Friday, May 17, 2024

එංගලන්තයේ පැතිර යන කොරොන වයිරසයේ නව ප්‍රභේදය: කෙසේද? කුමක්ද? කොයිබටද?

කොරොන වයිරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එංගලන්තයට දැඩි සීමා කිරීම් පැනවීමට සිදුව ඇති බව දැන් අප හැම දනිමු. මෙම වයිරසය ගැ අප දන්නා වැදගත්ම දෙය නම් එම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවයි. එහි සම්ප්‍රෙක්ෂන හැකියාව බොහෝ ඉහළ ගොස් තිබේ.

තවමත් වයිරසයේ මෙම ප්‍රභේදය ගැන දන්නා දෙයාට වඩා නොදන්නා දේ වැඩිය.

බියවීමට අවශ්‍ය නැහැ

එසේ නමුත් වෛද්‍ය මූලාශ්‍ර දක්වන්නේ මෙම නව ප්‍රභේදය නිසා තවමත් විශේෂ බියකට පත්විය යුතු නැති බවයි.

මෙම ප්‍රභේදය මුලින්ම වාර්තා වී ඇතතේ පසුගිය සැප්තැම්බරයේදී වුවත් එහි භයාකනකම ගැන වාර්තා පළ වන්නට ගත්තේ පසුුගිය සතියේය. ඊට එක් හේතුවක් නම් දැනට ලංඩනයෙහි කොරොන වයිරසය අසාදි පිරිස් අතරින් සියයට 70කට වඩා නව ප්‍රභේදයට ගොදුරුව ඇති බව සොයා ගැනීමය.

සෑම වයිරසයක්ම වාගේ විකෘතීන්ට භාජනය වෙති. සාමාන්‍යයෙන් සෑම මසකට වරක්ම වයිරසයක් විකෘතියක් ඇතිකර ගනී. නමුත් එවැනි එක් විකෘතියකට දැනෙන වෙනසක් කළ නොහැක. නමුත් විකෘති ගණනාවක් එක්වීම මගින් වයිරසයක බලපෑම වෙනස් විය හැක. විකෘතීන් යනු මිනිසාට වඩා ඉදිරියෙන් සිටීමට වයිරසය සතු සහජ හැකියාවයි.

ආවේ කොහෙන්ද?

මෙම ප්‍රහේ්දය ඇතිවීමට බලපෑ විකෘතිය කෙසේ සිදුවන්නට ඇත්දැයි තවම නිශ්චිත නිගමනයක් නැතත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයකුගේ සිරුරෙහිදී සිය ආක්‍රමණික ස්වභාවය උග්‍ර කැරෙන මෙම විකෘතියකට වයිරසය භාජනය වන්නට ඇතැයි මත ප්‍රකාශ වී තිබේ. ප්‍රතිශත්තිය අඩු සිරුරකදී වයිරසයට තමාගේ අනසක වැඩිපුර පිහිටුවා ගැනීමට හැකිය.

එය ප්‍රථමයෙන් සිදුවන්නට ඇත්තේ ලංඩනයේදී ද වෙනත් රටකදීද යන්න ද ස්ථිර නැත.

මෙම නව කොරෝන වයිරස ප්‍රභේදය සිය රටවල්ට ව්‍යාපාතවීම වැළැක්වීමට යුරෝපා රටවල් ගණනාවක්ම බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් නතර කරන ලද්දේ පසුගිය සති අන්තයේය.

සාධක තුනක්

මෙම නව කොරෝන වයිරස් ප්‍රභේදය කරුණු තුනක් එකට එකතු කරයි.

පළමුවෙන් වයිරසයේ අනෙකුත් අනුවාදයන් වේගයෙන් ප්‍රතිස්ථාපනය කරයි.

දෙවනුව එය වයිරසයට කොටසක් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරයි.

තෙවනුව එය ආසාදනය වීම වයිරසයට ඇති හැකියාව වැඩි කරයි.

වඩාත් පහසුවෙන් පැතිර යා හැකි කොරෝන වයිරස ප්‍රභේදයක් ඇතිවී තිබෙන්නේ මේ සියල්ලම එකට එකතු වීමෙනි.

නව ප්‍රභේදය පිළිබඳ මූලික විශ්ලේෂණයන් මගින් පෙන්වන්නේ  වැදගත් වෙනස්වීම් 17 ක් කොරෝන වයිරසය තුළ සිදුව ඇති බවයි.

