Thursday, March 28, 2024

20 වන සංසෝධනය අධිකරණ ස්වාධීනවත්වයට හානිදායකයි- විශ්‍රාමික විනිසුරු සංගමය

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බල විභේදනය කෙරෙහි ඇති විය හැකි බලපෑම, විශේෂයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් තෝරා ගැනීම හා පත් කිරීම සම්බන්ධව එමගින් ඇතිවන බලපෑම නිසා තමන් “දැඩි ලෙස වික්ෂිප්තව තැයි” විශ්‍රාමලත් විනිසුරුවන්ගේ සංගමය පවසයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත ලිපියක් යවමින්, සංගමය සඳහන් කරන්නේ, රජයේ ශාඛා තුන පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය (ලැටිමර් හවුස්) මූලධර්මයන්හි අවධාරණය කර ඇති පරිදි, මහජන විශ්වාසය ඇති කිරීමෙහි සහ යුක්තිය ඉටු කිරීමෙහිලා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා විනිසුරුවන් පත් කිරීමේදී වගවීමක් සහිත සහ ප්‍රසිද්ධියේ විනිවිද පෙනෙන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වන බවයි.

මෙම ලිපිය මගින් විස්තරාත්මකව පෙන්වා දී ඇත්තේ 20වන සංසෝධනය මගින් මෙරට අධිකරණ ස්වාධීනත්වයට මරැ පහරක් වදිනු ඇති බවයි.

එබැවින්, නිර්දේශ නිකුත් කිරීමේ බලය ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට අධිකරණ පත්වීම් සම්බන්ධයෙන් පමණක් නිරීක්‍ෂණයන් පමණක් ඉදිරිපත් කළ හැකි පාර්ලිමේන්තු සභාව මගින් ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තිය සංශෝධනය කිරීම ගැන අපි සැලකිලිමත් වන්නෙමු. වැදගත් අංගයක් වන දේශපාලන නොවන සාමාජිකත්ව යෝජිත පාර්ලිමේන්තු සභාවෙහි අඩංඟු නොවන බව අපි සටහන් කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ අංගයක් වූ සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ළි පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජ සාමාජිකත්වය ඇතුළත් කිරීම මහජනතාගේ සහ පාර්ලිමේන්තුවෙහි ප්‍රශංසාවට ලක්විය.”

තවද, ඕනෑම අවස්ථාවකදී හේතුවක් නොමැතිව පාර්ලිමේන්තු සභාවෙහි අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින් ඉවත් කිරීම සඳහා ජනාධිපති බලය පැවරීම” මගින් යෝජිත පාර්ලිමේන්තු සභාව බරපතල ලෙස සම්මුතියකට ලක්ව ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත් යැයි එය සදහන් කරයි.

ඒ අනුව, පොදු විනිවිද පෙනෙන හා වගවීමේ ක්‍රියාවලියක් සහිත වූ සහ නිර්දේශ කිරීමේ කාර්යභාරය සහිත ව්‍යවස්ථා සභා යාන්ත්‍රණය දිගටම පවත්වා ගන්නා ලෙස විශ්‍රාමලත් විනිසුරුවන්ගේ සංගමය යෝජනා කරයි . අගවිනිසුරු සහ නීතිපති සමඟ උපදේශන ක්‍රියාවලියක් මගින් තෝරා ගත හැකි ප්‍රවීණ නීති වෘත්තිකයකු ඇතුළත් කිරීම සඳහා ව්‍යව‍ස්ථා සභාවෙහි සංයුතිය පුළුල් කළ යුතු බව ද එය නිර්දේශ කරයි.

විධායකය විසින් උපරිමාධිකරණ විනිසුරුවන් පත්කළ යුත්තේ අගවිනිසුරුගේ සහ නීතිපතිවරයාගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් බව අපගේ අදහසයි” යනුවෙන් එම සංගමය තවදුරටත් පවසයි.

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුට/වරියකට අධිකරණ කාර්යය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වූ විට ඔහු/ඇය වෙනුවට කටයුතු කිරීම සඳහා “වෙනත් පුද්ගලයෙකුපත් කිරීමට ව්‍යවස්ථාවෙහි 109වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර තිබීම “අතිශයින්ම කනස්සල්ලට කරුණක්” බව විශ්‍රාමලත් විනිසුරුවන්ගේ සංගමය තවදුරටත් අවධාරණය කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහා අගවිනිසුරුවරයා සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනකු පත්කිරීම සඳහා වන ප්‍රතිපාදනය සහ එහි සාමාජිකත්වය අධිකරණ පළපුරුද්දක් ඇති ඉහළ උසාවියක විනිසුරුවරයෙකු

විනිසුරුවරියක විය යුතුය යන්නද යෝජිත සංශෝධනය විසින් ඉවත් කිරීම පිළිබඳව ද එය සිය සැළකිල්ල සදහන් කර තිබේ.

අධිකරණ නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ විනය පාලනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි සංයුතිය සහ තේරීම් ක්‍රියාවලිය අතිශයින් වැදගත් ය. එය සහතික කරන ලෙස අපි රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 වැනි වගන්තිය සහ 111 වන වගන්තිය නොවෙනස්ව පවත්වා ගන්නා ලෙස අපි නිර්දේශ කරමු” යැයිද එම සංගමය ප්‍රකාශ කරයි.

( සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි)

Archive

Latest news

Related news