Saturday, April 20, 2024

මකර දූපතක ඡන්දය සහ ඉන් පස්සේ

ඒක දූපතක්. ඉන්දියන් සාගරයේ දකුණු භාගයේ පිහිටලා තිබෙන් ලස්සන දූපතක්. පරිසරය සතා සීපාවගෙන් අඩු නැති දූපතක්. කාලයක් එකට කිව්වා පෙරදිග ධාන්‍යාගාරය කියලා. ඒ බත බුලතින් අඩු නොවුනු නිසා වෙන්න ඇති. හැබැයි මේ දූපතට දේශපාලන ව්‍යසනවලින්නම් අඩුවක් ඉතිහාසය පුරාම නෑ. ව්‍යසන කිව්වාට මේවා එසේ මොසේ ව්‍යසන නෙමෙයි. මළ මිනීවලින් කදු සැදිය හැකි ගැහුණු , අම්මාලාගේ කදුලු එකතුකරොත් ඉන්දියන් සාගරයට වඩා වැඩි තරමේ ව්‍යසන. හැම අවුරැදු 10 ක් 20 ක් අතරෙම මහා ව්‍යසන සිදුවුනා. නමුත් දූපතවැසියන් කිසිවක් නොවූ තාලයට තමන්ගේ ජීවිත චර්යාවන් කරගෙන ගියා.

ඔය ඒකාකාරී විදිහට ගෙවෙන ජීවිතවලට යම් ත්‍රිල් එකක් ඕනේ වුවාම ඒ ඒ බනිස් වලට ඒ ඒ ප්ලේන් ටී වගේ විවිධාකාර යක්කු මවන්න ඒ දුපතේ පාලනය කරන සර්වබලධාරී පාලක ග්‍රෝතයට හැකි වුනා. හැකි වුනා කිව්වාට දූපත් වැසියන් හැක් වී සිටින නිසයි. ඒ හැකි වීම සිදුවුනේ. කාලයට යුද්ධය, කොටි, සිංහයෝ, වලස්සු, ග්‍රීස් යක්කු, පිරිත් වැවවල්, යක් රෑප මවන බෝධීන් විතරක් නොමෙයි ධාතූ රැගෙන් නාගලොවෙන් එන නයින්, කුඩු අරගෙන හිරගෙවල් වලට රිංගන පූසන්. තටු කපපු කුඩු කුස්සෝ මෙකී නොකී සියලු අයිටම් කාලෙන් කාලෙට දූපත් දේශපාලන පෙළේ හොදට අලෙවි වුනා. හැම අයිටම් එකක්ම පස්සේ තිබුනේ බොහොම භයානක පසුබිම් කථාවක්. හරියට දූපත් වැසියන්ව බිලිගැනීමට හැම වෙලේම මාන බලන විශාල මකරෙක් වගේ.

මකරෙක් කිව්වාම මතක් වුනේ මේ දූපත් දැන් කාලයක සිටි ගිනි මකරුන් කීප දෙනෙක් ගිලමින් සිටිනවා. සමහර මකරු මේඩ් ඉන් චයිනා. සමහර මකරු ෆන්ඩඩ් බයි චයිනා මේඩ් ඉන් මැදමූලන. ඒ වුනාට ඒ මකරුන් දූපත් වැසියන්ට පේන්නේ සුරතල් සමනලුන් වගේ. කොහොමද එහෙම වුනේ? මොකද්ද ඒ විජ්ඡාව?

දූපත් වැසියන් දූපත් වාසීන්වීම මකරුන් සහ සමනලුන් වෙන්කර ගැනීමට නොහැකි වීමේ රෝගයේ මූලික ආරම්භය. වසර දහස ගණනක ඉතිහාසයක් ගැන සිහිනයක ඉන්න මේ වැසින්ට තමන්ගේ යට ඇදුම පවා අහිමි වීම පවා නොදැනෙන විදිහකට හිරිවැටිලා තියෙන්නේ. අර සිහිනයේ ඉන්න ගමන් දූපත් වැසින්ට ඕනේ වුනා රජෙක්. වන්දනා මානකර කර කර ඉන්න රජෙක්. ඇත්ටම කිව්වේ රාජ වන්දන කල්ට් එකක් මේ වැසියන්ට ඕනේ වුනා. හෙම චූන් එකක් දූපත්වාදීන් මීට පෙර අත්විදලා නෑ. කනේ ඉදලා ඒ චූන් එක ගන්න දූපත්වාදීන්ට ඕනේ වුනා.

// අපටත් රජෙක් පහළව ඇතේ ආයුබෝවේවා මහ රාජානනි// කියලා හිපෝප් පොප් හිට් එකක් එහෙම ආවේ ඔය චූන් ලයින් එකේ.

හෙල්පින් හම්බන්තොට මහ මකරයි මිග් සහෝදර මකරයි සැටලයටි හොර නීතී පුත්තු මකරුයි, සිරිලිය මකරියි ආදී සියලු මකරු ටික එක පේළියකට තියලා ෆෝටෝ එකක් ගන්න හැදුවොත් එහෙම පැනරාම ලෙන්ස් එකක ගන්න වෙනවා. කනේ ඉදලා ඒ චූන් එක ගන්න දූපත්වාදීන්ට ඕනේ වුනා.

