Thursday, March 28, 2024

රැදවුම්භාරයේ සිටියදී ළග ළගම මියගිය හතරවැන්නා මොණරාගලින්: සිරකරුවකුට මැරෙන තුරු පහර දෙති.

පසුගිය මාසය තුළ ලංකාණ්ඩුවේ රැදවුම්භාරයෙහි සිටියදී මියගිය හතර වැන්නා  නොවැම්බර් 03දා මොණරාගලින් වාර්තා වී තිබේ. මෙම මරණ හතරම අයත්වන්නේ නීතියෙන් පිට කරන ලද මිනීමැරුම් ගණයටය.

මෙසේ මිය ගොස් ඇත්තේ මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටි ‘මැස්සා’ නම් අන්වර්ථනාමයෙන් හදුන්වන ලද  උපුල් නිශාන්ත නම් අම්පාර වැසියකු වූ   සිරකරුවෙකි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ එම සිරකරුට බන්ධනාගාර නිලධාරීන් දෙනෙකු විසින් පහරදුන් බවට වාර්තා වී ඇති බවයි.

එයට පෙර තමන් සිර මැදිරියෙන් පිටතට ගැනීමට පමා වූවායැයි එම සිරකරු විසින් වෙනත් නිලධාරියකුට පහර දී ඇතැයි කියැවෙන අතර  පසුව එම සිරකරුට පහර දී ඇත්තේ ඊට පළිගැනීමක් වශයෙනි. එම පහර දීමෙන් ඔහු මිය ගොස් තිබේ. පහර කෑමට ලක් වූ නිලධාරියා ද රෝහල් ගත කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් කිරීම පිනිස සඳහා බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා පත්කර ඇතැයි ද වාර්තාවේ.

මෙයට පෙර පොලිස් අත්අඩංගුවෙහි සිටි මාකඳුරේ මධුශ් ඝාතනය කරන ලද අතර පොලිස් සිර මැදිරි තුලදී තවත් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.

2020 ඔක්තෝබර් 31 වන දින නවගමුව පොලිසියේ රැදවුම් කුටියක දී සැකකරුවෙකු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළේ මරණය ගැන තමන්ට සැක බවයි.

ඔක්තෝබර් 11 වන දින  ගයාන් පුෂ්ප්කුමාර් (21) නම් තවත් තරුණයෙකු වන පුගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැරදි අනන්‍යතාවයක් මත අත්අඩංගුවට ගන්නා ලද අතර පහරදීම් වලින් පසුව මිය ගොස් තිබුණි.

මොනරාගල බන්ධනාගාරයේ පහරදීම පිළිබඳව පළ වූ වාර්තාවේ පීඩීඑෆ් ගොනුව:මොනරාගල බන්ධනාගාරයේ ගැටුමක් – බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහර කා ‘මැස්සා’ මියයයි – ColomboXnews

 

Archive

Latest news

Related news