Tuesday, July 16, 2024

විද්වත් වෛද්‍ය වෘත්තිකයනට සවන්දී කොවිඩ්-19 ආසාදිත මළවුන් භූමදානයට අවසර දිය යුතුය – සිවිල් සමාජ ප්‍රකාශයක්

Image Credit: Getty Images.

රජය ශ්‍රී ලංකාවේ සුප්‍රකට වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි- සිවිල් සමාජයේ ප්‍රකාශය

(2021 ජනවාරි 04) පහත අත්සන් කරන සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් වන අපි ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගනිමු . එබැවින් එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන් ආදාහනය කිරිමේ පිළිවෙත වහාම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

පවතින විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොවිඩ් -19 ආසාදිත මෘත දේහ භූමදානයට අවසර දිය හැකි බව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ වයිරස් විශේෂඥයන් සහ වෛද්‍ය ආයතන පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ජනවාරි 2 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෘත දේහයක් තුළ වයිරස් ආසාදනය වන මට්ටමින් පැවතීමේ හැකියාව අඩු බැවින් කොවිඩ් -19 ආසාදිත මෘතදේහ භූමදානය අනුමත කළ හැකි බවත් කොවිඩ් -19 ආසාදිත මෘතදේහ භූමදානයෙන් මහජන සෞඛ්‍ය විපතක් සිදුවිය හැකි බවට ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් ඉදිරිපත් වූ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවත් ය.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) 2020 දෙසැම්බර් 31 වැනිදා මීට සමාන ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කර සිටියේ කොවිඩ් 19 සම්බන්ධයෙන් දැනට පළ වී ඇති විද්‍යා පර්යේෂණ පත්‍රිකා 85000ක් අතරින් එකක වත් මළ සිරුරකින් වයිරසය වැළඳීමක් ගැන වාර්තා නොවන බවය. භූගත ජලය ඔස්සේ වයිරසය පැතිරීම පිළිබඳ බිය ප්‍රතික්ෂේප කරමින් CCPSL ස්ථාවරය දක්වන පත්‍රිකාව කියා සිටින්නේ ” SARS- CoV-2 වයිරසය භූගත ජලය ඔස්සේ සෘජුව පැතිර යන බවට කරන ලද පරීක්ෂණ විද්‍යාත්මකව හරයාත්මක ලෙස ඔප්පු වී ති බවයි. එමෙන්ම පානීය ජලය ඔස්සේ වයිරසය පැතිරෙන බවටද විදයාත්මකව සඳහනක් නැති බවයි ”

ලෝක ප්‍රකට ප්‍රමුඛ පෙළේ වයිරස් විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස විතාරණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ වලින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ රජයේ ස්ථාවරය අභියෝගයට ලක් කරමින්ද ආරක්ෂිතව මෘතදේහ භූමදානය කිරිමට සහය දක්වමින් වාද කර ඇත.

කොවිඩ් -19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානයෙන් ඇති වනවාට වැඩි අවදානමක් ආසාදිත රෝගින්ගේ මළ මුත්‍රා ආදියෙන් ජලය දූ ෂණය විමෙන් ඇතිවන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයත් තර්ක කර ඇත.

මෙකී හරයාක්මක හා බලධාරීමය වෛද්‍ය උපදෙස් හමුවේ පහත අත්සන් කරන අප රජයෙන් ඉල්ලා සිටින්නේ කොව්ඩ් -19 ආසාදිතව මියගියවුන්ගේ සිරුරු භූමදානයටත් ආදාහනයටත් ඉඩ දීමට වහාම පියවර ගන්නා ලෙසය.

2020 මාර්තු 31 දක්වා මෘතදේහ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මෙය වූ අතර එදින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනපේක්ෂිත ලෙස නිකුත් කරන ලද මාර්ගෝපදේශ මගින් කොවිඩ් 19 මෘතදේහ ආදාහනය පමණක් කළ යුතු බව අවධාරණය කරන ලදී. පසුකාලීන මාධ්‍ය වාර්තා සහ සිවිල් සමාජ සංවිධාන ප්‍රකාශවලින් පෙන්වා දෙන ලද්දේ මෙකී ප්‍රතිපත්තිය වයිරසය ආසාදිත බවට සැක කෙරෙන මෘතදේහ සම්බන්ධයෙන්ද අදාල කරගන්නා බවයි.මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක , එක්සත්ජාතින්ගේ විශේෂ නියෝජිත හා නිත්‍ය මානව හිමිකම් කොමිසම මෙන්ම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා රාමඤ්ඤ මහා නිකාය ආදී ශ්‍රී ලාංකිය ආගමික නායකයන් කිහිප දෙනෙකු ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාකාරින්ගේ බොහෝ ඉලීලම් හා ප්‍රකාශ නොතකමින් රජය හිතුවක්කාරී ලෙස අදාල ප්‍රතාපත්තිය පවත්වාගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකාවේම වෛද්‍ය ප්‍රජාව කොවිඩ් -19 ආසාදිත මෘතදේහ භූමදානයට සහය දක්වන වාතාවරණයක් තුළ රජයට තවදුරටත් ශ්‍රී ලංකාවේ ආගමික සුළුතර ජනතාවට වෙනස්කොට සැළකීමක් වන ” ආදාහනය පමණකි’ යන ප්‍රතිපත්තිය පවත්වාගෙන යෑමට අවස්ථාවක් නැත.

