Saturday, April 20, 2024

තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ගිනි සිලුවක්වන් සංක්‍රාන්ති ලිිංගික “ඩ්‍රැග්” රැජින

අවුන්චලී. ඡායාරූපය reuters.

තිතටම හරියන වේශ නිරූපණයෙන්ද සහ විලාසිතා සංදර්ශන ඇඳුමින්ද සහ සමරිසි සාඩම්බරයේ පෙනුමින් ද සපිරුණු අවුන්චලී පොකින්වුතිපොබ් සංකේතවත් කරන්නේ තායිලන්තයේ නැගී එන ආණ්ඩු වෙනසක් සදහා වූ මහජන විරෝධතා හුදෙක් ඒම ඉල්ලීමට වඩාදුර ගමන් කරන බවයි.

26 හැවිරිදි අවුන්චලී යනු ඩ්‍රැග් රැජිනක්ද සහ රියැලිටි රූපවාහිනී වැඩසටහන් ජයග්‍රාහිකාවක් ද වෙයි. නැගී එන තරුණ විරෝධතා රළ පෙළහි ඉහළම තැනක් අල්ලා ගෙන ඇති ඇය, සමලිංගික විවාහ සහ සමරිසි අයිතීන්, ද්වීලිංගික මෙන්ම සංක්‍රාන්ති ලිංගික අයිතීන් සඳහා ප්‍රබල අරගලයක් දියත් කිරීමේ බලාපොරොත්තුවද ඇතිව මිලිටරියට හා රාජකීය සංස්ථාපිතයට එරෙහිව තායිලන්තය සොලවමින් නැගී එන තරුණ පෙළපාලි ගිනියම් කරන්නීය.

තායිලන්තයේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී අරගලය සියළුම සමාජ සංස්කෘතික සුලුතර ප්‍රජාවන්හි අයිතීන් ද සිය බැනරයට එක් කරගෙන ඇති අතර සමරිසි ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් අරගලයේ පෙරමුණෙහිම සිටිති.

අරගලයෙහි කැපී පෙනෙන නායකයකු වන ශිෂ්‍ය ක්‍රියාකාරි තැතෙප් රුවාන්ප්‍රපායිකිත්සාරි තායි දේශපාලනයේ කේන්ද්‍රීය වේදිකාවට පිවිසියේ සිපගැනීමක් සමඟිනි.

පසුගිය දෙසැම්බරයේ සමලිංගික විවාහ අයිතිවාසිකම් වෙනුවෙන් උද් උද්ඝෝෂනය කරමින් සිටියදී පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සිය පෙමවතා සිප වැලඳ ගත්තේය. එය සම්ප්‍රදායවාදීන් කම්පනයට පත් කරමින් නමුත් සමාජ මාධ්‍ය කුණාටුවක් ඇති කළේය.

තැතෙප් රුවාන්ප්‍රපායිකිත්සාරි දේශපාලන විද්‍යාව හදාරයි. (Photo: Reuters)

දැන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයේ නායකයෙකි.

ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන පුළුල් ඉල්ලීම් සමඟ,සමරිසි අයිතීන් පමණක් නොව සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට වෙනස් කොට සැලකෙන නීති සහ ප්‍රතිපත්ති වෙනස් කිරීමට රජය අපොහොසත් වීමට එරෙහි අරගලය ද දැන් ඒකාබද්ධ වී තිබේ.

අපට ඇත්ත වශයෙන්ම මානව අයිතිවාසිකම් අවශ්‍යයි. අපට එය දිගු කලක් තිස්සේ අවශ්‍ය වී තිබෙන දෙයක්. අරගලය කතා කිරීමේ නිදහස වගේම සමාන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්ණයක්” යැයි ඇන්චලී යන ප්‍රසාංගික වේදිකා නාමයෙන් වඩාත් පරිසිදු ඇය පවසයි.

මෙය තායිලන්තයේ නව පිබිදීමකි. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට මෙවැනි අවස්ථාවක් තිබුණේ නැත.

