Saturday, May 4, 2024

බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්  එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා, මේ මගේ ඒරියා එක”  යැයි බැණ වැදුණු බව සෞඛය ඇමැතිනීය වෙත ලිපියක් යවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පසුගිය 26වන දින යවන ලද ලිපියට මේ තාක් ප්‍රතිචාරයක් ලැබී නැති බව පෙනේ. එබැවින් රෝහලෙහි සේවයෙන් ඉවත්ව සිටීමට වෛද්‍ය සංගමය තීරණය කර තිබේ.

එම ලිපියෙහි සිංහල පරිවර්ථනයක් දැක්වේ. ඉංග්‍රිසි ලිපිය පහතින් දක්වා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
28.10.2020

ගරු. පවිත්‍රා වන්නිආරච්චි,
සෞඛ්‍ය ඇමතිනී,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.

හිතවත් මහත්මියනි,

බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්ගේ පිළිගත නොහැකි හැසිරීම

බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම් සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලට ඇතුළු වී “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා, මේ මගේ ඒරියා එක” යැයි ආයතන ප්‍රධානියාට සහ කාර්ය මණ්ඩලයට බැණවැදී ඇති බව අප වාර්තා කරන්නේ කණගාටුවෙනි.

අපගේ මව්බිමෙහි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට සහ පොලිසියට සදාචාරාත්මක හා වෛද්‍යමය සහාය ලබා දීම සහතික කිරීම සඳහා යුද්ධයේ දී අපගේ සියලුම වෛද්‍යවරු හමුදාවට ගෞරවයෙන් සැලකූ බව අපි සිහිපත් කරමු.

කෙසේ වෙතත්, බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්ගේ හැසිරීම අපේ ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබඳ අපේක්ෂිත ප්‍රමිතීන්ට නොගැලපෙන අතර වෛද්‍යවරුන්ගේ සහ සෙසු පුරවැසියන්ගේ ගෞරවය සහතික කිරීමට අපොහොසත් වී ඇත.

මෙහි අප,  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට 26. 10. 2020 දින අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා මේ සම්බන්දයෙන් යවන ලද ලිපිය අමුණා ඇත.

සම්පත්නුවර දිසා රෝහලෙහි ඇතිවූ තත්වය නිවැරදි කර නැති බැවින් අප සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එහි කටයුතුවලින් ඉවත්වෙමු.

රෝගීන්ගේ යහපත උදෙසා මෙම ආයතනයේ ආරක්ෂිත සේවා කොන්දේසි සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ඔබට ස්තුතියි,
ඔබගේ විශ්වාසි
වෛද්‍ය සෙනල් ප්‍රනාන්දු

Archive

Latest news

Related news