Saturday, April 27, 2024

පොහොට්ටුවෙන් පිපෙන සිරිමලක් නොවන නාමල – මහේශ් හපුගොඩ

නාමල් රාජපක්ෂ: දිවීම කුමන දිශානතියකටද?

එදා වේල ටුවර්ස් විචාර නැතුව අනාගතය ගැන හොඳ සැළකිල්ලෙන් දේශපාලනය කරනවා නම් තව දශක භාගයකින් යෙදෙන නාමල් ප්‍රපංචය ගැන නොසලකා වැඩ කරන්න කාටවත් කොහොමවත් බැහැ. සියළු මාවත් රෝමය දිශාවට ඇදෙනවා වගේ මේ අද යෙදෙන සියළු දේ දිශානත වෙන්නේ නාමල් ප්‍රපංචය වෙතට කියන එක පේන්න තියන දෙයක්. අවම වශයෙන් විශේෂ ආපතික දෙයක් සිදු නොවුනොත්. එහෙම අනතුරුදායක දේවල් පේන හැටියට නාමල් කරන්නේ නැති හැඩයි පේන්නේ.

මේ ගැන මම මුල්ම ළිපිය ලියන්නේ මැතිවරණය පෙර. එයින් කියවුණේ නාමල් යනු මහින්ද නම් පියාගේ දිගුවක් සේම මහින්ද නොවන සවිඥාණික බවක් ද දරන පුද්ගලභාවයක් විය හැකි බව. ඒ කියන්නේ ඔහුගේම වූ දේශපාලන පැවැත්මක් වෙනුවෙන් ඔහුගේම වූ අරගලයක් තිබිය හැකි බව. ඒ නව සවිඥාණික බව වෙනුවෙන් සම්මත පොහොට්ටු ජාතිකත්ව සීමාවේ ක්‍ෂිතිජය ඔහුට තරණය කිරීමට සිදු විය හැකි බව.

මේ අදහස නිසා ඒ ළිපිය ගොඩක් වීවේචනයට ලක්වුණා. විශේෂයෙන් මැතිවරණ කටේ ලියපු නිසා පොහොට්ටු නොවන අය ඒ අදහස රිස්සුවේ නැහැ. නමුත් මේ වෙනකොට මම කියපු සමහර දේවල් සඳහා තව තවත් සාක්ෂි ලැබෙමින් පවතිනවා.

කොහොමත් පුතෙක්ට සිදුවෙනවා පියාගේ නාමකරණයෙන් ඉස්සරහට ගිහිල්ලා තමාගේම වූ ලෝක දැක්මක් ගොඩ නඟා ගන්න. ඒක පියාට අභියෝගයක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පියාගේ ලෝකයේ දිගුවක් වෙන්නත් පුළුවන්. සිංහබාහු පුරාවෘත්තයේ ඉඳලා මේ පියාගේ ශාරීරික සහ සංකේතීය මරණය අපේ ඉතිහාසයේ දකින්න පුළුවන්. සිංහබාහු ලෞකික තලයේ නම් අධ්‍යාත්මික තලයේ ගත්තම තියෙන්නේ බුද්ධ චරිතය. ඒ අත්දැකීම් දෙකම අපේ ජීවන ලෝකයට ලොකු එළියක් සපයනවා. ඒ කියන්නේ අපේ අවිඥාණය ගොඩ නැගෙන්නේ පියා සංකේතීයව මරාගෙන කියල ඕනිනම් ෆ්ලැට් රේට් කියල දාන්නම් ඔයාල ටිකක් අවුස්සන්නත් එක්ක. එහෙම ඉදිරියට යන චරිත ඉස්සරහට අවිඥාණිකව මනමේ කුමාරි හම්බ වෙන්න පුළුවන්. එතනත් සවිඥාණික වෙන්න ඕනි.

පොහොට්ටුවෙන් පිපෙන නාමලකියන රූපකයේ තියෙන විශේෂය තමයි මෙතෙක් සිංහල බෞද්ධ දේශපාලන කතිකාවේ තිබුණ බහිස්කරණ‘ (exclusion) සිද්ධාන්තය වෙනුවට ඇතුලත් කර ගැනීම‘ (inclusion) කියන එක වෙත යම් ප්‍රමාණයකින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා ගමන් කිරීම. මේක තමයි මම මිට කලින් දාපු ටැටූ ගහපු කොල්ලොත් තරුණ කටයුතු අමාත්‍යාංශය මගින් බලා කියා ගන්න ඕනි කියන කතාවට පක්ෂ පෝස්ටුවේ හරය උණේ. ඒකට ප්‍රතිචාර වශයෙන් මගේ මිතුරෙක් වන සිරිමල් විජේසිංහ සොයුරා කියල තිබ්බ නාමල් ඒ වගේ රැඩිකල් කෙනෙක් නම් එයා මම වගේ කෙනෙක්‘ (ඒ කියන්නේ සිරිමල් සොයුරා වගේ කෙනෙක්) උපදේශක බවට පත් කර ගන්න ඕනි කියල. එතකොට අර ඇතුළත් කර ගැනීමන්‍යායිකව පුර්ණ ලෙස හරි යන නිසා වෙන්න ඇති.

