Thursday, April 25, 2024

වියරුවක පෙරනිමිති: විස්සට එරෙහි වෘත්තීය සමිති එකතුවට පොලිස් කෙනහිලිකම් – සමිති එකතුව

ජනතා පරමාධිපත්‍ය අහෝසි කරමින් ඒකාධිපති විධායකයක් ගොඩනැගීමට එරෙහිව ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අත්තනෝමතික 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ආ දින සිටම  දිගින් දිගටම විරෝධය දක්වන ලදී.

මෙම විරෝධය ”20 ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය” ලෙස පෙළ ගැසෙමින් සමාජය දැනුවත් කිරිමේ පුළුල් වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත.

මෙම විරෝධතා ව්‍යාපාරයේ එක් පියවරක් ලෙස 20 ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරයේ සියලූම නායක සහෝදරවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ,සංශෝධන සහිතවත් විස්ස එපා, යනුවෙන් විරෝධතා පෝස්ටරයක් ඇලවීම සංකේතාත්මකව ආරම්භ කරන ලදී.

මෙම විරෝධතා පෝස්ටරය ආරම්භ කිරීමට එම ස්ථානයට පැමිණි වෘත්තීය සමිති නායකයින් සමාජ දුරස්ථභාවය රැුකෙන අයුරින් සහ අනෙකුත් නිරෝධායන නීතිවලට අනුගත වෙමින් සිටියද පොලිස් නිලධාරීන් එම කටයුත්තට දිගින් දිගටම බාධා කරන ලදී.

විවිධ බාධා කිරීම් හා තර්ජනයන් පොලිසිය විසින් සිදුකර අතර ම පොලීසිය විසින් කිසිදු අවසරයකින් තොරව එම අස්ථාවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයින් වීඩියෝ කිරීමද සිදුකරන ලදී.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බරපතල තර්ජනයක් වන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, වෘත්තීය සමිතිවල විරෝධය සාමකාමීව ප‍්‍රකාශ කරන විට පවා කොරෝනා නීති ගෙනඑමින් විරෝධය දැක්වීමේ පුද්ගල අයිතියට පොලීසිය විසින් බාධා කිරීම 20 ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අප හෙළා දකින්නෙමු.

නිරෝධායන නීතිවලට මුවාවෙමින් සිවිල් ක‍්‍රියාකාරින්ගේ විරෝධයන් කඩා බිඳදැමීම සඳහා පොලීසිය යොදවා ගැනීම, 20 වැනි සංශෝධනයෙන් පසු ඇතිවන ඒකාධිපති රාජ්‍ය ලක්‍ෂණයන්හි පූර්ව ලක්‍ෂණයන් බවද, 20 ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අප පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙයට,
කැඳවුම්කරුවන්
සිල්වෙස්ටර් ජයකොඩි 0714986244 – ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය
ලීනස් ජයතිලක 0712096867 – එක්සත් කම්කරු සම්මේලනය
ජෝසප් ස්ටාලින් 0773112541 – ලංකා ගුරු සංගමය
උදේනි දිසානායක 0718201394 – සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමය
චින්තක බණ්ඩාර 0776214821 – තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය
රවී කුමුදේශ් 0773077717 – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
චමින්ද පෙරේරා 0714671390 – ලංකා වෘත්තීය සමිති සම්මේලනය

Archive

Latest news

Related news