Thursday, May 2, 2024

ලංකාවේ සහ ඊශ්‍රාලයේ පමණක් ඇති බුද්ධි අංශ කොවිඩ් මෙහෙයුම!

කෝවිඩි 19 පාලනය කිරීමේ මෙහෙයුමේ දී රාජ්‍ය බුද්ධි අංශය අප රටටම ආවේණික වූ, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහාපාන අයුරින් ලොවටම ඉදිරියේදී කතාකළ හැකි වැඩපිළිවෙලක් නියමිත නායකත්වය යටතේ සිදුකළ බවත්, කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍ය බුද්ධි අංශ පාලනයට නතුකරගෙන ඇති බවත්, ඒ පිලිබදව ජනතාවට දැඩි විශ්වාසයක් තබාගන්නා ලෙසත් රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ කරයි.

දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් බලපාන සියලු ප්‍රශ්න සොයා බල ඒයට දායකත්වය දීම රාජ්‍ය බුද්ධි සේවයේ වගකීම බවත්, වත්මන් ජනාධිපතිතුමන් පත්වූ පසු රාජ්‍ය බුද්ධි සේවයේ වැඩකටයුතු ප්‍රතිසංවිධානය කර වෙනම ඒකක පිහිටවන ලදී. 

ඒ අනූව වර්තමාන අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත පරිසර ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව, ආහාර ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිගණක අපරාධ ආශ්‍රිත විෂය පථය වශයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ විවිධ ඒකක ස්ථාපිත කර පරීක්ෂණ හා විශ්ලේෂණ අංශයක්ද පිහිටුවා ඇත.

කෝවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග ක්‍රියාත්මක වනුයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒකකයයයි. මෙලෙස අනපේක්ෂිත ලෙස සෞඛ්‍ය අංශයට මැදිහත් වීමට රාජ්‍ය බුද්ධි අංශයට සිදුවන්නේ අප රටට අවදානමක් නොමැති මොහොතකයි.

ඒනම් චීනයේ වූහාන් වල කෝවීඩ් වසංගතය ව්‍යාප්ත වන අවදියේ අපේ බුද්ධි අංශ හේ පිළිබදව අධ්‍යයනය අරඹනවා. මෙම අධ්‍යයනයේදී වසංගත රෝග විශේෂඥයින්ගේ හා දත්ත විශ්ලේෂකයන්ගේ උපදෙස් මෙන්ම රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත ක්‍රියාන්විතය දියත් වනවා.

වෛරසය චීනයෙන් යුරෝපයට ව්‍යාප්ත වන විට මෙය ලංකාවට පැමිණියොත් අප ඒයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබදව බුද්ධි සේවාව කිහිප ආකාරයකින් සූදානම් වුණා. මෙරටින් වාර්තාවූ පළමු රෝගිය වශයෙන් සංචාරක මගපෙන්වන්නා මාර්තු 11 වනදා සොයාගැනීමත් සමග බුද්ධි අංශ ක්‍රියාදාමය කොටස් 03කට බෙදීම සිදුවිය.

ඒනම් හදුනාගැනීම, හුදෙකලා කිරීම සහ සමීපතමයන් හදුනාගැනීම වශයෙන්. දිවයිනේ විවිධ පළාත් වල ස්ථාපිත ඒ්කක ඔස්සේ භූමියේ විවිධ තොරතුරු තොරතුරුකරුවන් ආශ්‍රයෙන් හදුනාගැනෙනවා. අද වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම බුද්ධි සේවාවේ ග්‍රහණය යටතට ගෙන තිබේ.

ඒ අනූව බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත නිවැරදි යාන්ත්‍රණයේ තීරණ ගනිමින්, රෝගය අදාල භූමියෙන්ම හදුනාගෙන වළක්වාගැනීමට නායකත්වයට ඉතාමත් පහසු වී තිබෙනවා.

පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමේදී රාජ්‍ය බුද්ධි සේවය කිසිම විටක පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක් සිදුකර නැති අතර ඒසේ බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත නිලධාරීන්ට ක්‍රියාත්මක වීම සිදුවන අතර අදාල තැන් වලට අවශ්‍ය තීරණ ගැනීමට බුද්ධි අංශ අප්‍රමාදව තොරතුරු ලබාදීම සිදු කරනවා. රට හමුවේ තියෙන අවදානමද සම්පූර්ණයෙන්ම පාලනයවී පවතිනවා.

කුමන හෝ ප්‍රදේශයකින් ආසාදිතයින් පොකුරක් වාර්තා වුණොත් ඒය බින්දුවට පාලනය කිරීමට අප බුද්ධි සේවාවට හැකියාව පවතින බව ඔවුන් පවසනවා. ඒ් ඔවුන් සමග අත්වැල් බැදගත් ක්ෂේත්‍ර ගණනාවක සමස්ථ කණ්ඩායමේ ශක්තියත් සමගයි.

රටවල් 195 ක පැතිර පවතින කෝවිඩ් 19 වසංගතය අරබයා මෙවැනි බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වන්නේ අප රටේ හැරුණු කොට ඊශ්‍රායලයේ පමණයි. නමුත් අප රටේ දියත් වන මෙම මෙහෙයුම ඊට නොදෙවෙනි අපිටම ආවේණික ක්‍රමවේදයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පකට අනූව දියත් වන මෙම ක්‍රමවේදයට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා නායකත්වය ලබාදෙනවා.

මෙම ව්‍යාකූල වෛරසය පාලනය කිරීමේ කර්තව්‍යයට මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා සෑම සිද්ධියක්ම අධ්‍යයනය කරමින් රාජ්‍ය බුද්ධි සේවා කටයුතු කරනවා.

(තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන ලිපියකින් සකස් කරන ලදී.)

Archive

Latest news

Related news