Tuesday, July 16, 2024

මා දන්නා හෙජාස් හිස්බුල්ලා – අමල් ඩි චිකේරා

ඡායාරූපය: හෙජාස් හිස්බුල්ලා.

අපේ හිටපු පංතියේ මිතුරෙකු වූ හෙජාස් හිස්බුල්ලා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප්‍රේල් 16 වන දින මට අසන්නට ලැබුණි. ඔහු අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්ණකාරී තත්වයන් ගැන වැඩි විස්තර දැනගත් විට, විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය කවයන් තුළ මෙම ප්‍රශ්න කොතරම් නොවැදගත් ලෙස සළකා ඇත්දැයි යන්න මට කා වැදුණි. හෙජාස් සම්බන්ධ පූර්ව විනිශ්චයන් කරනු ැබ ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ අනන්‍යතාවය අනුව පමණක් බව පෙනේ.

හෙජාස් සහ මා මුලින්ම මුණගැසුණේ අවුරුදු පහක් වයසැති දරුවන් ලෙසය. ඉංග්‍රීසි කියමනක් අනුව කියන්නේ නම්, අපි එකිනෙකාගේ හොඳ නරක සියල්ල දනිමු. නූස් අයකු වන හෙජාස් යනු ජනයා, ප්‍රජාව සහ ප්‍රතිපත්ති ගැන ගැඹුරින් සැලකීමක් ඇති උපන්ගෙයි නායකයෙකි. ඔහු අති දක්ෂ ක්‍රීඩකයෙක්තුර හා තියුණු විවාදකයෙක් වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙක්ද, ඉගෙනීමට බොහෝ උනන්දු ශිෂ්‍යයෙක්ද‍ පාසල් සඟරාවේ සම කර්තෘවරයා බොහෝ ගෞරවයට පාත්‍ර වූ පාසල් ශිෂ්‍ය නායකයෙක් විය. කෙළිලොල් සිනහවක් තිබු ඔහු සතුව අධිකාරිවාදී ප්‍රධානීන් නොතකා හැරීමේ යහපත් ගුණයක් ද විය. ඔහු ශිෂ්‍ය නායකයින්ට හා ගුරුවරුන්ට පවා නිර්භයව තම සිතැඟි කයා පෑවේය.

ක්ව ගතකළ අපේ ළමා කාලය දෙස ආපසු හැරී බලන විට, හේජාස් නිසඟයෙන්ම ධෛර්යය, හාස්‍යය, සහයෝගීතාවය සහ විශිෂ්ඨත්වය පෙන්වූ අවස්ථා බොහොමයක් මට සිහිවෙයි. පංතියේ මිතුරෙකුට අනෙකකු පහර දීමට ආසන්නව සිටියදී එතැනට පැන එය නතර කිරීම, සැකකක් නොසිතන මිතුරෙකුට එරෙහිව අපූරු විහිළුවක් කිරීම හෝ ලාබාල සිසුන්ට හිරිහැර නොකරන සේ වෙනත් අයෙකු සමඟ නිහඩව වචනයක් දෙකක් කතා කිරීම යනාදී කවර අවස්ථාවක වුවත් හෙජාස් මගේ ළමා කාලයේ බලපෑම් සහිත අත්‍යන්තයෙන්ම බැදී ගිය සාධකයක් විය. අපට එකළ ඒ සඳහා වාග් මාලාවක් නොතිබුණ නමුත් කුඩා කාලයේ සිටම හේජාස් ප්‍රතිපත්තිමය, විශ්වාසවන්ත හා අවංක අයකු ලෙස ගොඩනැගෙන සලකුණු පෙන්නුම් කළේය.

හෙජාස් සහ මම යන දෙදෙනාම අපගේ ඉරණම නීතියෙහි සොයා ගතිමු. තරුණ නීතියෙකු ලෙස, ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ශ්‍රේණින් අතර ඉහළට පැමිණ, එහි දීප්තිමත්ම තරුණ නීතිඥවරයකු ලෙස කීර්තියක් ලබා ගත්තේය. චෙවෙන්නිං ශිෂ්‍යත්වධාරීන් වශයෙන්, හෙජාස් සහ මම නැවතත් එකම කණ්ඩායම සහකරුවන් බවට පත් වූ අතර, මේ වතාවේ ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ අපගේ පශ්චාත් නීති උපාධි (එල්එල්එම්) හදාරමින් සිටියෙමු. එහිදී, අපි දෙදෙනා ලංඩන් විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍ය මානව හිමිකම් වැඩසටහනේ සමආරම්භකයින් වීමු. යළි ශ්‍රී ලංකාවට පැමිණි හෙජාස් තමාගේම පෞද්ගලික නීති වෘත්තියට යොමු විය. සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රබල හැඟීමකින් හා ඒ හා සමානව ශක්තිමත් අධ්‍යාත්මිකත්වයකින් මෙහෙයවනු ලැබූ ඔහු දුෂ්කර ඇතැම් විට ජනප්‍රිය නොවූ නඩු කටයුතු බාර ගත්තේය.

