Friday, April 26, 2024

අතුරුදහන් වූ අයගේ පවුල්වලට යෝජිත මාසික 6000 දිමනාව සඳහා අයවැයේ ප්‍රතිපාදන නැහැ – බ්‍රිටෝ ප්‍රනාන්දු

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අන්තර්වාර වාර්තාව විසින් යෝජනා කරන ලද අතුරුදහන්වූවන්ගේ පවුල්වලට මාසිකව රු.6000ක් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවෙහි ප්‍රතිපාදන වෙන් කර නැති බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව වෙනුවෙන් අගමැතිවරයා වෙත ලිපියක් යවමින් එහි සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙයි.

සිය  ලිපියෙහි දි 1989 වසරෙහි මහින්ද රාජපක්ෂ විසින් ද නායකත්වය දී දකුණේ අතුරුදහන්වූවන් පිළිබද කරන ලද උද්ඝෝෂන මතකයට නංවන බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටින්නේ අඩුම වශයෙන් තමා  පෙනී සිටි පවුල්වලට මෙකී සහනාධාරය ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

2019 වසරේ යහපාලන ආණ්ඩුව විසින් මේ සඳහා වෙන් කරන ලද මිලියන 500න් එළෙස ලබාදී ඇත්තේ රුපියල් මිලියන 11ක් පමණක් බවත් එම ලිපිය සඳහන් කරයි.

ලිපිය මෙහි දැක්වේ.


Archive

Latest news

Related news