Friday, May 3, 2024

කතානායක මහින්දත් ගෝටාට පස්ස පෙන්නා පවුලේ පහක්ම දා ගනී.

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි ලංකා ට්රුත් වාර්තා කරයි.

ඒ්  අනුව සිය සහෝදරයා වන වසන්ත යාපා අභයවර්ධනට පුද්ගලික ලේකම් තනතුරද
තවත් සහෝදරයකු වන සරත් යාපා අභයවර්ධනට මාධ්‍ය ලේකම් තනතුරද
කථානායකවරයාගේ පුතා වන චමීර යාපා අභයවර්ධන සහ සහෝදරයකු වන ඉඳුනිල් යාපා අභයවර්ධනට සම්බන්ධීකරණ ලේකම් තනතුරුද   පිරිනමා ඇත.
කතානායකවරයාගේ මස්සිනා වන ප්‍රේමානන්ද කොමසාරු මහජන සම්බන්ධතා නිලධාරී තනතුර ලබා දී ඇත.
කථානායකවරයා තවත් ව්‍යාපෘති ලේකම්වරු පහක් බඳවා ගැනීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් එක තනතුරක් සඳහා දැනටමත් ජනක යාපා අභයවර්ධන සහෝදරයාගේ නම යෝජනා කර ඇත.

මෙම පිළිවෙත කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කළ අවධාරණයට   පස්ස පැත්ත පෙන්වීමක්  බව විචාරකයෝ කියති.

එසේ නොවෙ නම් එම ප්‍රකාශය කරන ලද්දේ හුද ජනප්‍රියත්වය සඳහා මිස සැබෑ අරැතකින් නොවන බව ද පෙනෙන්නට තිබේ.

Archive

Latest news

Related news