Tuesday, July 16, 2024

රැකියාවන්ට බඳවා ගන්නා පිරිස්වලට යුද පුහුණුව දෙන්නේ අවනත බලකා හදන්න – දුමින්ද නාගමුව

(Image courtesy of  https://etc.usf.edu)

මේ වන විට උපාධිධාරීන් පනස් දහසකට ආසන්න පිරිසකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම ඒ බඳවා ගන්න පිරිස හමුදා පුහුණුවකට කැඳවනවා කියලා දැනුම්දීලා තියෙනවා. මේක මීට කලින් රාජපක්ෂ පාලයෙන් කි‍්‍රයත්මක වුණා. 2015 පසුව නතර කෙරුවා. මේ මීට කලින් සරසවි ශිෂ්‍යයන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවයට බඳවා ගන්න විවිධ කණ්ඩායම්වලට හමුදා පුහුණුව කි‍්‍රයාත්මක කළා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපකිර්තිමත් ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. මීට කලින් මේ පුහුණුව නිසා විදුල්පතිනියක් මිය ගියා. මේ නිසා ජනතාවගෙන් විශේෂ විරෝධයක් ගොඩනැගිලා තිබුණා. එදා විශ්ව විද්‍යලවට එන්න කලින් මේක කළේ ඔවුන්ගේ ඔළු හදන්න. රාජ්‍යයට උවමනා ලෙස අවනත කර ගන්න තමයි හමුදා පුහුණුව දුන්නේ.

අලූතෙන් රාජ්‍ය සේවයට බැඳෙන සේවකයන් තමන්ගේ අතකොලූ කරගන්න අණ්ඩුවට උවමනා වෙලා තියෙනවා. තවදුරටත් සාමාන්‍ය පෙළ සමත් නැති ලක්ෂයක් බඳවා ගන්නවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඔවුන් බඳවා ගැනීමත් සිදුවන්නේ ආරක්ෂක ලේකම් යටතේ. ඔහුගේ අධීක්ෂණය යටතේ බඳවා ගන්නෙ කොහොමද? ඒ වගේම ඔවුන් අරක්ෂක අමාත්‍යංශයේ විවිධ කටයුතුවලට බඳවා ගන්නවා කියලා තියෙනවා. එතකොට අපට සැකයක් ඇතිවෙනවා ඔත්තු සේවා සඳහා පාවිච්චි කරන්නද ඒ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මේ රාජ්‍ය සේවකයො මුලින්ම හමුදා මුලස්ථානවලට යන්න ඕන. මේ රාජ්‍ය සේවයකයන්ට විශාල අනතුරක්, අභියෝගයක් රටක හමුදාව පුහුණු කරන්නේ වෙනම ක්‍ර වේදයකට, ඔවුන් පුහුණු කරලා තියෙන්නේ ඕනෑම නියෝගයක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න විදියට.

රටේ අනිකුත් සේවාවන් අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන සේවය මේ සේවාන්වල නිලධාරින් පුහුණු කරන්නේ ඒ ආකාරයට නෙවෙයි. ආයතන කි‍්‍රයාත්මක වෙන්නේ ඒ ආකාරයට නෙවෙයි. එවගේ යම් කිසි ආකාරය විචාරශීලිත්වයක් ස්වාධීනත්වයක්, පැවරෙන කටයුතු පවා විමසා බලා කිරීමේ සංස්කෘතියක් ඉතිහාසයක් තියෙනවා. අප පිළිගන්නවා රාජ්‍ය සේවයට බැදෙන අයට පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව කරනවා නම් කරන්න තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ. නැත්නම් පුහුණුව කරන්න ඕන ඒ ඒ අය බඳවා ගන්න දෙපාර්තමේන්තුව යටතේ. මේ හමුදා පුහුණුවකට අරන් යන්නේ රාජ්‍ය සේවකයගේ කොන්ද කඩන්න. මේ පුහුණුවට එන්න කියලා තියෙනවා සියලූ දෙනාට ඒ එන්න කියපු අය අතර සමහර අය ගැබිනි කාන්තාවන්. සමහරු අඩු වයස්වල දරුවෝ ඉන්න අය. සමහර අය රෝගාතුරව ඉන්න අය. මේ ප්‍රශ්න ඉදිරිපත් කළාට පස්සෙත් වහාම සේවයට වාර්තා කරන්න කියලා බල කරලා තියෙනවා.