හෙජාස් පාසැලේදී නිරූපණය කළ සැබෑ සෑම අංශයකම නිපුනතාවැඩිහිටියෙකු වු හෙජාස් තුළ වෙනත් ස්වරෑපයන්ගෙන් දර්ශනය වියඅවිවාදයෙන්ම පක්ෂපාතී, විනෝද ජනක, අයුක්තිය නොඉවසන හෙජාස් අධිකරණ ශාලාව මහ ක්‍රිකට් තරඟයක් හෝ ලංඩන් විශ්වවිද්‍යාලයේ පුස්තකලා කාමරය තරම්ම සුපුරුදු විය.

ඒකමාන නිෂේධාත්මලෙසකින් දැන් ඉදිරිපත් කැරෙන්නේ මා අගය කරන බොහෝ ගුණාංග පිරි මෙම හෙජාස්ය. යමෙකු ගැන අඩු දැනුමක් ඇති විට, තොරතුරු කැබලි ගොඩගසා, ඒකාකෘති වලින් වර්ණ ගන්වා සහ කලින් තීරණය කරන ලද ආඛ්‍යාන වලංගු කිරීම මගින් අයකු විකට රූපගත කිරීම පහසුය. මෙම නිරූපනයන් ප්‍රාණය ලබාගත් කළ, අගතිගාමීන් බලවත් කොට වඩාත් බුද්ධිමත් අය අතර පවා සැකයේ බීජ පැළකළ හැකිය. එවැනි නිරූපණයන් විසින් අවසානයේදී සත්‍යය, සාධාරණත්වය සහ යුක්තිය සෙවීම අඩපණ කර දමයි.

නිරර්ථක හා ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වසරකට පසුවත්, සිදුවී ඇති දේ තේරුම් ගැනීමටත්, ශෝකය, බිය සහ කෝපය මධ්‍යයේ එකමුතුකම සහ විශ්වාසය සොයා ගැනීමටත් අපේ රට තවමත් අරගල කරමින් සිටී. වින්දිතයින්ගේ පවුල්වලට තවමත්, සාධාරණත්වය හා සත්‍යය මත පමණක් පදනම් විය හැකි, යුක්තිය දැක ගැනීමට නොමැත.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ විට, හෙජාස් මහත් තැවිල්ලකට ලක්විය. මා මෙන්ම ඔහුගේ ළමා කාලය හා අධ්‍යාපනය, පල්ලිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබුණි. අපගේ වරප්‍රසාදය වූයේ, ජනවාර්ගික සමගියෙහි වැදගත්කම අපට පමණක් නූගන්වා එය ජීවිතය වඩාත්ම ජීවමාන කරගැනීමේ මාර්ගය බව අපට පෙන්වා දුන් බහු සංස්කෘතික පාසලක ශිෂ්‍යයින් වීමය. එබැවින් පල්ලියෙහි නමස්කාරයට යන්නන් මත මෙවැනි කුරිරු ප්‍රහාරයක් එල්ලවීම අපගේ ළමා අනන්‍යතාවයට සාරධර්මවලට පහරදීමක් විය.

ප්‍රහාරයෙන් ඉක්බිතිව, භීතිය හා බෙදීම අපේ රටෙහි වසංගතයක් බවට පත්ව අපගේ පාසල් පංති කණ්ඩායම තර්ජනයක් බවට පත්විය. සමහරු සාධාරණ ලෙස අමනාප වූ, අදහස් අයෙක් දැක්වූ අතර හෙජාස්ගේ ප්‍රතිචාරය වූයේ මිනිසුන් එකට ඇද බැඳ ගැනීමේ මාර්ගයක් සෙවීමය.

රාමසාන් මාසයේ දී ඔහු අපේ පංති කණ්ඩායමට, සමහර අමුත්තන් එනම් ආගම් හතරේ නායකයින් ද අතුලුව, ඉෆ්තාර් ආහාර වේලක් සංවිධානය කිරීමට පෙරමුණ ගත්තේය. මෙම සිදුවීම සහයෝගිතාවයේ, ඉවසීමේ සහ සම්ප්‍රදායන් නොසළකා හැරීමේ වැදගත් උණුසුම් අවස්ථාවක් බවට පත් විය. උත්සවය අමතමින් හෙජාස්, “මේ වනාහී අවසානයේදී අපම වන, අප එකකු බවට පත් කරවීමට සමත් බොහෝ හේතූන්ගෙන් පිරි බහුත්වවාදී ප්‍රජාවක් වන, අපගේ උරුමය හා සංස්කෘතිය ප්‍රමෝදයට නැංවීමක් බව” එක්රැස් වූ බව අපට මතක් කර දුන්නේය.

ඉන් වසරකට පසු, හෙජාස් තම මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ඉවත් කරනු ලැබ, සිර මැදිරියක රාමසාන් කාලය ගත කරයි. ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව, ධෛර්යය සහ විශ්වාසය විසින් ඔහු මෙම තත්වයට මහුණ ගොඩගනු ඇතැයි මම විශ්වාස කරමි. මනුෂ්‍යත්වය පිළිබඳ ඔහුගේ විශ්වාසය බිදී නොනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔහු ඉතා හොඳින් සේවය කර ඇති යුක්තිය පසිඳලීමේ ක්‍රමය සහ ඔහු ඉතා ආදරයෙන් අගය කරන අපේ සමාජය ඔහුට සාධාරණ ලෙස සලකනු ඇතැයි මම යාඥා කරමි.

(ඩේලි එෆ් ටී පුවත් පතෙහි පළ වූ ඉංග්‍රිසි ලිපියක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. )

Archive

Latest news

Related news