Friday, May 3, 2024

දරුවන් නිරෝධායනයට; වැඩිහිටි මව මරණයට

සිය දියණියගේ පවුලේ සාමාජිකයින් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී නිරෝධායන රැගෙන ගිය පසු නිවසේ හුදෙකලාව ජීවත් වූ මවක් සියදිවි නසාගෙන තිබේ.
 
පසුගිය 7 වෙනිදා මෙලෙස මියගොස් ඇත්තේ ජාඇල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේ නිවසක හුදෙකලාව ස්වයං නිරෝධායනය වෙමින් සිටි ජයකොඩි ආරච්චිගේ මේරි මැටිල්ඩා නම් 72 හැවිරිදි මවකි. ඇයගේ දියණියකගේ ස්වාමිපුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්, ප්‍රවාහන කරනු ලබන රථයක රියැදුරකු ලෙස සේවය කර තිබේ. පසුගියදා එම කම්හලේ අයට සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා රෝගය ධනාත්මකවීමෙන් අනතුරුව
එම පවුලේ සාමාජිකයින්ට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී රියදුරුගේ දියණියටද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
 
මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත්වී පවුලේ ඉතිරි පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර ආසාධිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති අතර වයෝවෘද්ධ මවට නිවසේ තනිව ඉන්නට උපදෙස් ලබාදී ඇත. පවුලේ සාමාජිකයින් නොමැතිව හුදෙකලාව මෙලෙස ස්වයං නිරෝධායනය වෙමින් පවතින අතරවාරයේ එම කාන්තාව අධික ලෙස කලකිරීමෙන් සිට මෙලෙස දිවිනසාගැනීමට ඇතැයි සැක කෙරේ. ඇයගේ දේහය පශ්චාත් මරණ පරික්‍ෂණ කටයුතු හා පී.සී.ආර්. පරීක්‍ෂණවක් සඳහා ජාඇල පොලිසිය විසින් රාගම රෝහලට යොමු කර ඇත
( ලංකා ට්රුත්)

Archive

Latest news

Related news