Tuesday, May 7, 2024

ආදරය ගැන කතාවක්: අනෙකා තනි නොකර අවසන් ගමන් ගිය සිංහ යුවළ

ලොස් ඇන්ජලීස් සත්ව උද්‍යානයෙහි හියුබට් සහ කලීසා නමින් අප්‍රිකානු සිංහ යුවලක් වාසය කළහ.

වනගතව ජීවත්වන සිංහයින් සාමාන්‍යයෙන් වසර 13 -16ක් පමණ ජීවත් වන අතර සත්ව උද්‍යානයන්හි සිරකර ජීවත්වන සිංහයින් ඊට ටික කලක් වැඩිිපුර ජීවත් වෙති.

හියුබට් 1999 පෙබරවාරි 7 වන දා චිකාගෝ හි ලින්කන් පාර්ක් සත්ව උද්‍යානයේදී උපත ලැබූ අතර කලීසා 1998 දෙසැම්බර් 26දා ඔක්ලහෝමා නගර සත්ව උද්‍යානයේදී උපත ලබා තිබුණි.

හියුබට් සිංහයාට දාව සිංහ පැටවුන් 10 දෙනෙකු බිහිවුවද හියබුට් සහ කලීසා දරුවන් සිටියේ නැත.

මෙම දෙදෙනා එක්වූයේ සය වසරට පෙර ලොස් ඇන්ජලීස් සත්ව උද්‍යානයට පැමිනීමෙන් පසුය. ඉන් අනතුරුව මේ දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කළ නෙහැකි තරමට  ආදරයෙන් බැදී ගියේය.

ඔවුන්ගේ නොබෙදුණු බව සැමවිටම දක්නට ලැබුණේ ඔවුන් එකට විවේක ගනිමින්, හුරතල් වෙමින් හා නිදා ගනිමින් සිටියදීයයැයි එම උද්‍යාන පාලකවරයා සදහන් කර තිබේ.

වයස 21ක් ඒ දෙදෙනා ජීවත් වූහ. එය අසාමාන්‍ය තරම් කාලයකි. පසුගිය මාසය වන විට දෙදෙනාම දුර්වල වෙමින් සිටි අතර කන් නෑසෙන්නට පටන් ගත්තේය. දෙදෙනාගේම සෞඛ්‍ය තත්වය සීඝ්‍රයෙන් පහළ වැටෙම්න් පැවතුනි. හදිසියේ දෙදෙනාගෙන් කවරකු හෝ මිය ගියහොත් අනෙකා ටික කළකට හෝ තනිවනු ඇතැයි තීරණය කළ උද්‍යාන පාලකයේ එකම දවසක එකම මොහොතක දෙදෙනාම නිර්වින්දනය කර බෙහෙත් මගින් මිය යන්නට සැළැස්වූහ.

පින්තූර සහ කතාව mirror.uk ඇසුරෙනි.

Archive

Latest news

Related news