Friday, May 17, 2024

නිරෝධායන හෝටල් සේවකයින්ට පීසීආර් පරීක්ෂන නැහැ.

ජායාරූපය: ජෙට්වින්ග් හෝටල් සමූහයම දැන් කොවිඩ් නිරෝධායනයට වෙන් කර තිබේ.

කොවිඩ් අසාදිත පුද්ගලයින් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යන හෝටල් සමූහයක සේවක පිරිස්හි සෙෘඛ්‍ය ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නැතැයි වාර්තාවේ.

එවැනි සෑම හෝටලයකටම අවම වශයෙන් සොල්දාදුවන් හය දෙනෙකු සහ යුද හමුදා සාත්තු සේවකයකු අනුයුක්ත කර ඇති අතර ඒ කණ්ඩායමේ ආහාර පාන ලබා දීමට හෝටලය විසින් කළ යුතුව තිබේ.

රඳවා සිටින කොවිඩ් අසාදිත පුද්ගලයින් සුව වී ගිය පසු එම කාමර පිරිසිදු කිරීම ද කළ යුතුව ඇත්තේ හෝටල් සේවකයින් විසිනි. පාවිච්චි කරන ලද ඇඳ ඇතිරිලි මෙන්ම තුවා යනාදියද ඔවුන් විසින් පිරිසිදු කළ යුතුව තිබේ.

එසේ නමුත් මෙම අනතුරුදායක කාරියක නිරතවන සේවක සේවිකාවන්ට පීසීආර් කොවිඩ් පරීක්ෂණය කර දීමට හෝටල් බලධාරීන් හෝ ආන්ඩුව හෝ පියවර නොගන්නා අතර අවශ්‍ය නම් මුදල් ගෙවා එම පරීක්ෂන කරගන්නා ලෙස දන්වා තිබේ.

මේ අතර විදේශයන්හි සිට මෙළෙස පැමිණෙන මෙම පිරිස් සිය ගුවන් ටිකට් පත් මිලදී ගත යුත්තේ ආණ්ඩුවේ තරුණ ඇමැතිවරයකුගේ මාමණ්ඩිය සතු ට්‍රැවල් ඒජන්සියකින් බවත් වාර්තා වේ. සෑම ටිකට් පතක් සඳහාම අවම වශයෙන් සියයට 5 සිට සියයට 7ක් දක්වා කොමිස් මුදලක් මෙම ඒජන්සියට ලැබෙන බවද වාර්තාවේ.

මෙළෙස හෝටල්හි නිරෝධායනය පිනිස පුද්ගලයින් යොමු කිරීම ආණ්ඩුවට හිතවත් මුහුදු කටයුතු බාර ආයතනයකට බාර දී ඇති බවත් එම ආයතනයට මාසිකව විශාල කොමිස් මුදලක් හෝටල් විසින් ගෙවිය යුතු බවත් හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Archive

Latest news

Related news