Tuesday, July 16, 2024

විසිපස් හැවිරිදි ජනමාධ්‍යවේදිනියක සහ ස්ත්‍රී ක්‍රියාකාරිනයක මානව හිමිකම් දිනයේදී වෙඩි තබා ඝාතනය කරයි.

ලෝක මානව හිමිකම් දිනයේ දී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගාර්හාර් පළාතේදී ජනමාධ්‍යවේදිනියක සහ ස්ත්‍රී අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වෙඩි තබා ඝාතනය කරන ලදී.

මලාලා මයිවාන්ඩ් නම් වූ ඇය එන්කාස් ටීවී සහ ගුවන්විදුලියේ කාන්තා රූපවාහිනී වාර්කතාකාරියක සහ ප්‍රවෘත්ති සංස්කාරිකවරියක විය.

මිය යන විට ඇය විසිපස් හැවිරිදි වියෙහි පසුවිය.

මලාලා මයිවාන්ඩ්ගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ  නැගෙනහිර නන්ගාර්හාර් පළාතේ පිහිටි සිය නිවසේ සිට ජලලාබාද්හි රැකියාවකට යාමට පිටත්ව වූ අවස්ථාවෙහිදීය . මලාලා සහ ඇගේ රියදුරු මොහොමඩ් තාහීර් යන දෙදෙනාම එතැනම මිය ගියහ.

වෙඩි තැබීමෙන් පසු ඝාතකයින් පලා පලා ගිය අතර මෙම ඝාතනයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්) භාරගන්නා ලදී. ඇය “ආණ්ඩුවට වෑඩකරන” මාධ්‍යවේදිනියක් ලෙස අයිසිස් විසින් හෙළා දැක ඇත. ඝාතනයට හේතුව ලෙස දක්වා ඇත්තේ එයයි.

2018 වර්ශයේදී ඒනිකස් රැපවාහිනී නාලිකාවේ අයිතිකරු කප්පම් ලබා ගැනීම සඳාහා පැහැර ගන්නා ලදී.

නන්ගාර්හාර් අයිඑස් සටන්කාමී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර එහි සිවිල් වැසියන්ට මෑතකදී එල්ල වූ ප්‍රහාර බොහොමයක වගකීම එම කණ්ඩායම භාරගෙන තිබේ.

ඝාතකයින් විසින් මාධ්‍යවේදිනී මලාලාගේ ඝාතනය කරන ලද්දේ කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ ගෝලීය වාර්ෂික දින 16 ක්‍රියාකාරී ව්‍යාපාරයේ අවසාන දිනයේදීය.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙසද මලාලා ප්‍රසිද්ධව සිටි අතර ඇෆ්ගනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදීන්ට ඇති අභියෝග පිළිබඳව දේශනයක් ද පවත්වා තිබුණි. ඇය මෙන්ම ස්ත්‍රී ක්‍රියාකාරිනියක වූ ඇගේ මව මීට වසර පහකට පෙර නාඳුනන ප්‍රහාරකයින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

සිය මව අඅන්තවාදී පිරිස් විසින් ඝාතනය කර තිබියදීත් ඇප්ගනිස්ථානයේ අනතුරුදායක රැකියාවක් වන ජනමාධ්‍යවේදය මලාලා තොර්රා ගත්තේ එමගින් සමාජයට යහපත් පණිවිඩයක් දීම පිනිසය.

ඇය ඝාතනය කිරීමට දෙසම්බර් 10වන දිනම තෝරා ගැනීම ස්ත්‍රී අයිතිවාසිකම් වලට මෙන්ම මානව අයිතිවාසිකම්වලට ද අයිසිස් සංවිධානය දක්වන වෛරයේ සංකේතයක් යැයි විචාරකයෝ කියති.

2020 දී ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ සිව්වන මාධ්‍යවේදියා/මාධ්‍යවේදිනිය මලාලා ය. 2019 වර්ශයේදී එරට ඝාතනය කරන ලද මාධ්‍යවේදීනි සහ මාධ්‍යවේදිනියන් ගණන හයක් විය.

Archive

Latest news

Related news