Friday, March 28, 2025

එල්ටීටීඊය නැවත සංවිධානය කිරීමට තැත් කළැයි යාපනයේ තරුණ පිරිසක් අත්අඩංඟුවට.

ඡායාරූපය: යාපනයේ සොදිස් මෙහෙයුමක නිරත යුද හමුදා පිරිස්.

එල්ටීටීඊය නැවත සංවිධානය කිරීමට” උත්සාහ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දෙමළ තරුණයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අය අතර 17 හැවිරිදි දෙමළ දරුවෙකු ද සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සහෝදරයා සම්බන්ධයෙන් උද්ඝෝෂනයන්ට සහභාග වූ අයෙක් යැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

අත්අඩංඟවට ගැනීමට හේතුව ලෙස එල්ටීටීඊය නැවත සංවිධානය කිරීමට සඳහන් කරමින් පොලීසිය විසින් දෙන ලද ලදුපතක් ( ටැමිල් ගාර්ඩියන්)

සිය දරුවන් මෙළෙස අත්අඩංඟුවට ගැනීම ගැන මාපියන් යාපනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට වාර්තා කර තිබේ.

යාපන මානව හිමිකම් කොමිසමේ ජේෂ්ඨ නිලධාරියකු පසුගිය 30වන දින පවසා ඇත්තේ අත්අඩංඟුවට ගත් කිසිවකු තවමත් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බවයි. තවමත් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවට තොරතුරක් නොමැත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගෙන ඇත්නම් අධිකරණය හමුවට පැමිණවීම පමා කිරීමට ආරක්ෂ අංශ වලට හැකියාවක් තිබේ.

 

Archive

Latest news

Related news