Tuesday, July 16, 2024

විද්වත් කමිටුවෙන් කොරෝන අන්තවාදීන්ට මරු පහරක්! රාජපක්ෂලා දෙකට දෙවාරමේ!!

විද්වත් කමිටුවෙන් කොරෝන අන්තවාදීන්ට මරු පහරක්! රාජපක්ෂලා දෙකට දෙවාරමේ!!

කොරොන වයිරසයට ගොදුරු වී මිය යන පුද්ගයින්ගේ අවසන් කටයුතු ආරක්ෂිතව සිදුකිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව කොරොන අන්තවාදීන්ට මරැ පහරක් එල්ල කර තිබේ.

කමිටු වාර්තාව ඉතා පැහැදිළිව කියන්නේ එවැනි මළසිරුරු අදාහනය මෙන්ම භූමිදානයද ආරක්ෂිත බවයි.

අදාහනය පමණක් යැයි අඩබෙර ගැසූ රාජපක්ෂවරු දැන් මේ වාර්තාව නිසා දෙකට දෙවාරමට පත්ව සිටිති.

මෙම නිර්දේශ පිළිපැදීමට රාජපක්ෂ ආන්ඩුව සූදානම්ද යන්න තවම අපැහිදිළිය. රාජපක්ෂ දේශපාලන පදනමෙහි සටන්කාමී බළඇනියක් වන රණකාමී සිංහල අන්තවාදී පිරිස් කොවිඩ්19 අසාදිත මළ සිරුරු භූමිදානය කිරීමට මාරාන්තික විරෝධයක් දක්වති. එම බලවේගයේ ප්‍රධාන දේශපාලන ඉලක්කයක් නම් මුස්ලිම් විරෝධය පැතිරවීමයි.

ඔවුන් කියා සිටින්නේ කොවිඩ් අසාදිත මළසිරුරු භූමිදානය කිරීමට අවසර දුනහොත් ආන්ඩුවද ඒ සමඟ වළ දමන බවයි.

මෙම කමිටුව පත් කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් පසුගිය දෙසැම්බර් 24 දාය. එහි ප්‍රධානත්වය උසුළන ලද්දේ ක්ෂ්‍රදු ජීව විද්‍යා මහාචාරීනි ජෙනිපර් පෙරේරා විසිනි.‍ කමිටුවට වයිරස් රෝග විශේෂඥ වෛද්‍යවරුන් නම දෙනෙකුද තවත් ක්ෂුද්‍ර ජීවවිද්‍යා මහාචාර්‍යවරියක වන නිලීකා මලවිගේද ඇතුළත් විය.

නව කොරොන වයිරසය ජලයෙන් බෝවන බවට සාක්ෂි නැති බව පෙන්වා දෙන විද්වත් කමිටුව කොවිඩ්19 අසාදිත මළ සිරුරු භූම්දානය කරන්නේ නම් කාන්දුවීම් වැලැක්වීම පිනිස ආවරණ දෙකකින් යුතු ආරක්ෂිත මළසිරුරු බැග් පාවිච්චි කරන ලෙස ලෙස නිර්දේශ කරයි.

පසුගිය දින ගණනාට පුරා රාජපක්ෂවාදී යම් යම් පිරිස් අදාහනය පමණක් යන පිළිවෙත අවිද්‍යාත්මක බව පෙන්වා දෙමින් සිටිති. මහාචාර්‍ය තිස්ස විතාරණ ද ඩිව් ගුණසේකරද ඥණසාර හිමිද ඒ අතර වෙති.

Archive

Latest news

Related news