Saturday, April 20, 2024

නිරෝධායන පිළිවෙත් පාරදෘශ්‍ය කර මධ්‍යස්ථාන සහ අධිකාරිය නම් කරන්න – මානව හිමිකම් කොමිසම

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකායේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලවා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කෝවිඩ් 19 සම්බන්දයෙනන් කැරෙන නිරෝධායන ක්‍රියාවළිය සදහා සිය නිර්දේශයන් ඉදිරිපත් කර තිබේ.

එම විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා සියලු උත්සාහයන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පැසසුමට ලක් කරමිනි.

එමෙන්ම වර්තමානයේ රට මුහුණ දී සිටින අසාමාන්‍ය සෞඛ්‍ය හදිසි අවස්ථාවකදී මහජන සෞඛ්‍යය හා මහජන සාමය සඳහා මහජනතාවගේ නිදහස සහ නිදහස සීමා කිරීමේ අවශ්‍යතාව කොමිසම විසින් අඛණ්ඩව පිළිගන්නා බවද එය සඳහන් කරයි.

COVID-19 වසංගතය පැතිරීමේ භීතිය යළිත් මතුවීම හේතුවෙන් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය වී ඇති බව කොමිසම නිරීක්ෂණය කර ඇති බවත් එම ක්‍රියාවලියට අදාළව විවිධ පැමිණිලි සහ උත්සුකයන් තමන් වෙත ලැබි ඇති බවද එහි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන්, මීට පෙර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලද කොවිඩ්19 පළමු සම්බන්ධතා සහිත පුද්ගලයින් ආසාදිත රෝගීන් නිවසේදීම නිරෝධායනය කිරීම හොදම තෝරා ගැනීම බව කොමිසම පිළි ගන්නා බවද කොමිසම තවදුරටත් සඳහන් කරයි.

පොදු මහජනතාවගේ උත්සුකයන්ට නිසි සැලකිල්ලක් දැක්වීමක් වශයෙන් කොමිෂන් සභාව පහත සඳහන් මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ:

නිරෝධායන ක්‍රියාවලිය නීතිය යටතේ විධිමත් කළ හැක්කේ කෙසේද යත්:

(i) “නිසි අධිකාරිය” විසින් බලතල පැවරීමේ විනිවිදභාවයක් ඇති කිරීම

(ii) රෝග පරීක්ෂාව සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ට බලය පැවැරීම

(iii) නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති ස්ථාන සහ ඒවයේ අධිකාරිය නම් කිරීම.

(iv) අවශ්‍ය නිරෝධායන කාලය පැහැදිලි කිරීම.

(v) නිරෝධායනය සඳහා හේතුව, ඔවුන් රැගෙන යන ස්ථානය සහ හුදකලා ක්‍රමයක් කස් කිරීම;

(vi) නිරෝධායන මධ්‍යස්ථාන බාහිර පරීක්ෂාව, විශේෂයෙන් “නිසි අධිකාරිය”ක් මගින් කිරීම

(vii) අසාදිතයින් වෛරසයක අවාසනාවන්ත වින්දිතයින්ට වඩා ඔවුන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීම නතර කිරීම පිනිස නිරෝධායනය හසුරුවන්නන් විසින් එම කටයුතු මාධ්‍ය වෙත දැනුම් දීම තහනම් කිරීම

නිරෝධායන ක්‍රියාවලිය මගින් පනවා ඇති දුෂ්කරතා ද අවම කිරීමට කොමිසමේ අදහස් ඉදිරිපත් කර තිබේ.

(i) නිරෝධායන කාල සීමාව වැටුප් සහ රාජකාරී නිවාඩු ලෙස සහතික කිරීම;

(ii) නිරෝධායනයෙහි යෙදී සිටින අයගේ පවුල් සඳහා මූල්‍ය හෝ වෙනත් ආධාර ලබාදීම සහතික කිරීම;

(iii) පුද්ගලයෙකු නිරෝධායනය කළ වහාම ග්‍රාම නිලධාරි වෙත දැනුම් දීම;

(iv) නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් පවුල්වල අවදානමට ලක්ව සිටින යැපෙන්නන් අතහැර දමා ඇති තත්වයන් තුළ, නිසි බලධාරීන් දැනුවත් කිරීම ඇතුළුව අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට අවශ්‍ය සියලු සහය ග්‍රාම නිලධාරි හරහා ලබා දීම සහතික කිරීම.

මෙම නිර්දේශයන්, COVID-19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කිරීම හෝ පොදුවේ මහජන සෞඛ්‍යයට අහිතකර වන පරිදි ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගත හැකි පරිදි නිර්වචනය නොකළ යුතු බව ද කොමිසම‍ෙ අවධාරණය කර තිබේ.

කොවිඩ් 19 රෝගීන් සමඟ පළමු සම්බන්ධතා සහි පුද්ගලයින් නිවාස නිරෝධායනය යටතේ තැබීමෙන් ඉහත ලැයිස්තුගත කර ඇති බොහෝ ගැටළු ඉවත් කරනු ඇති නමුත් අනාගතයේදී නිරෝධායන ක්‍රියාවලීන් නැවත ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම් අනුගමනය කිරීම පිනිස මෙම නිර්දේශ නිකුත් කර ඇත.

Archive

Latest news

Related news