අවුන්චලී විරෝධතාවයේ සංකේතය වන මැදගිලි තුන ඔසවමින්. ඡායාරූපය reuters

බොහෝ විට කළු ටී ෂර්ට් තෝරා ගන්නා ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ සාගරය මැද අවුන්චලීගේ ඇඳුම් කැපී පෙනේ: තායි රාජකීය ගැමි නර්තන ශිල්පියෙකුගේ රන් චාඩාඔටුන්න සමඟ ගැලපෙන ඇදුමකි. දේදුනු කුඩයක්ද පීත්ත පටියකින් සහ තදින් බැදුණු සිල්ක් සායක්, සුදු කමිසයක් සහ ලෙදර් කැප් එකක්.

මිලිටරි පාලනයට සහ රාජාන්ඩුවේ අත්තනෝමතික බලයට එරෙහිව මෙකී උද්ඝෝෂන ආරම්භ වුයේ ජූලි මාසයේදීයෙ.

දශක ගණනාවක් පුරා එරට මිලිටරිය දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යන අතර රාජාන්ඩුව එහිම අත්‍යන්ත කොටසක් බවට පත්ව තිබේ.

උද්ඝෝෂන විශ්ව විද්‍යාල, විද්‍යාල සහ පාසල් වලින් ආරම්භ වී මහජන ව්‍යාපාරයක් බයට වර්ධනය විය. දැන් උද්ඝෝෂණයන්හි ආයාචනය පුළුල් වී ඇති අතර, තරුණ පරම්පරාව විවෘතභාවය සහ නිදහස් ඉල්ලා සිටිති.

කම්මල්කරුවකු වැඩිමහල් පුතා ලෙස උපත ලැබූ අවුන්චලී ඇගේ රාජාණ්ඩුවාදී පියා සමඟ දැන ්සම්බන්ධයක් නොපවත්වයි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, අනන්‍යතාවය සහ විරෝධතාවලදී ඇයගේ භූමිකාව පිළිබඳව ඔහු දරන්නේ විරුද්ධ අදහස්ය.

කැබරට් සංදර්ශනවල රඟපෑම පිනිස අවුන්චලී වයස අවුරුදු 15 දී පාසලෙන් ඉවත් වී බැංකොක් බලා පිටත්ව ගියේ ය.

අවුන්චලී සමාජ ශාලාවක රඟදක්වයි. ඡායාරූපය reuters

ඇය 2018 දී නගරයේ පැට්පොං ප්‍රදේශයේ බාර්වල රඟ දැක්වීමට පටන් ගත් අතර, සංචාරකයින්ගේ ආකර්ෂණය, වැඩි ආදායමක් උපයා ගැනීම සහ රියැලිටි වැඩසටහනක් වන “ඩ්‍රැග් රේස්” හි රඟපෑමට අවස්ථාව ලබා ගත් ඇයගේ සමාජ මාධ්‍යය ජනප්‍රියත්වය විරෝධතාවලට එක්වීමෙන් පසුව එය තවදුරටත් පුළුල් වූ තිබේ.

සිය රටෙහි ජනතාවගැන තැකීමක් නොකරන ආන්ඩුව ඉවත් කිරීමට තමන ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව බව කියා සිටී.

මෙම උද්ඝෝෂන රට වඩාත් නිදහස කරා තල්ලු කිරීමටත්, සමරිසි ප්‍රජාවට ජනතාවට ඇති බාධක ඉවත් කිරීමටත් කළකින් ලැබෙන කවුළුවක් බව ඇය විශ්වාස කරයි.

හැමට සමාන ආකාරයකින් ක්‍රියාත්මක වන නීතියක් ද සමානාත්මතාවය සහ යුක්තිය ද අපට අවශ්‍යයි,” අවුන්චලී කියයි.

අරගලය අවසන් නැත. රාජාන්ඩුවද මිලිටරියද දැවැන්ත මර්දනයක් මුදා හැර තිබේ. එසේ නමුත් උද්ඝෝෂන යටපත් කිරීමට තවමත් මර්දනය සමත් වී නැත.

තරුණියන් අරගලයේ පෙරමුණෙහිම

 

 

 

 

Archive

Latest news

Related news