Monday, May 6, 2024

නඩු නැතිව පිල්ලෙයාන් නිදහස් කළ රාජපක්ෂ ආණ්ඩුවෙන් හෙජාස්ට තව දින 90ක රැදවුම් නියෝගයක්

ඡායාරූපය: හෙජාස් දක්ෂතම නීතිවේදියකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගල කළ සමාජ ක්‍රියාකරුවකුද වෙයි.

මඩුකළපු දිසාවෙහි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී වූ ද පාර්ලිමේන්තු මංත්‍රීවරයකුවූද ජෝෂප් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනිමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් නිදහස් කල රාජපක්ෂ ආන්ඩුව නීතිඥ හෙජාස් හිස්බුල්ලාට තව දවස් 90ක රැදවුම් නියෝගයක් පනවා තිබේ.

අපරාධ පරීක්පෂන දෙපාර්ථමේන්තුව අධිකරණයට වාර්තා කළ ඇත්තේ හෙජාස් අතු අඩංඟවට ගන්නා ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැක පිට බවයි. ආණ්ඩු විවේචකයින් කියන්නේ ඔහු අත් අඩංඟුවට ගන්නා ලද්දේ දේශපාලන හේතූන් උඩ බවයි.

පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිල්ලෙයාන් අගමැති මහින්ද රාජපක්ෂ ව්සින් මඩකලපුවෙහි දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලෙස පත් කරන ලද්දේ ඔහු රැඳවුම් බාරයේ සිටියදීමය.

දැන් හෙජාස්ම හිම්බුල්ලාට තවත්  රැදවුම් නියෝගය පනවා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ඇමැති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

පිල්ලෙයාන් නිදහස් කරන ලද්දේ නීතිපති දප්පුල ලිවේරා විසිනි. එසේ නමුත් වසර ගණනාවක් පිල්ලෙයාන්, ජොශප් පරරාජසංහම් ඝාතනය වෙනුවෙන් සැකරුවකු ලෙස රඳවා තබා ගත්තේද දප්පුල ලිවේරා ප්‍රධානත්වය දරන නීතිපති දෙපාර්ථමේන්තුව විසිනි. එළෙස පිල්ලෙයාන් අත් අඩංඟුවට ගැනීම අනුමත කළ නීතිපති දෙපාර්තමෙන්තුවේ ප්‍රධානීන් අද මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පුටුවල වැජඹෙනවා වෙන්නටත් පුලුවන.

2019 අප්‍රෙල් මාසයේදී අත් අඩංගුවට ගන්නා ලද නීතිඥ හෙජාස් හිස්බුල්ලාට විරුද්ධව මේතාක් කිසිදු චෝදනාවක් අධිකරණය ඉදිරියෙහි ගොනු කර නැත. ඊයේ එනම් ජනවාරි 11 දා නිකුත් කරන ලද දින 90 රැදවුම් නියෝගය අනුව 2020 අප්‍රේල් 11 දින දක්වා ඔහු නඩු නොපවරා රඳවා තබා ගත හැකිය. ඔහුට විරුද්ධ චෝදනා එල්ල කර ඇත්තේ රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් පමණය.

මෙම රැදවුම් නියෝගයත් සමඟ හෙජාස් වසරක්ම නඩු නොමැතිව රඳවා තැබීම සම්පූර්ණ වෙයි.

එළෙස නඩු නොපවරා දශකයකට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමේ‍ පනත යටතේ දෙමළ දේශපාලන සිරකරුවන් ගණනාවක්ම ද රඳවාගෙන සිටිති.

තරුණ කිවියකු වන අහ්නාෆ් ජසිම් ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැවට මාස හයකට වඩා කාලයත් නඩු නැතිව රැඳවුම් භාරයේ සිරගත කර ඇත්තේද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය.

හෙජාස් හිස්බුල්ලාට අත්ව ඇති ඉරණම ඉදිරි කාලයෙහි ආණ්ඩු විරෝධීන්ට අත්විය හැකි ඉරණමක පෙරනිමිත්තක් යැයි ආචාර්‍ය දයාන් ජයතිලක ලියා තිබේ.

Archive

Latest news

Related news