Friday, May 17, 2024

“කොරෝනා ඉවරයි කියළ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලොක්කෙක් කිව්වා” – රවි කුමුදේශ්; පරීක්ෂණ ප්‍රතිපල පමාව බරපතලයි!

ඡායාරූපය: ඇදිරි නීතිය බලාත්මකවීමටත් පෙර බස්නාහිර පළාත රැකවල් ලන හමුදා පිරිස් ( ඉකොනොමි නෙකස්ට්)

තම සංගමය නව කොරෝනා වසංගතය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය විට එහි ප්‍රධානියකු “දැන් කොරෝනා ඉවරයි” කියා තමන්ට කී  බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් ඉකොනොම් නෙක්ස්ට් වෙබි අඩවිය සමඟ පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් “කෝවිඩ් ආසාදන දෙවන රැල්ල සඳහා කිසිදු සැලසුමක් සකස් කර නොතිබූ” බව ද ඔහු පවසා තිබේ.

“PCR පරීක්ෂණ සඳහා ධාරිතා වර්ධනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වී ඇති බව” පෙන්වා දෙන රවි කුමුදේශ් ප්‍රකාශ කර ඇත්තේ මුල්ලේරියාවෙහි ඉදිකරන ලද නව “ඊනියා නවීන විද්‍යාගාර‍ෙ” සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බැවින් එය දැන් අක්‍රීයව ඇති බවයි.

මෙම විද්‍යාගාරය පිහිටුවීම සදහා සඳහා ඩොලර් මිලියන 250 ක පිරිවැයක් දැරීමට සිදු වූ අතර දැන් එහි පර්යේෂන උපකරණ නිවැරදි කිරීම සඳහා දැන් චීනයෙන් කාර්මිකයෙකු ගෙන්වා ගැනීමට සිදුව තිබේ.

මේ නිසා PCR පරීක්‍ෂා කිරීමේ හැකියාව රට තුළ තවදුරටත් අඩුවී ඇතැයි ඔහු පවසයි.

PCR පරීක්ෂණය ප්‍රතිපල ලබා ගැනීමේ දැවැන්ත පමාව නිසා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් නිදිහස් කිරීම සහ වසා දැමිය යුතු ප්‍රදේශ තීරණය කිරීමටද දැන් ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ හෝටල්වල නිරෝධායනය වී ඇති පිරිස් සඳහා පුද්ගලික අංශයෙන් පීආර්සී පරීක්ෂා කරවා ගන්නා ලෙස යුද හමුදාව දන්වා ඇති අතර ඔවුන්ට දැන් අමතර  දින ගණනාවක් සඳහාද මුදල් ගෙවන්නට සිදුවෙයි.

COVID-19 පුපුරා යාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ “සාකච්ඡාවක්” පවත්වා ඇති බවත්, නිවැරදි රෝගීන් සංඛ්‍යාව සහ පැතිරීම පිළිබඳ තොරතුරු නොමැති බව ඒ අවස්ථාවෙහිදී කියා සිටි බවත්, ම සඳහන් කෙිරීමට අකැමැති වූ නිලධාරීයකු ඉකොනොමි නෙක්ස්ට් වෙත පවසා ඇත. මේ නිසා අවශ්‍ය පරිපාලනමය තීරණ ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

ම නිලධාරියාට අනුව අගුලු දැමිය යුතු ප්‍රදේශ මොනවාද සහ අපට ඇඳිරි නීතිය ඉවත් කළ හැක්කේ කොතැනින්දැයි ඔවුන් දැන් දන්නේ නැත. දැනට නිකුත් වන්නේ දින තුනකට පෙර කරන ලද පරීක්ෂන වාර්තා බව ද හමුදාව පසුදා පවසා තිබුණි. මේ අනුව රටෙහි සැබෑ කොරෝනා තත්වය ගැන හරි  අදහසක් කිසිවකුට නැත.

මේ වන විට එකී ආරංචි මාර්ග වලට අනුව NOCPCO යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම පමාවට විසඳුමක් සොයා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබේ. 

චීනයෙන් පැමිණෙන බව කියන කාර්මිකයා හෝ කණ්ඩායම ගැන ද තවම තොරතුරක් නැත.  

 

Archive

Latest news

Related news