Tuesday, July 16, 2024

නීතිපති ජෝෂප් පරරාජසිංහම් ඝාතන නඩුව අතහරී; ඝාතන සැකකරු පිල්ලෙයාන් නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙමගින් ඔහුගේ මරණයද මිනීමරුවකු නැති ශ්‍රී ලංකාවේ සිදුව ඇති දේශපාලන මරණ අතරට එක්වනු ඇත. එමෙන්ම මිනීමැරුමට සැකකාර පිල්ලෙයාන්ට විරුද්ධව කිසිදු නඩු විභාගයක් නොපැවැත්වෙනු ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරණ නිලධාරි නිෂාරා ජයරත්න පවසා ඇත්තේ, එහි තීරණය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මඩකලපුවේ මහාධිකරණයට දන්වා ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි රාජපක්ෂ හිතවාදී දේශපාලනඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ට පසුගිය නොවැම්බර් මාසයේදී අඅප ලබා දෙන ලද්දේ වසර ගණනාවක් එම මිනීමරුම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා ගැනීමෙන් පසුය.

මෙම නඩුව මේ තාක් දුරට පවත්වාගෙන ගියේ ඇයිද යන්නත් එය අතහැර දැමීමට තීරණය කළේ ඇයිද යන්නත් නීතිපති දෙපාර්ථමේන්තුව පැහැදිළි කර නැත.

බැලු බැල්මට මෙය නීතිමය තීරණයතට වඩා දේශපාලන තිරණයක් බව පෙනෙන බව කොළඹ ආරංචි මාර්ග කියයි. දිනෙන් දින පිරිහෙමින් පවතින ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යට මෙමගින් මරු පහරක් එල්ල විය හැකි බවට බව මානව හිමිකම් ආරංචි මාර්ග බිය පළ කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතනය කරන ලද්දේ 2005 දී මඩකළපුවෙහි ආසන දෙව්මැදුරෙහි නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටියදීය. ඔහු දෙමළ සුලුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ උද්ඝෝෂකයෙකු වූ අතර ඔහුගේ මරණය ගැන රාජපක්ෂ පාලනය යටතෙහි පියවරක් නොගැනුනි.

මිය යන විට ඔහු 71වන වියේ පසුවිය. ඔහුගේ බිරිඳ ද ප්‍රහාරයේදී බරපතල තුවාල ලැබූ නමුත් දිවි ගලවා ගත්තාය.

මෙම ඝාතනය කරන ලද්දේ අධි ආරක්ෂිත කලාපයක් තුළදීය. නමුත් ඝාතකයින්ට පැමිණීමට හා බාධාවකින් තොරව යාමට ඉඩ ලැබී තිබුණි.

Archive

Latest news

Related news