Tuesday, July 16, 2024

කන්දකාඩු වැඩමුළුවක සම්පත් දායකයෙක් දින 19කට පසුව පරීක්ෂාකින් තොරව බලයෙන් නිරෝධායනයට!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන වැඩමුළුවක ආරාධිත කථිකයකු වූ ඇඩික් ආයතනයේ නිලධාරියකු එම උපදේශණයට සහභාගි වී දින 19ක් ගත වී තිබියදීත්, කිසිදු පරීක්ෂනයකින් තොරව සහ බලහත්කාරයෙන් යුද හමුදාව විසින් රැගෙන ගොස් ක්වේට් සිට පැමිණි පිරිසක් සමඟ රඳවා තිබෙන බව වාර්තා වේ.  ඔහු විසින් ජනාධිපතිවරයාට යවන ලද බවට කියැවෙන ලිපියක් මුහුණු පොතෙහි සංසරණය වේ. කොවිඩ් පාලනය  යුද හමුදාවට පවරා තිබීමත් රෝග පරීක්ෂාව වෙනුවට නිරෝධයනයට යොමු කිරීමත් නිසා මෙවැනි තත්වයක් ඇතිව කිබෙන බවට ද වාර්තා වේ.

එම ලිපිය, අදාළ අයගේ නම නොමැතිව පහත පළ කරමු.

අතිගරු ජනාධිපති තුමනි …

2020/06/19 දින අධිකරණ අමත්‍යංශයේ ලිපි ශීර්ෂය සහිතව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් මාගේ ආයතනය වන ADIC ආයතනයෙන් කන්දකාඩු පුනරුත්ථාපන අයතනයේ සේවා ලාබින් වෙනුවෙන් දෙදින වැඩසටහනක් කිරීම සදහා නිත්‍යානුකූලව ඉල්ලිමක් කරන ලදි . අරක්ශාව පිලිබඳ එම ලිපියම සහතිකයක් වූ බවින් මා ප්‍රධාන සම්පත් දායකයා වශයෙන් තවත් නිලධාරීන් දෙදෙනකු සමග 2020/06/24 සහ 25 යන දිනයන්හි එම වැඩසටහන පවතින ලදී .

එම වැඩසටහන අවසන් වීමෙන් දින 18 කට පමණ පසුව කන්දකාඩු මධ්‍යස්ථානය තුල  ඇතිව තිබුණු COVID තත්ත්වය නිසා PCR පරීක්ෂණයක් කිරීම සඳහා මා 2020/07/12 වැනි දින සහභාගි කරගන්න බවට වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුන් වන වෛද්‍ය සමිත ගිනිගේ සහ වෛද්‍ය දීපා ගමගේ යන වෛද්‍ය වරුන් විසින් මා හට දැනුම දෙන ලදී . එසේ තිබියදී 2020/07/11 වන දින රාත්‍රියේ මගේ කිසිදු කැමැත්ත කින් තොරව යුද හමුදාව මගින් මා අතුලු නිලදාරින් පිරිසක් ත්‍රිකුණාමලය monkey bridge හමුදා කඳවුරේ නිරෝධනය කඳවුරට රැගෙන එන ලදී .

මේ සමග ජේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද රැගෙන විත් ඇත. කිසිදු රෝග ලක්ෂණයක් නැති අපි කණ්ඩායම කන්දකාඩු මධ්‍යස්තානයේ සිට පැමිණ දින 19 ,20,30,40 වගේ කාල ගතවූ අයයි .

කුවේට් වැනි රටවල සිට පැමිණි පිරිසක් අප රදවා සිටින මද්‍යස්තාන යේ අප සමග රදවා ඇති අතර අපගේ ජීවිත විශාල අවදානම කට ලක්වී ඇත .

PCR පරීක්ෂණ පවත්වා Negative නම් නිවාස තුළ නිරෝධනය වීමට අවස්ථාව සලසා දෙන මෙන් අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉතාමත් ගෞරවනීයව ඉල්ලා සිටිමි .

සියලු නිලධාරීන් වෙනුවෙන්

xxxxxxxxxxx
ADIC ආයතනය

Archive

Latest news

Related news