Monday, November 25, 2024

කොවිඩ් අරමුදල කොට්ටෙ යටද? අපේ සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට රැගෙන එන්න – විමුක්ති ව්‍යාපාරය

ජායරූපය: ඕමානයේ අතරමංව සිටින මෙම ලාංකික ස්ත්‍රිය තමන් වැනි පිරිස් ලංකාවට ගෙන්වා ගැන්නැයි අයැද සිටිමින්  නිකුත් කළ කෙටි වීඩියෝව වයිරස වේගයකින් සමාජ ජාල අතර පැතිර ගියේය. මුහුණූ පොතෙහි එය හය දහස් වාරයකට වඩා බෙදා ගැනුනි. හැඩු කඳුලින් ඇය එහි කියන්නේ මව්රට ඒම පිනිස නොදන්නා පිරිමන්ට ඇඟ  විකිනීමට සමහර ලාංකික සංක්‍රමණික ස්ත්‍රීන්ට සිදුව ඇති බවයි.

“පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපති කාර්යාලය විසින් වාර්තා කළ පරිදි ආයතනික පරිත්‍යාග, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු ආධාරයෙන් ‘යුතුකම’ කෝවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 (බිලියන එකයි මිලියන හයසිය පනස් නවයක් හා පහළොස් දහසක් එකසිය තිස් දෙකක්) වූ අතර මසකට පසු, ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව අරමුදලෙන් රුපියල් මිලියන 400 ක් එතෙක් වියදම් කර තිබුණි.

අතරමංව සිටින බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි අප විමසන්නෙමු.” යැයි මැද පෙරදිග රටවල අතරමංව සිටින සංක්‍රමණික කම්කරුවන් වහා මෙරට ගෙන්වන්නැයි ලංකාණ්ඩුව වෙත ලිපියක් යවන විමුක්ති ව්‍යාපාරය නම් ක්‍රියාකාරීන්ගේ එකමුතුවක් ඉල්ලා සිටී.

එම ලිපයට විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් හිමිකම් ක්‍රියාකාරිනියන්නම දෙනෙකු අත්සන් තබා තිබේ.

එම ලිපිය පහත පළවේ.

වෙත:
ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති
මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අගමැති
පියන්කර ජයරත්න, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී

ශ්‍රී ලංකා රජය, අපේ සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට රැගෙන එන්න!

අන්තර්ජාතික කම්කරු සංවිධානයට අනුව සංක්‍රමණික ශ්‍රමිකයින් සමස්ත අපනයන ඉපැයීම් සඳහා ඉහළම දායකත්වය ලබා දී ඇති අතර 2018 වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% කට ආසන්න ප්‍රමාණයකට දායක වී තිබේ. කෙසේ වෙතත්, කොවිඩ් -19 අර්බුදය ඇති වූ විට, රජය විසින් අතහැර දැමූ පළමු අය අතර සංක්‍රමණික කම්කරුවන් ද විය. මාස ගණනාවක් පුරා ඒ සඳහා විවිධ හේතු දක්වනු ලැබුණි. නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ ඔවුන්ය. මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා දායක වීමට මේ දක්වා අපේ රජය අපොහොසත් වී තිබේ. ඒ කොවිඩ් අරමුදලෙන් රජය බිලියන 1.6 කට වඩා ලබාගෙන තිබියදීත් ය.

සංක්‍රමණික කම්කරුවන් මාස කිහිපයක් තිස්සේ රැකියාවක් නොමැතිව සිටින අතර, ඔවුන්ට දිවි ගලවා ගැනීම සඳහා අතිශය දුෂ්කර පියවර ගැනීමට සිදුව තිබේ. ඊළඟ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන පිළිබඳ පුවත බලාපොරොත්තුවෙන් ඔවුන් උද්‍යානවල නිදා සිටිති. අදාළ රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාල, සුභසාධන සංවිධාන හෝ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විසින් තාවකාලිකව හා ඔවුන්ගේ අභිමතය පරිදි ආධාර ලබා දී තිබේ. බොහෝ දෙනෙක් තවමත් අතරමංව සිටින අතර, නැවත සියරට පැමිණිය හැකි වේලාවන් පිළිබඳ පිළිතුරු හෝ නව තත්වයන් පිළිබඳව සොයන විට තානාපති කාර්යාල විසින් ඔවුන්ව හරවා යැවීම ද ඔවුන් විසින් අත්විඳ තිබේ.

ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා රජය විසින් අරමුදල් ලබා නොදෙන හෙයින්, බොහෝ දෙනෙකුට වරලත් ගුවන් ගමන් සඳහා අධික මුදලක් ගෙවීමට සිදු වී තිබේ. සමහර කාන්තාවන්ට මෙරටට පැමිණීමේ ගුවන් ගමන සඳහා මුදල් එකතුකර ගැනීම සඳහා ලිංගික වෘත්තීන්ට යොමුවීමට සිදුව ඇතිබව පීඩාවට පත් කම්කරුවන්ගේ වීඩියෝවල සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මෙම කම්කරුවන්ගේ පවුල් මේ ගුවන් ගමන් සඳහා මුදල් යෙදවීමට සිය ඉඩකඩම් විකුණමින් සිටින බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය මාස කිහිපය තුළ දිවි ගලවා ගැනීමෙන් පසු බොහෝ වෙහෙසට පත්ව සිටින ඔවුන් සීමිත ඉපැයීම් සහිතව නැවත නිවසට යන විට, විශාල ණය බරකින් හා ශ්‍රී ලංකාව තුළ විරැකියාවෙන් ද පෙළෙන්නට සිදුවන බවට සැකයක් නැත.