බලහත්කාරයෙන් ආදාහනය කිරිමේ ප්‍රතිපත්තියෙන් ඇතිවන ගැඹුරු ආගමික හා සංස්කෘතිකමය බලපෑම ඉහත සඳහන් කළ වෛද්‍ය සංගම් දෙක විසින්ම පිලිගනු ලැබ ඇත. එය අන්තර් ප්‍රජා සහජීවනයට හා සංහිදියාවට බලපෑම් ඇති කරනවා පමණක් නොව බරපතල මහජන සෞඛ්‍ය හා සුවතා ගැටලු වලටද තුඩුදිය හැකිය.
මෘතදේහ සමග කටයුකු කිරීම, අවමංගල්‍ය චාරිත්‍රවලට සහභාගි විම සහ සමාජය ඒකරාශිවීම් මගින් කොවිඩ් 19 ව්‍යප්ත වන බවට ඇති විද්‍යාත්මක සාක්ෂි අපි පිළිගන්නෙමු . එබැවින් එබඳු ක්‍රියාකාරකම්වලට සාධාරණ සිමා පැණවිමට සහය දක්වන්නෙමු. අතීතයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන් ඒ වැනි පියවරයන්ට නිසැකවම සහය දක්වනු ඇතැයි අපි විහ්වාස කරමු.

ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැතිව රජය විසින් අනුගමනය කරනු ලබන බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ඇතැම් ආගමික ප්‍රජාවන්ට පීඩාවක් හා වේදනාවක් ගෙනදී ඇති බැවින් එය වහාම නතර කළ යුතුය. එබැවින් වෛද්‍ය ක්ෂේත්‍රයේ ගෞරවනීය පුද්ගලයන් හා ආයතන විසින් ප්‍රකාශවන නිරනුමාන හා සුපැහැදිලි උපදෙස්වලට සවන්දෙන ලෙසත් ස්වකීය මළවුන් භූමදානය කිරිමට බලාපොරොත්තු වන ආගමික සුළුතරයට හා අනෙක් කණ්ඩායම්වලට ඒ සඳහා ඉඩ දෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

අත්සන් කළේ-
Individuals
1. A.M. Ranawana
2. A. Somalingam
3. Amalini de Sayrah
4. Ambika Satkunanathan
5. Anithra Varia
6. Anne-Marie Fonseka
7. Annouchka Wijesinghe
8. Anthony Jesudasan – Human Rights Defender
9. Anthony Vinoth
10. Anuratha Rajaretnam
11. Anushani Alagarajah
12. Aritha Wickramasinghe
13. Bishop Duleep de Chickera
14. Bishop Kumara Illangasinghe
15. Channaka Jayasinghe
16. Deekshya Illangasinghe
17. Dinusha Panditaratne
18. Dr. Jehan Perera
19. Dr. K. Guruparan – Attorney- at-law
20. Dr. Lionel Bopage
21. Dr. Mario Gomez
22. Dr. P. Saravanamuttu
23. Dr. Radhika Coomaraswamy
24. Dr. Tara de Mel
25. Fr. Manoj Rasanjana
26. Fr. Terence Fernando
27. Geethika Dharmasinghe
28. Gehan Gunatilleke
29. Godfrey Yogarajah
30. Gowthaman Balachandran
31. Ian Ferdinands
32. Joanne Senn
33. K.J. Brito Fernando
34. Kshama Ranawana
35. Kumudini Samuel
36. Lasantha Ruhunage
37. Mahishaa Balraj
38. Marisa de Silva
39. Midushaun Rhodes
40. Nagulan Nesiah
41. Nahdiya Danish
42. Nethmini Indrachapa Medawala
43. Nilshan Fonseka
44. Niran Wirasinha – Reconciliation and Peace Desk
45. Niyanthini Kadirgamar
46. P. Muthulingam
47. P.N. Singham
48. Philip Dissanayake
49. Prabodha Rathnayaka
50. Prof. Jayadeva Uyangoda
51. Prof. S. Ratnajeevan Hoole
52. Prof. Sumathy Sivamohan
53. Professor Chandraguptha Thenuwara
54. Ralston Weinman
55. Rev. Andrew Devadason – Vicar, St . Paul’s Church, Milagiriya
56. Rev. Asiri P Perera (Former President Bishop Methodist Church Sri Lanka)
57. Rev. Dr. Jayasiri Peiris
58. Rev. Fr. F. C. J. Gnanaraj (Nehru)
59. Rev. Fr. Jeyabalan Croos
60. Rev. Fr. Nandana Manatunga
61. Rev. Fr. Rohan Peries
62. Rev. Fr. Sarath Iddamalgoda
63. Rev. Marc Billimoria
64. Rev. Sr. Deepa Fernando
65. Rev. Sr. Nichola Emmanuel
66. Rev. Sr. Noel Christine Fernando
67. Rev. Sr. Rasika Pieris
68. Ruki Fernando
69. Ruwan Laknath Jayakody
70. S. Thilipan
71. S.C.C. Elankovan
72. Sajini Wickramasinghe
73. Sakuntala Kadirgamar

Archive

Latest news

Related news