Friday, July 19, 2024

තොන්ඩමන් අවමඟුළට සහාය දුන් පොලීසිය කොළඹ ජෝර්ජ් ෆ්ලෛායිඩ් විරෝධතාවය තහනම් කරයි.

ජායාරූපය: දෙදිනකට පෙර බර්ලිනයෙහි පැවැති ජොර්ජ් ෆ්ලෛායිඩ් ඝාතන විරෝධී රුළිය.

අමෙරිකානු පොලිසිය විසින් ගෙන යන මර්දනයට හා විශේෂයෙන් ජෝර්ජ් ෆ්ලෛායිඩ්  නම් කලු අමෙරිකානුවා මරාදැමීමට විරෝධය දැක්වීම සඳහා  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද   දහවල් පැවැත්වීමට සංවිධානය කර තිබූ  කර තිබූ  උද්විඝෝෂණයට විරුද්ධව පොලීසිය තහනම් නියෝගයක් ලබා ගෙන තිබේ.

අද කොල්ලුපිටිය අමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිත වූ එම විරෝධතාවට එරෙහි වාරණ නියෝග ලබා ගැනීමට පොලිසිය පවසා ඇත්තේ නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්වීමෙන් වසංගතය වර්ධනය විය හැකි බවය.

එසේ නමුත් පසුගිය දිනවල පැවැති තොන්ඩමන් අවමඟුල් පෙළපාලි සඳහා ආරක්ෂාව පවා සළසන ලද්දේ මෙම පොලීසියම විසිනි. එම පෙළපාලි සඳහා දහස් ගණන් ජනයා කිසිදු නිරෝධායන නීතියක් නොසළකා සහභාගි වූ  අතර පොලීසිය ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.

ශ්‍රි ලංකා පොලීසිය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති රාජපක්ෂ යටතේය.

ඒහෙත් පොලිසියේ මෙම හාස්‍යජනක තර්කයට විරුද්ධ ප්‍රති තර්ක ගෙන ඒ්මට අවස්ථාවක් නොදී අධිකරණය විසින් ඒ්කපාර්ශ්විකව පොලිසිය ගෙන ආ කරුණු සළකා බලා ඒම අධිකරණ නියෝගය ලබාදී  ඇති බව ද වාර්තා වේ.

මෙම තහනම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කෙළෙසීමක් වන නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ඊට එරෙහිව වචනයක් හෝ කියා නැත. පොලීසියට අවශ්‍ය නම් සමාජ දුරස්ථබාවය ඇතිව මෙම විරෝධතාවය පැවැතවන සේ නියෝග කිරීමට තිබුණි.  බොහෝ රටවල එවැනි උද්ඝෝෂණ ද පවත්වා තිබේ.

රාජපක්ෂවරුන් සිය දේශපාලන ප්‍රචාරයන් කරගෙන යාමේදී නිරෝධායන නීති අනුගමනය කරන්නේදැයි පොලීසිය සොයා බලන්නේ නැත.

මෙම තහනම  ආණ්ඩුවේ පිළිවෙත් හා ක්‍රියාමාර්ග විවේචදනය කරනවුන් මර්දනයට හා හිරිහැරයට ලක් කිරීමේ ක්‍රියාමාර්ගක් බවට ද අදහස් දැක්වෙමින් තිබේ.

පොලීසියට නුදුටු තොන්ඩමන් අවමඟුළ

(ලංකා විව්ස් හි පළවූ පුවතක් ද ඇසුරිණි)

Archive

Latest news

Related news