Thursday, May 2, 2024

කොරෝන වයිරසය සෙල්ලමකට ගන්න එපා; විකෘතියකින් භයානක ප්‍රභේදයක්! – විශේෂඥයෝ අනතුරු හගවති.

ලොව පුරා බෙහෝ රටවල කෙරෝන වසංගතයේ බැසයාමක් පෙන්නුම් කරන නමුත් ඉනි වැළකීම පිනිස ගත යුතු මූලික පියවරයන් දිගටම පවත්වා ගෙන යා යුතු බව ජර්මානු වෛරස් විශේෂඥයෝ ප්‍රකාශ කරති. ප්‍රකාහිත අසාදිත ගණන් හිලවු මෙන් කිහිප ගුණයක අසාදිතයින් සමාජයක සිටිය යුතු බවද දැන වසංගතය සම්බන්ධ බොහෝ විචාරයන් විසින් පෙන්වා දී තිබේ. මේ සදහා ඇති එකම පිළියම වඩ වඩා රෝග පරීක්ෂාවන් කිරීම මගින් අසාදිත පුද්ගලයින් සොයා ගැනීම ය. තවද ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝන වයිරසය අසාදනය වූ සුව වන පුද්ගලයින්ට ජීවිත කාලයම බලපාන අතුරු ආබාධ ඇතිවිය හැකි බවයි. 

එසේ නමුත් ශ්‍රී ලංකාවෙහි රෝග පරීක්ෂාවන්ට දී ඇත්තේ අඩු වැදගත්කමකි. වැඩිම වැදගත්කම දී ඇත්තේ යුද සමයේ දී මෙන් දුරකථන සබඳතා යානාදිය මගින් අසාදිත සම්බන්ධතා හඹා යෑමටය. පසුගිය දින කිහිපය තුළ රට පුරා බොහෝ පෙදෙස් වලින් ආසාදිත පිරිස් හමුවීම මගින් පෙන්නුම් කරන්නේ ද හුදෙක් රංචු පිටින් ජනයා නිරෝධායනයට ගාල් කිරීම නොව රෝග පරීක්ෂාවන් වැඩි කිරීමේ අවශ්‍යතාවයයි. එමෙන්ම වසංගතය හ්‍රී ලංකාවෙහි පාලනය කිරීම ලෙහෙසි නොවන බවද නව අසාදනයන් මගින් පෙන්වයි.

වයිරසයේ බලපෑම අඩුම ළුශයෙන් තව මාස කිහිපයක් හෝ පවතිනු ඇතැයි පෙන්වා දෙන යුරෝපා රටවල සෞඛ්‍ය ප්‍රධානීහු වසංගතය සෙල්ලමට නොගත යුතු බව පෙන්වා දෙති. ප්‍රංශය ග්‍රීෂ්ම ඍතුවෙහිදී බැහැර සංචාරයන්ට නොයන ලෙස දැනටමත් ඉල්ලා තිබේ. ජර්මනියෙහි පාසල් වීවෘත කැරෙන්නේ ජූනි මාසයේදීය. ස්විස්ටර්ලන්තය පිහිනුම් තටාක විවෘත කිරීම ජූනි මාසය දක්වා කල් දමා තිබේ. ස්විස්ටර්ලන්තයෙහි දහසකට වඩා රැස්වන අවස්ථා සැප්තැම්බර් මාසය දක්වා කල් දමා තිබේ.

යුරෝපය වසංගතය නිසා වසා දැමු රටවල් යළි විවෘත කරමින් ඉන්නේ ඉතා සීරුවට මහත් පරිස්සමිනි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි වසංගතය පාලනය කිරීමේ ප්‍රධානියා වන දොස්තර ඇන්තනි පවුචි කියන්නේ කෙරෝන වයිරසය තරම් මිනිසකුගෙන් මිනිසකුට බෝවන වෙනත් වයිරසයක් තමන් දැක නොමැති බවත් එවැනි වයිරස අතුරුදහන් වී නොයන බවත් ය. එළඹෙන සරත් හෝ ශීත ඍතුවෙහිදී වයිරසය දෙවැනි රවුමකින් පුපුරායාමට ඉඩ ඇති බවත් ඊට දැන් සිටම සූදානම්ව සිටිය යුතු බවත් ඔහු නැෂනල් ජියෝගැෆික් වෙබ් අඩවියට කියා තිබේ. අප විසින් අපරීක්ෂාකාරීව කටයුතු කරමින් අවස්ථාවක් ලබා දුන හොත් වයිරසයේ දෙවැනි පුපුරායාමක‌ෙ බොහෝ ඉඩ ඇති බව ඔහු පවසයි.

මේ අතර ඇමෙරිකාවේ ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේ විද්‍යායින් විසින් මෙහෙයවන ලද නව අධ්‍යයනයකට අනුව,කොවිඩ්-19 වසංගතයේ මුල් දිනවල පැතිර ගිය ප්‍රභේදයට වඩා ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරසයේ විකෘතියක් මගින් ඇතිවූ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇත.

මෙම නව ප්‍රභේදය පෙබරවාරි මාසයේ යුරෝපයේ ඇති වී අතර ඉක්මනින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළට සංක්‍රමණය වී ඇති බවත් අතර මාර්තු මැද භාගයේ සිට ලොව පුරා ප්‍රමුඛතම කෙරෝනා වයිරසය මෙය බවට පත්ව ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරීමට අමතරව, ඒමගින් දෙවන වතාවටත් ආසාදනයකට ගොදුරු විය හැකි බවටත් වාර්තාව අනතුරු අඟවයි.

නව වාර්තාවේ හඳුනාගෙන ඇති විකෘතිය කොරෝන වයිරසයේ පිටත ඇති කුප්‍රකට උල් වලට වෙනස් කර ඇති අතර එමඟින් මිනිස් ශ්වසන සෛල වලට ඇතුළු වීමට එය ඉඩ සළසා ගනී. එන්නතත් සෙවීම සඳහා කෙරීගෙන යන ක්‍රියාදාමයන් විසින් මෙම වන විකෘතිය සැළකිල්ලට ගත යුතු යැයි ඔව්හු පෙන්වා දෙති.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් වසංගතය පාලනය කිරීමේ විද්‍යාත්මක වැඩ සටහනක අවශ්‍යතාවය ශ්‍රීී ලංකාව අභිමුව ද තිබේ.

-සේ . පියවර්ධන විසිනි.

 

 

Archive

Latest news

Related news