මේ පුහුණුව සඳහා සම්බන්ධ වන අයට අරන් එන්න බඩු ලැයිස්තුවක් දීලා තියෙනවා. මේක හරියට ආමි ට්‍රේනින් එකට දීපු භාන්ඩ ලැයිස්තුවක් වගේ. මේ ලැයිස්තුව ගන්නත් රුපියල් විසි පන්දහක් පමණ යනවා. රස්සාවක් නැතුව පසුගිය කාලය පුරාම රැකියා විරහිතව හිටපු තරුණ, තරුණියෝ මේ ලැයිස්තුවක බඩු මිලදී ගන්නේ කොහොමද? කොහොමද මේකට සල්ලි හොයා ගන්නේ. මේ නේවාසික අඛණ්ඩ පුහුණුවක් මේ පුහුණව සඳහා යනකොට මේ සියල් තියෙන්න ඕන. මේ ලැයිස්තුවේ දොලොස්වෙනියට තියෙනවා භාරකරුවන් ඥාතින් මුණගැහීමෙන් වැලකී සිටීමට පියවර ගත යුතුයි කියලා . තවද පාඨමාලා කාල සීමාව තුළ නිවාඩු, ලෙඩ නිවාඩු අනුමත කරනු නොලැබේ. ඥාතින්, භාරකරුවන් මුණගැහෙන්න දෙන්නේ නැතුව රාජ්‍ය සේවයේ පුහුණුවක් කරන එක ප්‍රෙහේලිකාවක්. අපි මැතිවරණයට කලිනුත් කිව්වා මේ ආණ්ඩුව ලෑස්තිවෙන්නේ මිලිටරි ගමනක් යන්න. මිලටරියේ බලය ශක්තිමත් කරලා. ඒකට අවශ්‍ය කරන අවනතකම හදන ගමන පසුබිම තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ. ඒකේ එක ගඩොලක් තමයි මේ බඳින්නේ. ඉදිරියේදී මේකට අදාළ ඉදිරි කි‍්‍රයාමර්ග එයි.

හමුදා පුහුණුවට රාජ්‍ය සේවකයන් යටත් කරන්න ගත්තත් මේ කි‍්‍රයා මාර්ග අපි හෙලා දකිනවා. මේ පළවෙනි ඒක. ඊළඟට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මේක පුහුණුව එනවා. ඊළඟට ඒගොල්ලන්ට අවනත කරගන්න බැරි සියලූම ක්ෂේත‍්‍රයන්ට මේ පුහුණුව දෙනවා. ප්‍රජාතන්තවාදය අගය සියලූ දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකන්න කියලා. රාජ්‍ය සේවයේ ඉන්න අනිත් කණ්ඩායම්වලිත් අපි ඉල්ලනවා මේ පුහුණුව සඳහා තමන් දරණ ස්ථාවරය පළ කරන්න කියලා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ප්‍රශ්න කරනවා වෛද්‍යවරුන්ට මෙවැනි පුහුණුවක් දෙනවා නම් මොකක්ද ස්ථාවරය. මේ සම්බන්ධයෙන් කරුණු පළ කරන්න. ජනාධිපතිතුමත් ඒකක එකට රැස්වීම් උත්සව පවත්වලා හරියන්නේ නැහැ. ප්‍රධාන වෘත්තීය සමිතිවලට වගකීමක් තියෙනවා රාජ්‍ය සේවයේ වන මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීම.

ලංකා විව්ස් හි පළවූ ලිපියකින් සකස් කරන ලදී.

Archive

Latest news

Related news