Tuesday, July 16, 2024

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්)

2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කලේය.

නීතිවේදියකු පමණක් නොව සමාජ ක්‍රියාකාරිකයකුද වූ ප්‍රශාන්ත් භූෂාන් විසින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරන අගවිනිසුරන් හතර දෙනෙකු ඉලක්ක කර යනව ලද ටීවිටයක් නිසාය.

මෙම නඩුව ඉන්දියාවෙහි මහත් විවාදයකටද මුල පිරුවේය. ප්‍රශාන්ත භූෂාන්ගේ ප්‍රකාශනයේ නිදහසට වැට බැදිය යුුතු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෝ පවා අදහස් දැක්වූහ.

නමුත් නඩු තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ අධිකරණය දුෂිත වි ඇත්නම් එය අභ්‍යන්තයේ සාකච්ජා කළ යුතු දෙයක් බවයි.

එසේ වෙතත් අධිකරණය ප්‍රශාන්ත් භූෂාන්ට සමාව යැදීම පිනිස තීන්දුව දීමට නියමිත දිනය වූ අගොස්තු 25දා යළි එම දිනය 31දා දක්වා කල් දමන ලදී.

නමුත් තමා වරදක් කර නැති බැවින් සමාව ඉල්ලීමට සූදානම් නැතැයි ප්‍රශාන්ත් භූෂාන් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය ගැන කනස්සලලෙන් කතා කළ විනිසුරු මිශ්‍රා “සමාව ඉල්ලීම” යන වචනය භාවිතා කිරීමේ වරද කුමක්දැයි අපට කියන්න. සමාව ඉල්ලීම බොහෝ දේ සුව කළ හැකි ඉන්ද්‍රජාලික වචනයකි,” යැයි ද කීවේය.

ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නියම කළේ ඉන්දියානු රුපියලක දඩයකි.

එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිර දඩුවමක්ද වසර තුනක් නීතිවෘත්තියේ යෙදීමද තහනම් කැරෙන බවද තීන්දුවේ සඳහන් විය.

භූෂාන් රුපියල ගෙවමින් කියා සිිටියේ තමන් නඩු තීන්දුව පිළිනොගන්නා නමුත් අධිකරණ නියෝගයකට පිටුපාන්නේ නැති බවයි.

අධිකරණ අපහාසය වෙනුවෙන් දීර්ඝ සිර දඩුවම් නියම කිරීම බෙහෝ රටවල සිදු නොවේ. එනමුත් බොදු බල සේනා නායක ඥණසාර හිමිට අධිකරණ අපහාසය වෙනුවෙන් සය වසරක සිරදඩුවමක් ලබා දෙන ලදී. ඒ අධිකරණය ශාලාවට ඇතුල් වී අධිකරණයට තර්ජනය කීරීමක් සම්බන්ධයෙනි.

ජනාධිපති සිරිසේන විසින් එහිමියනට සමාව දී නිදහස් කරන ලද නමුත් එම සමාව දීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනි සිවිල් සමාජ සංවිධාන අධිකරණයෙහි නඩු පවරන ලද බවද අප මතක තබා ගත යුතුය.

ශ්‍රි ලංකාවේ ආණ්ඩු පමණක් නොව සිවිල් සමාජ කණ්ඩායම් පවා අධිකරණ අපහාසයේ පිහිට පතා තිබේ. රජයේ වෛද්‍ය සංගමයේ ප්‍රධානී අනුරුද්ධ පාදෙනියට විරුද්ධව අධිකරණයට අපහාස කළැයි චෝදනා කරන ලද්දේ ප්‍රසිද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ගාමිනී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසිනි.

Archive

Latest news

Related news