ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මිලිටරිකරණ පිළිවෙත ඉදිරියට ගෙනයමින් මෙරට දිස්ත්‍රික්ක25ම සඳහා ජෙනරල්වරුන් විසිපස්දෙනෙකු පත්කර තිබේ. මේ අතර මේජර් ජෙනරල්වරු, බ්‍රිගේඩියර් ජෙනරල්වරු සහ කරනල්වරු වෙති.
නිල නිවේදනයේ දැක්වෙන්නේ එම පත්වීම්කර ඇත්තේ කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීමට බවය.
මෙම සියලු දෙනාම පත් කර ඇත්තේ යුදහමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා යටතේ ඇති යුද හමුදාවෙන් පමණක්වීමද විශේෂයකි.
මෙම පත්කිරීම් කර ඇත්තේ මෙරට ඉතා හොදින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ජාලයක් තිබියදීය. ලෝකයේ කිසිම රටක මෙළෙස කොව්ඩ් පාලනය යුද හමුදාවට පවරා නැත. මෙම පියවර රටෙහි සිවිල් පාලනය මිලිටරිකරණය කිරීමේ භයානක පියවරක් විය හැකි බවට දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
ප්‍රථම වටයේ කොව්ඩ් 19 රැල්ල ඉතා හොදින් පාලනය කළ සෞඛ්‍යසේවා ප්‍රධානීන් ඉවත් කරන ලද අතර දැන් සමස්ත කොවිඩ් පාලන මෙහෙයුම යුද හමුදාව අතට මෙමගින් පත්වෙයි.
මෙම පත්කිරීම් පිළිබද පහත පළවන නිල නිවේදනය යුද හමුදා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.
බ්‍රහස්පතින්දා (31) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් පසුගියදා ජෙනරල් නිලයට උසස් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් පැවැති හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයෙන් අනතුරව අදාළ දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ලබාදීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි.
ඒ අනුව, නව පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන් කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරනය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.
දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.