හෝටලයක දින 14 ක නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට නොහැකි නිසා මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා තානාපති කාර්යාල විසින් තමන්ට ප්‍රමුඛත්වය නොදක්වන බව කම්කරුවන් පවසයි. ඔවුන්ගේ සමහර සේවා යෝජකයින් විසින් ටිකට් පත් සඳහා ගෙවීම් කිරීමට කැමැත්තෙන් සිටින නමුත්, නොමිලේ රජයේ නිරෝධායන පහසුකම් සඳහා පහසුකම් සැලසීමට සිදුවන බැවින් ඔවුන්ව පසෙකට කොට නිරෝධායනය සඳහා මුදල් ගෙවිය හැකි පුද්ගලයින්ට පැමිණීමට අවසර දීම සිදුවේ.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් 4 ක් සහ අබුඩාබියේ සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 1 ක් ක්‍රියාත්මක කොට තිබේ. මෙම ගුවන් ගමන්වල සම්පූර්ණ ධාරිතාවෙන්, සාමාන්‍යයෙන් සංක්‍රමණික කම්කරුවන් 60 දෙනෙකුට ගුවන් යානයකින් ආපසු සිය මව්බිමට පැමිණීමට හැකි වී ඇති අතර, අබුඩාබියේ සිට පැමිණි ගුවන් යානාවෙන් 25 දෙනෙකු රැගෙනවිත් තිබේ. මෙසේ ‘ආපසු ගෙදර යෑමට’ හැකි වූයේ ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ ගමන් බලපත්‍රය සඳහා මුදල් ගෙවීම නිසා නොව, මෙම කම්කරුවන්ට ගෙදර යාමට ප්‍රවේශ පත්‍ර සඳහා අනුග්‍රහය දැක්වීමට පෞද්ගලික පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වූ නිසාය.

ශ්‍රී ලංකා රුපියල් 62,000 (LKR) ට සමාන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 1,200 ක් වන සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වටිනාකම අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ඩුබායි සිට නැවත පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ හිතවතුන් විසින් වියදම් කර තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපති කාර්යාලය විසින් වාර්තා කළ පරිදි ආයතනික පරිත්‍යාග, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු ආධාරයෙන් ‘යුතුකම’ කෝවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 (බිලියන එකයි මිලියන හයසිය පනස් නවයක් හා පහළොස් දහසක් එකසිය තිස් දෙකක්) විය.

මසකට පසු, ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව අරමුදලෙන් රුපියල් මිලියන 400 ක් එතෙක් වියදම් කර තිබුණි. අතරමංව සිටින බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි අප විමසන්නෙමු.

වසංගතය ආරම්භයේ සිටම මෙම කම්කරුවන් සඳහා රජය විසින් ප්‍රමුඛතාවය ලබා දී නැති අතර, මෙරටට ගෙන්වා ගැනීමේ න්‍යාය පත්‍රය තුළ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවයන් අනුව ඔවුන්ව ශ්‍රී ලාංකික සිසුන්ට පසුව ප්‍රමුඛතාගතකර අවසන් ස්ථානයට දමා තිබේ. මෙම කම්කරුවන් තවමත් විදේශයන්හි අතරමංව සිටින අතරතුර නියමු ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම ආරම්භ කිරීම කිසිසේත් පිළිගත නොහැකිය.

අප ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ:

1. සංක්‍රමණික කම්කරුවන් විශාල සංඛ්‍යාවක් ආදායමක් නොමැතිව සිරවී සිටින එක්සත් අරාබි එමීර් රාජ්යය, සවුදි අරාබිය, කටාර්, ඕමාන්, කුවේට්, ලෙබනනය, ජෝර්දානය සහ වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම.
2. කෝවිඩ් සහන අරමුදල භාවිතා කරමින් සංක්‍රමණික සේවකයින්ගේ මෙම ගුවන් ගමන් සඳහා ආපසු පැමිණීමට අරමුදල් සැපයීම.
3. නොමිලයේ ලබාදෙන රජයේ නිරෝධායන පහසුකම් තුළ ඔවුන්ට නවාතැන් ලබාදීම.
4. නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට අපොහොසත් සංක්‍රමණික සේවකයන්ට නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් තුළ දී ප්‍රමුඛතාවය අඩු නොකිරීම.

අත්සන් කලේ:
මරිසා ද සිල්වා
අමලිනි ද සයිරා
මෙගාරා ටෙගල්
ස්වස්තිකා අරුලිංගම්
ගීතිකා ධර්මසිංහ
ලක්මාලි හේමචන්ද්‍ර
රස්මා රම්සි
සාරා අරුමුගම්
විමුක්ති ද සිල්වා
• විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන්

Archive

Latest news

Related news