Tuesday, April 30, 2024

රාජපක්ෂ සැළැස්ම: ස්වධීන කොමිෂන් සභා අහෝසි කර තනි කොමසාරිස්වරු;පොලිස් කොමිසම වෙනුවට පොලිස්පති

ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසි කොට ඒ වෙනුවට අතීතයේ ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු නැවත හඳුන්වා දීමට රජය මේ සතියේ තීන්දු කළේ යැයි පොදුජන පෙරමුනට සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කරයි.

ඒම පුවත අනුව මැතිවරණ කොමිසම වෙනුවට මැතිවරණ කොමසාරිස්වරයකුත් ,අල්ලස් දූෂණ කොමිසම වෙනුවට අල්ලස් කොමසාරිස් ජෙනරාල්වරයෙකුත් ,මානව හිමිකම් කොමිසම වෙනුවට මානව හිමිකම් කොමසාරිස්වරයකුත් මුල් පියවර ලෙස පත් කෙරෙනු ඇත .ඒ හැර දැනට ත්‍රිවිධ හමුදාව වෙත චෝදනා එල්ල කිරීම සඳහාම පත්කොට ඇති අතුරුදන් වූවන්ගේ කොමිසම සහමුලින්ම අහෝසි කෙරේ .පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාටම පැවරෙයි.

කොමිෂන් සබා පවත්වාගෙන යෑමට දැරීමට සිදුවන වියදම ගැන සඳහන් කරන එම වෙබ් අඩවිය ඒම මුදල ඉතිරී කරගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි කියයි.

ඉදිරි මහ මැතිවරණයෙන් 2/3ක බලයක් ලැබුනහොත් පමණක් රාජපක්ෂවරුන්ට මෙවැනි පියවරක් ගත හැකි අතර එසේ නොවුන හොත් කොමිෂන් සභා කාලය අවසාන වූ විට ඒ්වා යළි පත් කිරීම දිගින් දිගටම කල් දැමීමටද යෝජනා වී තිබේ. පසුගිය රාජපක්ෂ සමයෙහිදීද අනුගමනය කරන ලද්දේද එම පියවරමය

 

Archive

Latest news

Related news