Wednesday, April 24, 2024

2020 ජූනි සිට නොවැ දක්වා පොලිස් අත්අඩංගුවේදී මදූශ් ඇතුළු මරණ අටක් – මානව හිමිකම් කොමිසම

පසුගිය ජූනි මාසයේදී සිට මේ  දක්වා පොලිස් අතු අඩංගුවෙහි සිටි පුද්ගලයින් අට දෙනෙකු මරණයට පත්ව ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒම තත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙස  වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

මෙම අටදෙනා අතර මදුෂ් ද වේ.

මෙම තත්වය දිගින් දිගටම පැවැතීම රටෙහිි නීතියේ ආධිපත්‍ය පවත්වා ගෙන යෑමට බාධාවක් බවද මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

මේ අතර බන්ධනාගාර කොමසාරිිිිස් වරයාා වෙත ලිපියක් යවමින් සහරාන් හසීම්ගේ බිරිඳ වන පතීමා සාදියා ගේ ආරක්ෂාව වහාම තරකරන  ලෙසද ඉල්ලා සිට තිබේ. ඇයගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

මෙම ලිපි දෙකටම අත්සන් කර ඇත්තේ කොමිසමේ සාමාජිකාවක වන රමණී මුත්තෙට්ටුවගම විසිනි.

 

Archive

Latest news

Related news