Saturday, April 20, 2024

අදාහනය කරන මුස්ලිම් කොවිඩ් වින්දිතයින් වෙනුවෙන් රු.60,000ක් ඉල්ලයි!

පුස්තකාල ජායාරූපයකි.

ආන්ඩුව විසින් පවුල්වල කැමැත්ත නොවිමසා බලයෙන් ආදාහනය කරන කොවිඩ් අසාදිත මුස්ලිම් අයගේ මරණ සඳහා  එම පවුල් වලින් ” පෙට්ටිය සහ අලු ” සඳහායැයි රුපියල් 60,000 බැගින් ඉල්ලා ඇතැයි හිටපු පාර්ලිමෙන්තු මංත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා ප්‍රකාශ කරයි.

ඔහු ප්‍රකාශ න්නේ පසුගිය 28 දින මියගිය මාලිගාවත්ත සහ කොම්පඤඤවීදිය යන පෙදෙස්වැසියන් තිදෙනෙකු සදහා මෙම මුදල් ගෙවන ලෙස දන්වා ඇති බවයි. එමෙන්ම එම දේහයන් ආදාහනය කිරීම සඳහා බාරකරුවන්ගේ කැමැත්ත බලයෙන් ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එසේ නමුත් මෙම පවුල් තුනම සිය ඥාතින් ආදාහනය කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම හෝ ඔවුන්ට දරාගත නොහැකි තරම් අධික මුදල් ප්‍රමාණයක් ලබාදීමට ප්‍රතික්ෂේප කර තිබේ. පසුව පොලිසිය කැඳවනු ලැබූ නමුත්, එම පවුල් සිය ස්ථාවරය වෙනස් නොකලේයැයිි ඔහු තවදුරටත් සඳහන් කරයි.

මේ අතර ආන්ඩුවේ කොවිඩ් අරමුදලට ලැබුණු මිලියන 1000ක් පමණ තවමත් වැය නොකර තබා ගෙන සිටින ආන්ඩුව මිය යන සෑම කොවිඩ් අසාදිතයකු වෙනුවෙන්ම ඥාතීන්ගෙන් මීනී පෙට්ටිව සදහා මුදල් අය කිරීම සමාජ ජාලයන්හි දැවැන්ත විවේචනයකට ලක්ව තිබේ.

මේ අතර, කෝවිඩ් 19 හි වින්දිතයින් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම විකාරයක් බව අධිකරණ අමාත්‍ය ඕල් සැබ්රි පවසයි. ඒ සිය පේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

ඔහු එමගින් කියා සිටින්නේ ශ්‍රි ලංකාවටත් වඩා අඩු ජල මට්ටමක් ඇති රටවල්ද අතුළුව රටවල් 194ත කොවිඩ් අසාදිතයින් භූමිදානයට ඉඩ සළසා ඇති බවයි.

ඔහු මෙසේ පශ්ණ කරයි:

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා නම්,

ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම්,

රතු කරුස සංවිධානය කියනවා නම්,

අපේම මානව හිමිකම් කොමිසම කියනවා නම්

තවත් මොනවද ඕන?

මේක විකාරයක්!

එසේ නමුත් ආන්ඩුව තවමත් මුස්ලිම් කොවිඩ් අසාදිතව මරණයට පත්වන පුද්ගලයින් බලයෙන් ආදාහනය කරයි.

එපමණක් නොව කොවිඩි නිසා මියයන මුස්ලිම් අය භූමිදානයට ඉඩ දුන්හොත් ආන්ඩුව පෙරළන බවට සමහර අන්තවාදී භික්ෂුහු තර්ජනය කරති. එමෙන්ම ඔහුගේ  ඇමැති මණ්ඩල සගයින් වන විමල් වීරවංස වැන්න්න පවා අලි සබ්රිට පහර දෙයි.

 

Archive

Latest news

Related news