Monday, May 20, 2024

පොලීසිය මාධ්‍යවේදිනී දරීශා බැස්ටියන්ගේ නිවෙසම සෝදිසි කොට පරිගණයක රැගෙන යයි.

:ාවයාරූපය: දරීශා බැස්ටියන්ස්

හිටපු ඉරිදා ඔබ්සර්වර් කර්තෘ ධර්ෂා බැස්ටියන්ස්ගේ ලැප්ටොප් පරිගණකය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍යවේදිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් කිසා සිටී. එම අවස්ථාවෙහිදී ඇය නිවසේ සිටියේ ද නැත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශය කිසිවක් නොකියයි.

අපරාධ පරීක්ෂක දෙපාර්තසෙමෙන්තවෙහි සේවය කළ ජේෂ්ඨ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිලිවා ස්විස්ටර්පන්තයේ රැකවරණ පතා පැමිණීමෙන් පසු දරීශා බැසිටියන් විදේශගතව ඇතැයි සැළකේ. පෙනෙන අන්දමට ඇය ජීවත්වන්නේ රහසිගතවය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කොළඹ වාර්තාකාරිය ලෙද ද බැස්ටියන් සේවය කළේය.

ජූනි 15වන දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රහස් පොලිසිය දෙවරක් කොළඹ පිහිටි ඇගේ නිවසට පැමිණ වරෙන්තුවක් නොමැතිව ඇගේ ලැප්ටොප් පරිගණකය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බවයි. උසාවි නියෝගයකින් තොරව පරිගණකය භාර දිය නොහැකි බව පවුලේ අය නීති උපදෙස් ලබාගෙන රහස් පොලිසියේ නිලධාරීන්ට දන්වා ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

පසුගිය 9වන අඟහරුවාදා වරෙන්තුවක් සමඟ රහස් පොලිසිය ඇගේ නිවසට පැමිණ ඇති බව බැස්ටියන්ස් කියා සිටියි.

2020 මැයි 29 සහ 2020 ජුනි 4 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ පිහිටි මගේ නිවසට පැමිණ වරෙන්තුවක් නොමැතිව මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකය රැගෙන යාමට උත්සාහ කළහ.”

නිදන කාමර, මගේ මේසය සහ මගේ වැඩ අවකාශය ඇතුළු මුළු නිවසම නිලධාරීන් සොයා බැලුවේය. අතරතුර ඡායාරූප ගන්නා ලදී. මගේ පරිගණකය සොයාගෙන, අත්අඩංඟුවට ගෙන මුද්‍රා තබා ඇත. ලැප්ටොප්, විදුලි ඇඩැප්ටරය සහ ලැප්ටොප් බෑගය සඳහා රිසිට්පතක් ලබා දෙන ලදී. මගේ නිවසේ පදිංචිව සිටින පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.” යැයි එම ප්‍රකාශය සඳහන් කරයි.

පසුගිය මාස කිහිපය තුළ ඇයගේ නම අඛණ්ඩ අපරාධ පරීක්ෂණයක් සමඟ සම්බන්ධ වී ඇති බව මාධ්‍යවේදිනිය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවක ගාර්නියර් ෆ්‍රැන්සිස් පැහැරගෙන යාමේ චෝදනාවකට මාධ්‍යවේදිනිය සම්බන්ධ කිරීමට රහස් පොලිසිය උත්සාහ කර තිබේ. මේ වසර මුලදී ලේක් හවුස් හි ශ්‍රී ලංකා නිදිහස් පක්ෂ වෘත්තීය සංගමය විසින් ෆ්‍රැන්සිස් සමඟ සම්බන්ධයක් ඇති බව පවසමින් බැස්ටියන්ගේ ලැප්ටොප් පරිගණකය අත්පත් කර ගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා සිටියේය.

ලැප්ටොප් පරිගණකය පිළිබඳව බැස්ටියන්ස්ගේ හිටපු මාධ්‍ය සහායිකවගෙන් ප්‍රශ්න කර ඇති බව රහස් පොලිසිය පෙබරවාරි මාසයේදී අධිකරණයට පැවසීය.

මීට පෙර එම පරීක්ෂණය අතරතුරදී, සීඅයිඩී විසින් අධිකරණ නියෝගයක් නොමැතිව ඇගේ ඇමතුම් දත්ත වාර්තා ලබාගෙන, ඒවා සෝදිසි කර තොරතුරු හෙළිදරව් කළ බව බැස්ටියන්ස් සිය ප්‍රකාශයෙන් පවසයි.එය එසේ වී නම් එය නීති විරෝධී ක්‍රියාවකි.

ජනමාධ්‍යවේදිනියකු වශයෙන්, මගේ දුරකථන වාර්තා ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම ගැන මම භීතියට පත් වූ අතර, එමඟින් මගේ මූලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස අනතුරට ලක්විය හැකිය.” යැයි ඇය ප්‍රකාශ කරයි.

පරීක්‍ෂණයට සහයෝගය දැක්වීමට ඇය කැමැත්තෙන් සිටින නමුදු, අත් අඩංගුවට ගත් උපාංගයේ අන්තර්ගතය පාවිච්චි කිරීමට එම පාර්ශ්වයන් දරන උත්සාහයන් පිළිබඳව කමා“දැඩි අවධානයෙන්” සිටි බව මාධ්‍යවේදිනිය පැවසයි.

දැන් රහස් පොලිසිය භාරයේ මගේ පරිගණකය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමයක් අනුගමනය මන්ද යත් එය මා වරක් මාධ්‍යවේදියෙකු ලෙස වැඩ කළ පරිගණකය නිසාය” යනුවෙන් බැස්ටියන්ස් පවසයි .

ඇය විසින් නිතුක් කරන ලද ප්‍රකාශය:

 

Archive

Latest news

Related news