැවින් අවශ්‍ය නම් ප්‍රභාකරන්ගේ රපය පළ කිරීම වරදක් ලෙස දැක්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් දේශපාලන නිදහසේ අර්ථයෙන් එවැනි ජායාරූප පළ කිරීමට ලොව බොහෝ රටවල් නිදහස ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

ඔහු අත්අඩංඟුවට ගෙන දිගින් දිගටම රඳවා තබාගෙන සිටීම හෙළා දකිමින් ප්‍රකාශක් නිකුත් කරන පැරිස් නුවර මූලික කරගත් ආර්එස්එෆ් නොහොත් “දේශසීමා නැති වාර්තාකරුවෝ” සංවිධානය ඔහු අත්අඩංඟුවට ගැනීම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බවත් ඔහු නිදහස් කරන ලෙස නීතිපති දප්පුල ලිවේරාගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේහි කිසිදු මාධ්‍ය සංවිධානයක් මේ තාක් දුරට මාධ්‍යවේදී මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිට නැත.

ආර්එස්එෆ් හි 2020 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙහි ශ්‍රි ලංකාවට හිමි ඇත්තේ රටවල් 180 න් 127 වන ස්ථානයයි.

සමාජ මාධ්‍යයන්හි දක්වන ලද අදහස් නිසා මෙරට විවිධ පුද්ගලයින් අත්අඩංඟුවට ගෙන ඇතත් ඒ පිළිබඳව නිසි තොරතුරු සොයා ගැනීම එන්න එන්නම දුෂ්කර වෙමින් තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ එළෙස එල්ටීටීඨයට සම්බන්ධ ජායාරූප පළකළැයි මඩකළපුවේ පනහකට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කරන ලදුව 13 දෙනෙකු අත් අඩංඟුවට ගන්නා ලද්දේයැයි තවත් විදෙස් වාර්තාවක දැක්වුනි.

එමෙන්ම සමාජ ජාල සම්බන්ධතා මත නැගෙනහිර මුස්ලිම් ප්‍රදේශයක් වන කාත්තන්කුඩියෙහි තරුණ තරුණියන් 17 දෙනෙකු අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් රඳවාගෙන ඇතැයි තවක් වාර්තාවක් පළ විය.

මෙයට දින දෙකකට පෙර කොලඹ දෙහිවල පසාල් මොහොමඩ් නසීර් නම් මුස්ලිම් ජාතිකයකු පේස්බුක් සටහන් සම්බන්ධයෙන් අත් අඩංඟවට ගන්නා ලදී.

නොවැම්බර් 28වන දින ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කරන ලදැයි යාපනයේ වැඩිම අලෙවියක් සහිත උදයන් පුවත්පතට එරෙහිව පොලීසිය නඩු පවරා තිබේ.

Archive

Latest news

Related news