Friday, May 3, 2024

ඝාතනය කළ පුතකු වෙනුවෙන් මවකගේ ඉල්ලීම: “වෙන කාටවත්ම මෙහෙම නොවෙන්න මහර හිරගෙදර ඒ මිනීමරුවන්ට දඩුවම් දෙන්න” (වීඩියෝ)

” මේ අපරාධය කළ අයට දඩුවම් දෙන්න. එයාල අතේ තුවක්කු තිබුණේ නැහැනෙ. වෙඩි තියපු කව්රු හරි ඉන්න ඕන. ඔවුන්ට දඩුවම් කරන්න. එතකොට වෙන කාටවත් මේ වගේ ඉරණමත් උරුම වෙන්නේ නැතිවෙන්න” යැයි බන්ධනාගාරයේදී වෙඩි තබා ඝාතනය රැදවුම්කරුවකුගේ මවක් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

ඇය ඝාතනය කරන ලද ලහිරු නිමන්ත නම් රැදවුම්කරුගේ මව වේ.

පසුගිය නොවැම්බර් 29දා කොවිඩ් 19 සඳහා ආරක්ෂාව ඉල්ලා මහර බන්ධනාගාරයේ ඇතිවූ උද්ගෝෂනයක දී රැදවුම්කරුවන් 11 දෙනෙකු ඝාතනය කරන ලද අතර සියයට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මරණ පරීක්ෂන අවසන් එළෙස ඝාතනය වූ හතර දෙනාම වෙඩ් තබා මරා දමන ලද බව දැන් අනාවරණය වී තිබේ. ඉතිරි මරණ පරීක්ෂන පිළිබඳ වාර්තා තවම අධිකරණයට ඉදිරිපත්ව නැත.

එම වීඩියෝව පහතින්.

Archive

Latest news

Related news