ස්පයික් වෙනස

වයිරසය වටා ඇති උල්වැනි ස්පයික් ප්‍රෝටීන වල වෙනස්කමක් සිදුව තිබේ. අපගේ ශරීරයේ සෛල වලට දොර ඇරීමට වෛරසය භාවිතා කරන යතුර මෙයයි. එමගින් වයිරසයට ශෛලවලට ඇතුළුවීම පහසු කරවයි. මෙය සමහර විට තීරනාත්මක අනුවර්ථනයක් විය හැකි යැයි කියනු ලැබේ.

නව ප්‍රභේදය ලබා ගෙන ඇති තවත් අනුවර්ථනයක් නම් එයට ගොදුරුව සුවය ලැබූ අය තුළ ඇති ප්‍රතිදේහ වලට මුහුණ දීමට ඇති හැකියාව ඉහළ නංවා ගැනීමයි. ඉන් අදහස් වන්නේ යළිත් වරක් අසාදනයවීමට ඇති ඉඩකඩ ඉහළ යාමය.

පරීක්ෂන පවත්වන විදෆඥයින් කියා ඇත්තේ මෙම අනුවර්ථනය කණස්සල්ලට හේතුවක් බවයි.

මෙම අනුවර්ථයන් මගින් බිහිව ඇති නව ප්‍රභේදය වඩා මරාන්තිය බවට තමව සාක්ෂි නොමැත. නමුත් එහි සම්ප්‍රේක්ෂන හැකියාව ඉහළ යාම නිසා රෝහල් තදබදවීම ඉහළ යනු ඇත.

එන්තත වැඩ කරයිද?

දැනට දක්නට ඇති ප්‍රභේදයට එරෙහිව මේ වන විට නිපදවා ඇති එන්නත් ක්‍රියා කරනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. මන්ද යත් එන්නත මඟින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයේ විවිධ කොටස් කිහිපයකට පහර දීමට පුහුණු කරන බැවිනි. එබැවින් ස්පයික් වල කොටසක් විකෘති වී ඇතත් එන්නත් සාර්ථක වනු ඇතැයි විශ්වාස කැරේ.

අනෙක් අතට දැනට ඇති ප්‍රමුඛ පෙළේ එන්නත් තුනම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් වර්ධනය කරන්නේ වයිරසයේ පවත්නා උල් නොහොත් ස්පයික් වලට එරෙහිව බැවින් වයිරසයෙහි ස්පයික් අනුවර්ථනය වන්නට වුවහොත් ප්‍රශ්ණයක් බවට පත්වීමට ඉඩ ඇතැයිද කියැවේ.

සමහර විද්‍යාඥයින් කියන්නේ මෙමගින් වයිරසය එන්නකින් ගැලවීමේ මාවතක ගමන් කළ හැකි බවත් මෙය ඒ සඳහා පළමු පියවර විය හැකි බවත්ය.

වෛරසය දැගටම අනුවර්ථනයවී නව ප්‍රභේදයන් බවට පත්වන්නට පටන්ගත් විට එන්නත්හි බලපෑම අඩුවී යළි යළි අසාදනයට මඟ පෑදිය හැකිය.

එවිට උණ රෝගය හා සමාන තත්වයකට කොව්ඩ් 19 පත්විය හැකිය. වැනි තත්වයකදී එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතු වෙයි. වාසනාවකට මෙන් ලොව සතුව ඇති කොවිඩ් 19 එන්නත් වැඩි දියුණූ කිරීම දුෂ්කර නැත.

දැනටමත් ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්නය සහ නෙදර්ලන්තය යන රටවලට බ්‍රිතාන්‍යයෙන් මෙම නව කොරෝන වයිරස ප්‍රභේදය ගමන්කර ඇතැයි වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ මතුවී ඇති ඒ හා සමාන ප්‍රභේදයක මේහා සමාන විකෘති කිහිපයක්ම දැක ඇති නමුත් එයට බ්‍රිතාන්‍ය ප්‍රභේදය සමඟ සම්බන්ධයක් ඇති බවක් වාර්තා වී නැත.

මෙයට පෙරද කොරොන වයිරසය විකෘති මගින් නව ප්‍රභේදයන් බවට පත්ව තිබේ. චීනයේ වුහාන් හි ප්‍රථම වරට අනාවරණය කරගත් වෛරසය අද ලෝකයේ බොහෝ තැන්හි දකින වයිරසයට වඩා වෙනස්ය.

D614G නම් විකෘතිය පෙබරවාරි මාසයේදී යුරෝපයේ මතුවූ අතර පසුව එය වයිරසයේ ප්‍රමුඛ ගෝලීය ස්වරූපය බවට පත්විය.

A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය පැමිණයේ ස්පාඥයේ ගිම්හාන නිවාඩු ගතකළ ජනයා අතුරිිනි.

(බීබීසී ලිපියක් අසුරිණි. ඍජු පරිවර්තනයක් නොවේ.)

Archive

Latest news

Related news