Monday, May 20, 2024

ඩුබායි වල හිරවුන 40,000ක් තරම් ලාංකිකයින් ගැන ඇසින් දුටු සාක්ෂියක්

ඡායාරූපය:තානාපති කාර්යාලය පවත්වා ගෙන යන  දහම් පාසල තුළ.

මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට.

1. උදේ 4 ඉඳල ගිනි රස්නයෙ ( සමර් එකට මෙහෙ ඉර පායන්නෙ 4 ට විතර ) අධික ලෙස දහඩිය දමමින් ( ආර්ද්‍රතාව මේ කාලෙ 80% වැඩියි , ඉතින් හිටගෙන හිටියත් දාඩියෙන් පෙඟෙනව ) පෝළිමේ ඉන්න ඕන ඇතුලට යන්න අංක ගන්න. උදේ 5.30 විතර පෝළිමට එකතු වෙච්චි අපේ අංක 61 සහ 62.

2. උදේ 8.00 කන්සියුලේට් එක ඇරියම එතන තියෙන දහම්පාසලට පාවිච්චි කල ශාලාවෙ ඉන්න පුලුවන් .

3. උදේ 5.30 ට අංක 61 ගත්ත අපිට ඇතුලට යන්න ලැබුනෙ දවල් 12.30.

4. පරිත්‍යාගශීලින් විසින් ඇවිත් ඉන්න අයට දවල් කෑම දෙනව ( ඒව තමා කන්සියුලේට් එකේ සේවය කරන සමහර නිළධාරීනුත් පෙට්ටි පිටින් ගෙනිහින් කන්නෙ )

5. එලියෙ ගහල තියෙන එම්බසියෙ කිසිම දුරකථන අංකයක් ආන්සර් කරන්නෙ නෑ ( පින්තූරයෙ ඇති අංක වලට ඔබට උත්සාහ කරන්න පුලුවන් )

6. රටින් පිටවෙන්න බලාපොරොත්තුව පහුගිය අප්‍රේල් මාසෙ මුල ලියාපදිංචි වෙච්චි අංක එකොලොස්දහස් ගනන් හිමි අය වගෙම මේ ජූනි වල ලියාපදිංචි වෙච්චි අංක තිස් දහස් ගණන් ඇති අයත් හමු උනා.

7. මේ වෙනකොට ගුවන් යානා 6ක් පිට වෙලා තිබ්බත් ඒ සේරගෙම එකතුව 1500ක් ගියත්, ලියාපදිංචි අංක 1200 විතරක් නෙමෙයි 150 ගණං තිබ්බ අයත් තාම යන්න ලැබිල නෑ ( ඒ කියන්නෙ ඒ අය වෙනුවට හිතවත්තු ගිහින් වගේ ).

8. පැය 7ක් කට්ට කාල ඇතුලට ගියත් අන්තිමට අහන්න ලැබෙන්නෙ එකම උත්තරය ” අපි මොකද කරන්නෙ, අපි දන්නෙ නෑ කවද්ද ෆ්ලයිට් පටංගන්නෙ කියල , අපිට යන දවසක් තාම කියන්න බෑ ”

9. වීසා කල් ඉකුත්වීම නිසා දඩ ගෙවන්න වීම ගැන ඒ අය කියන්නෙ ” අපි ඒ ගැන රජයට කියල තියෙන්නෙ ලංකාවේ , තාම එහෙන් කිසිම පිළිතුරක් නෑ , ලැබුනම කියන්නං”

10.අද මට ගැබිනි මවුන් දෙන්නෙක්, කාන්තාවන් සහ පවුල් කිහිපයක් ඇවිත් ඉන්නව දකින්න ලැබුන.

11. විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය කියන ආයතනය කිසිම සේවාවක්, උපකාරයක් රස්සාව නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙච්චි අයට කරන්නෙ නෑ .

12. සමහර මිනිස්සු සියදිවි නසාගන්න තරමට කලකිරිල.. ඒ අයට දඩ විතරක් ගෙවන්න ඕන රුපියල් ලක්ෂයක් විතර , තව ගුවන් ටිකට්. මේ සේරම කොහොමද මාස හතරක් රස්සාව නැතුව ඉන්න මිනිස්සු ගෙවන්නෙ ?

13. එන්න බලා ඉන්න සම්පූර්ණ විදේශගත පිරිස සේරම 40,000 කිව්වට ඩුබායි වලින් විතරක් ඒ ගාන ඉන්න බව තමයි අද මම නිරීක්ෂණය කරේ.. මොකද අනුක්‍රමික අංක තිස් හයදාස් ගණං ලැබිල තිබ්බෙ ජූනි මාසෙ ලියාපදිංචි අයට . හැමදාම අලුතෙන් පණහක් හැටක් මේ ගොඩට එකතු වෙනව..

14. රජයට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ අය ආපහු ගේන්න කිසිම වැඩපිලිවෙලක් නෑ .

15. වීස නැති නිසා සෞඛ්‍ය රක්ෂණ නැති මේ දාස් ගානක් මිනිස්සු යම් විදියට අසරණ වෙලා රෝහල් ගතවුනොත් මැරෙනව ඇර විකල්පයක් නෑ .

මීට අමතරව තවත් ඉතාම කණගාටු සහ අනුවේදනීය කතා කිහිපයක් අහන්න ලැබුන. අලුත උපන් බිළිඳුන්ගෙ මරණ, ලංකාවේ පවුල් වල ඇතිවෙලා තියෙන ගැටළු වගේ දේවල්.. සමස්ථය විදියට ගත්තාම, ඉතාම අකාර්යක්ෂම සහ අකාරුණික රජයක් මේ මිනිස්සු මැරෙන්න දාල උංගෙ වැඩක් බලාගෙන ඉන්න බව තමයි පැහැදිලි උනේ.

Indika Kodithuwakku FB

දීපු පොරොන්දු!

Archive

Latest news

Related news