එහෙම දෙයක් වීම හෝ නොවීම ගැන තියෙන මගේ අදහස මම මීට කලින් පැහැදිළිව කියල තියෙනවා. සිරිමල් නාමල් ගේ උපදේශකයා නොවීමේ රහස තියෙන්නේ වෙනත් තැනක. ඒක තමයි නාමල් එයාගේ පියා වගේම, ගෝඨා බාප්පා වගේම, වැඩ කරන්නේ සිංහල බෞද්ධ හැඟවූමට යටත් ව කියන එක. එයාලගේ වෝට් බේස් එක ඒක. ඒක නැතුව මුකුත් කරන්න බැහැ. මුකුත් කරන්න බැහැ කියන්නේ බලය ගන්න බැහැ. බලය ගන්නේ නැතුව මොන කෙංගෙඩියක් වත් කරන්න බැහැ. ගංජා නීතිගත කරන්නත්, ටැටූ ගහන්නත්, රෙඩ් ලයිට් දිස්ත්‍රික් ඇති කරන්නත්, උප්පැන්නෙන් නම අයින් කරන්නත්, ව්‍යවස්ථා සංශෝධන ගේන්නත්, ඔය ටෝයියෝ කියන මොන රැඩිකල්වැඩේ කරන්නත් බලය ඕනි. ඇත්ත ප්‍රයෝගික දේශපාලන ඇතුලේ ඉන්න කෙනෙක් හැටියට නාමල් ඒක දන්නවා. මහින්දත් දන්නවා. අනික් අයත් දන්නවා. ෆැන්ටසිවල ඉන්න අයට එහෙම ඉන්න ඇරලා නාමල් ල ඇත්ත දේශපාලනේ කරනවා.

ඒක නිසා එයාට අපිව (සිරිමල්, නිර්මාල්, දීප්ති වගේ) උපදේශකයෝ කර ගන්න බැහැ. එකම හේතුව අපි අර සිංහල බෞද්ධ හැඟවූමට පිටින් ඉන්න අය හැටියට හංවඩු ගැහිලා තිබීම. පිටින් කිව්වම ගොඩක් පිටින් ඉන්නේ. අනික අපි කට ඇරියොත් එක වචනෙට ලක්ෂ එක බැගින් චන්ද අහිමි වෙනවා. ඒ නිසා නාමල් ඒ වගේ මෝඩ වැඩ කර ගන්න ඕනි නැහැ.

මේකෙ පොඩි අවුලක් පේන්න තියනවා තමයි. ඒ කියන්නේ අදේශපාලනික ගතියක්. පොඩි වංක ගතියක්. කියන එක සහ කරන එක අතර නොපෑහීමක් (mismatch) වගේ දෙයක්. නමුත් ඉතාම ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් ඔයාලට තේරෙයි දේශපාලනයකියන්නේ තරමක් අදේශපාලනික වංක දෙබිඩි ගතියකට තමයි කියල. දේශපාලනය ෆැන්ටසිගත නොකරපු ඕනි කෙනෙකුට මේක තේරෙනවා. ඡන්ද දායකයට කියන්නේ එකක් නමුත් කරනකොට කරන්නේ ඊට තරමක් වෙනස් දෙයක් කියල. මෙන්න මේ ගැප් (ඩෙරීඩා කියන difference) එක අතර ඉන්න කෙනාට තමයි දේශපාලනය සාර්ථකව කරන්න පුළුවන්. අනික් අයට ෆැන්ටසිවල ඉන්න පුළුවන්.

උදාහරණය ගංජා නීතිගත කිරීම. යහපාලන කට්ටිය ඒක කළා නම් මෙතන එක විජ්ජුම්බරයයි. නමුත් මෙයාල කරද්දී මීක් නැහැ. එතකොට ඒක ඖෂධයක්. විජයබා වැඩෙත් එහෙමයි. අන්න ඒකට තමයි දේශපාලනය කියන්නේ. එක අතකින් සමාජයේ හිස්ටරික ඉල්ලීමත් ඉටුවෙලා. අනික් අතින් සිංහල බෞද්ධ ආත්මය තුවාල වෙලත් නැහැ. හැබැයි මේක දිව්‍යමය ප්‍රචන්ඩ බවෙන් වෙනස්. ඇත්ත මිනිස්සුන්ගෙනුත් වෙනස්.

ඕනිම නම් බලය බෙදන්නත් මේ න්‍යායම පාවිච්චි කරන්න පුළුවන්. කාර් රේස්, සිංහරාජ, විල්පත්තුව, වනාත විල්ලුව, වෙළේ සුදා වගේ ඕනිම දෙයකට මේක අදාළයි. වැඩිය ලියන්න යන්නේ නැහැ. මේ වෙලාවේ හැටියට සිරිමල් අයියා නාමල් ඇමතිතුමා ගේ උපදේශක නොවීම රට පැත්තෙන් අයහපත් දෙයක් නෙවෙයි විතරක් කියල එහෙනම් නවතිනවා.

සිරිමල් අයියේ, ගෙවල් කුළී ගෙවන්න වෙන මොනවා හරි සයිඩ් ලයින් සූපිං වැඩක් පටන් ගමු. අයියට ජයෙන් ජය!

(FB)

Archive

Latest news

Related news