එක මකර පවුලකට වඩා මකරු ක්ලැන් එකක්. ඒක සයිකෝ කල්ට් එකක්. එහෙම කල්ට් එකක් මීට පෙර දූපතවැසියෝ අත්විදලම තිබුණේ නෑ. ඒ කල්ට් එක ඩ්‍රග් එකක් වගේ. දැන් දූපත් වැසියන් ඉන්නේ ඩ්‍රග් ට්‍රිප් එකක. අනාගතය හෝ මේ මොහොත ගැන දෑනීම නැතිවීම තමයි ඒ මකර කල්ට් ඩ්‍රග් එක විසින් දෙන චූන් එක. ඔහොම කාලය ගතවෙවී ඉන්න කොට කොහොම හරි 2015 දී මහ මකරාව කොටු කරන්න පුලුවන් වුනා. හැබැයි ඒ කොටු වීම වැඩි කාලයක් තියාගන්න බැරිවූනේ මකර කූඩුව මුරකරන්න දාපු උන් මකරත් එක්ක පාටි දාන්න ගත්ත නිසා. අන්තිමේදී මහ මකර උන්ටත් අර චූන් ඩ්‍රග්ස් එක දුන්නා. දැන් උනුත් මහ මකරගේ පස්සේ.

දූපතේ ඉස්සෙල්ලා දේශපාලන පක්ෂ කියලා තිබුණා. ඒ පක්ෂවලට විහිලුවට හරි ව්‍යස්ථාවක් තිබුණා. අමතක වුනා මකර පවුලටම ව්‍යවස්ථා අරහං. මොකද ව්‍යවස්ථාවක් කියන්නේ එකතුවක විනයක් නිසා. එකතුවීම ගැන මකරු දන්නේ එක දෙයයි. ඒ සල්ලි එකතු වීම විතරයි. ආයේ දේශපාලන පක්ෂ වෙත. ඔය දේශපාලන පක්ෂ ක්‍රමය මකරන්ට අරහං. මේ විවිධ මත අරව මේවා ගෙඩක් වැඩ. විධායක සභාවල්, දේශපාලන මණ්ඩල, කෘත්‍යධිකාරී මණ්ඩල ඔය වගේ නානාප්‍රකාර මන්ඩල වලට මකර කාලය වැය කරන්න මකරුන්ට වෙලාවක් නෑ, දූපත්වාදීන්ටත් වගේ වගක් නෑ.

ගෙවල් අමතක වුනු මකරා ඇමරිකාවේ ඉදන් ඇවිල්ලා ගැහුවා ඒකට ප්ලෑනක්. මකර කල්ට් එක නම්කරා පොහොට්ටුවට. දූපත්වාදීන් තමත් අර අසනීපයෙන්. ඉස්සෙල්ලා මකරු සමනල්ලු වගේ පෙනුනා දැන් මකරු නෙලුම් පොහොට්ටු වගේ පෙන්න අරන්.

ඔය අස්සේ තමයි ඇමරිකානු පුරවැසි මිග්මකරාව ජනාධිපති කලේ. මිග් මකරා දන්න එකම දේ ප්‍රශ්ණයක් අහුවාම කල්කල් කැස්ස වගේ කල් කල් මරන්න හිනාවෙන එක. ඒකට දූපත් වැසියෝ කියන්නේ ස ප්‍රශ්ණ විසදන විදිය කියලා. අර කැත කල්කල් හිනාවට ප්‍රශ්ණ විසදන විදිය කියලා හිතන දුර ගියාම රෝගය ගිහින් තියෙන දුර පේනවානේ. මිග් මකරා මේ කාලෙට කරපු එකම වැඩේ තමයි ගැන්සියට කියලා ප්‍රණාම පෝස්ට් ෆෝස් බුක් එකට දාන එක. ඒ අරෙන්න මාස 9 වෙලා වෙන වැඩක් නම් වුනේ නෑ. වෙන්න විදිහකුත් නෑනේ.

අද දූපතේ චන්ද දාන දවස.

වෙන විශේෂ දෙයක් වෙයි කියලා හිතන්න බෑ. මකර ක්ලැං එක සොමිය දිගටම බෙදයි. මේ සොමියේ කෙරවල මාරාන්තික වෙයි. හැබැයි ඉතිහාසය අයිතිවන්නේ මෙවැනි සොමි වල පැණි හැලියන් වූ අයට නොව මෙවැනි මාරාන්තික සොමි කුඩුකර මකරුන් සමග සටන් වැදි සටන්කරුවන්ටයි.

ඊළග පැයේ ඇරඹෙන නව මකර යුගය මකරුන් සමග සටන වදින සියලු දනට ජයවේවා!

තේවගේ විසිනි.

Archive

Latest news

Related news