Wednesday, April 24, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය 20වන සංසෝධනය අනුමත කරයි!

පහත සඳහන් සූලු වෙනස්කම් සහිතව ශ්‍රේෂ්ඨඨාධිකරණය ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති 20 වන සංසෝධනය වය්‍යවස්ථානුකූල බවට නඩු තීන්දුව  දී ඇති බව ප්‍රසිද්ධ අවකාශයේ සංසරණය වන ” ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය” බව කියැවෙන පිටු 61කින් සමන්විත වාර්තාවක් පෙන්වා දෙයි.

ජනාධිපතිගේ 33(1) යටතේ තිබු බලය ඉවත් කිරීම වැරදිය ( 20 හි 3 වන යෝජනාව)
ජනාධිපතිගේ ක්‍රියාවකට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීමට තිබු බලය ඉවත් කිරීම වැරදිය (20 හි 5 වන යෝජනාව)
ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවිමට ඇති බලය චන්දයකින් පසු අව්රුද්දක් දක්වා අඩු කිරිම වැරදිය ( 20 හි 14 වන යෝජනාව)
මැතිවරන කොමිසම ලබාදෙන නිර්නායක ඉවත් කිරීම වැරදිය (20 හි 20 වන යෝජනාව)

අනික් සියලුම යෝජනා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියට අනුකූලය.

මෙමගින් “ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසඟබෝ රංගනයක යෙදෙමින් තමන්ගේ ස්වාධිනත්වයට බලපැමක් ඇති කිසිදු යෝජනාවක් පිලිබඳව විවරනයක නොයෙදීම විශ්මය ජනකය” යැයි මුහුණු පොතෙහි සටහනක් තබන නීතිඥ ශිරාල් ලක්තිලක සදහන් කරයි.

ඔහු තව දුරටත් මෙසේ සඳහන් කරයි:

ශ්‍රේෂ්ඨඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු කවුන්සිලයේ මතය නොවිමසා ඉහල තනතුරුවලට පත්කිරිමට ජනාධිපති සතුබලය (අගවිනිසුරු ඇතුලුව) ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨඨාධිකරණ මතය වි ඇතිබව පෙනෙන්නේ ජනපතිට එරෙහිව මානව හිමිකම් පැවරීමේ බලය ආරක්ෂාවන නිසා ජනාධිපතිගේ බලය ඉක්මවා යාමකදි ප්‍රතිකර්මයක් පවතින නිසා තනතුරුවලට පත්කිරිමෙදි ද යම්හෙයකින් බලය ඉක්මවා ගියහතොත් එවැන්නක් ද එලෙස අභියෝග කල හැකිවනු ඇති බවයි.

කෙසේ නමුත් විඝනකාධීපතිගේ ස්වාධිනත්වය ජාතික විඝණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරිම පිලිබඳව අධිකරනය කලබලවී නැතිබව පෙනියයි.

ද්විත්ව පුරවැසි භාවය පිලිබඳවද අධිකරනයෙ මතය වී තිබෙන්නේ එමගින් ජනතාවගේ පරමාධිපත්‍යට අභියෝගයක් වන්නේ නැති බවයි.

තීන්දුව බවට කියැවෙන නිල නොව ලියවිල්ල ඉංග්‍රිසි බසින්:  SC on 20th A

Archive

Latest news

Related news