Wednesday, May 8, 2024

දෙමළ දේශපාලන සිරකරුවන්ට වයිරසය අසාදනය වෙයි; සහනදායී පියවරක් ගන්නැයි සේනාධිරාජා ඉල්ලයි

ඡායාරූපය: ටැමිල් අරසු කචචි පක්ෂයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සොනාධිරාජා.

මෙරට බන්ධනාගාරයන්හි දී්ර්ඝ කාලයක් පුරා රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකුරුවන් අතරින් කිහිප දෙනෙකුට නව කොරෝනා වයිරසය අසාදනය වි අතැයි ටැමිල් අරසු කචචි පක්ෂයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සොනාධිරාජා පවසයි.

ආන්ඩුව හෝ වෛද්‍ය අනිල් ජාසිංහ හෝ යුද හමුදාව හෝ  මෙතෙක් මේ පිළිබඳව ප්‍රකාශයක් කර නැත.

මෙම තත්වය නිසා මෙම දෙමළ සිරකරුවන් අතර රෝගය බෝ වීමේ අනතුරක් ඇැයි සොනාධිරාජා ජනධිපති රාජපක්ෂට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි. මෙම සිරකරුවන්ගේ ඥාතීන්ට ඔවුන් බැලීමට අවසර දීමද බන්ධනාගාර අධිකාරීන් විසින් නවතා දමා තිබේ. ඒබැවින් ඒම පිරිස් මහත් මානසික ගැටලුවලට මුහුණ දී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මෙම සිරකරුවන් අතර දඩුවම් ලබා සිටින අය, තවමත් නඩුවලට  මුහුණ දෙමින් සිටින අය, නඩු නැතිව රඳවාගෙන සිටින අය සහ තවමත් ප්‍රශ්ණ කිරීම්වලට භාජනය වන අය වශයෙන් කොටස් හතරක් සිටින බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

විදෙස් රටවලදී නම් මෙවැනි දීර්ඝ කාලයක් සිරගතව සිට ඇති සිරකරුවන්ට සිය නිවාස අත්අඩංඟුවෙහි සිටීමට අවස්ථාව සළසා දී ඇති  බව සිය ලිපයේ සදහන් කරන සේනාධිරාජා මහතා මානවවාදී ලෙස සළකා බලා මෙම සිරකරුවන්ට ඇප ලබා දෙන ලෙස හෝ නිවාස අත්අඩංගුවේ සිටීමට ඉඩ සළසන ලෙස ඉල්ලා සිටී.

එම ලිපිය පහත පළවේඥ

Archive

Latest news

Related news