Friday, May 3, 2024

ජනපතිගේ අම්පාර ප්‍රකාශය ලසන්ත ඝාතනය පිළිගැනීමක්ද? – ශිරාල් ලක්තිලක

ජනාධිපතිවරයාගේ අම්පාර ප්‍රකාය හා අපරාධමය වගවීම.

ජනාධිපති විසින්ම තමන්ට චරිත දෙකක් ඇති බව අම්පාරේදී කියා තිබේ. එසේ කීමෙන් අපට අනුමිති කීපයකට එලඹීමට  හැකිවන්නේය;

එනම්,

ගෝඨාභය රාජපක්ෂ මහතාට; ( මුල් නම නොකියන්නේ ඔහු එමගින් ලැජ්ජාවට පත්වීම වැලැක්වීමටය)

1. Boarder line personality disorder(BPD) (මනෝභාවයෙහි ස්වයං ප්‍රතිරූපයෙහි සහ හැසිරීමෙහි නාටකාකාර උච්චාවචනයන් පවැතීම යන මෙය බරපතල තත්වයකි)

2. ඉන් එක චරිතයක් දරුනු චරිතයක් බවයි. (රාජපක්ෂ මහතාම එය තහවුරු කරයි)

3. 2010-15 සමයේ සිදුවුයේ යයි වාර්තාවන දරුනු මෙන්ම මනුෂ්‍යත්වයට නිගාදෙන අපරාධ සිදුවු බව අප සියල්ලන් දන්නා කරුනකි.

එම ක්‍රියා සඳහා ඉහත කී දරුනු චරිතයේ පැවැත්ම ඉවහල් වු බව හා ඒ සඳහා බලපැමක් පැවති බව ජනාධිපති වරයා ඉඟි කරයි.

එසේ කරුනු යෙදුනේ තමන් ආරක්ෂක ලේකම් ධුරය දරමින් සිටි අවධියේදී බව ජනාධිපතිවරයා කියා සිටී. නමුත් දැන් තමන් එදා පෙන්වමින් සිටි මුහුනුවරට වෙනස් මුහුනුවරක් පෙන්වන බව කියා සිටී. ( එහ රඟපැමක් නම් ඇතිවන තත්වය හා BPD මානසික තත්වයක් නම් ඇතිවන තත්වය පිලිබඳව වෙනමම සාකච්ඡා කල යුතුව තිබේ)

4. වර්තමාන ජනාධිපති ලෙස මෙතෙක් ගෙවනුයේ තමාගේ අහිංසක චරිතය බවත්, අවශ්‍යනම් තමන්ගේ දරුනු චරිතයට ඔනෑම මොහොතක අවතීර්න විය හැකි බවයි.

5. ඒ සඳහා මහා සංඝරත්නයේ ද සමාජයේ ද විශාල ඉල්ලුමක් පවතින බවය. (මෙම සාධකයද වෙනම සාකචඡා කල යුතුය)

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාෂයේ අනාගතවාචී බව කෙසේවෙතත් ( අපට එයට මුහුනදීමටම සිදුවනු ඇත) අතීත වාචීව මෙම ප්‍රකාෂයේ හරය අතිමහත් ලෙස වැදගත් වන්නේ ලාංකික අපරාධ ඉතිහාසයේ නොවිසඳුනු අපරාධ ගණනාවකටම අදාළව දැනට පවතින ප්‍රෙහෙලිකාවන් ගණනාවක්ම විසඳා ගැනීමටය. එම නිසා අහඹුවකින් හෝ කල මෙම ප්‍රකාෂය අතිශය වැදගත් ප්‍රකාශයක් වන්නේය.

ඒ අතර වන ප්‍රධානතම ප්‍රෙහෙලිකාව වන්නේ වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. ලාංකික අධිකරනය තුල එය තවමත් නොවිසඳුන නඩුවකි.

නමුත් අම්පාර ප්‍රකාශනය හා ලසන්තගේ දියණිය අමරිකාවේ දී පැවරු නඩුවට රාජපක්ෂ මහතා ගොනු කල විත්ති වාචකය එක්තැන් වු කල පවතින ප්‍රෙහෙලිකාව විසඳාගත හැකි යයි මට සිතේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට එරෙහිව ලසන්තගේ දියණිය අමරිකානු අධිකරනයක් ඉදිරියේ ගොනු කල නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් වරයා සිය විත්තිවාචකය ගොනු කරමින් කියා තිබුනේ එම ක්‍රියාව ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමට යටත්වන ක්‍රියාවක් නිසා තමන්ට එම ඝාතනය පිලිබඳව අපරාධ වගකීමක් ආරෝපනය නොවන බවයි. එසේම රාජ්‍යට හිමිවන මුක්තියෙන් තමන්ද ආවරනය ලබන බවයි.

නමුත් වර්තමාන ජනාධිපතිවරයා අම්පාරේදී සිදු කල ප්‍රකාශයට අනුව ලසන්ත ඝාතනයට එවකට ශ්‍රී ලංකා රජය වගකිව යුතු යයි අමරිකානු අධිකරණයට කල ප්‍රකායට දැන් තේරුමක් ලබා දී තිබේ. එනම් එම රජයේ ක්‍රියාවට නායකත්වය දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා බව ජනාධිපතිවරයා අම්පාරේ දී කල ප්‍රකාය අනුසාරයෙන් කෙනෙකුට තර්ක කල හැකිව තිබේ.

ඒ අනුව අම්පාර ප්‍රකාෂය මත රාජපක්ෂ මහතාට ලසන්ත ඝාතනය පිලිබඳව වගවීමක් ආරෝපනය වන්නේ යයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

(Shiral Lakthilaka FB)

Archive

Latest news

Related news