Tuesday, July 16, 2024

කපු, චිපාන් හෝ සිල්ක්‌ රෙදි පට හතරකින් නිවසේදී මුඛ ආවරණයක් සාදා ගන්නා හැටි.

ආණ්ඩුව කොවිඩ් 19 සම්බන්ධයෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට සැළසුම් කර ඇති බැවින් නිවසේදී මුඛ ආවරණ මසා ගැනීම දැන් වැදගත් වෙයි. මන්ද යත් මුඛ ආවරණ මගින් සෑහෙන දුරකට ආරක්ෂාවක් සැළසෙන නිසාය.

කතා කිරීම, කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම තුළින් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව විද්‍යාඥයෝ සහ විද්‍යාඥවරියෝ විශ්වාස කරති. මුඛ ආවරණ මගින් යමෙකු වයිරසය ආශ්වාස කිරීමෙන් ආරක්ෂා කළ හැකි අතර රෝග ලක්ෂණ නොපෙන්වන අය ද ඇතුළුව වයිරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකිය.

එසේ නමුත් ආවාට ගියාට සදා ගන්නා මුඛ ආවරණයක් මගින් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට නොහැකිය. එමෙන්ම වරක් පාවිච්චියෙන් පසු ඒ්වා හොදින් සබන සමඟ සොදා වැයලා ගැනීම අනීවාර්යයෙන්ම කළ යුතුය. ඒකම මුඛ ආවරණය දෙනෛකු විසින් භාවිත නොකළ යුතුය.

කපු රෙද්දකින්, ඊට උත්සව ඇදුම් රෙදි කඩක්, පරණ ටයි පටියක් කොටසක් හෝ පිජාමා රෙදි කඩක් එකතු කර පෙරයක් සමඟ මුභ ආවරණයක් සෑදිය හැකි බව නව පර්යේෂණයන් පෙන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව සිල්ක්, චිෆන් හෝ ෆ්ලැනල් සමඟ කපු සංයෝජනය කිරීමෙන් හොඳින් ක්‍රියාවන පෙරණයක් නිර්මාණය කළ හැකිය.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සහ වෙනත් විශේෂයන් අවවාදයක් දෙති. එනම් තදින් සවි කර ඇති සෙඛ්‍ය වෘත්තිකයින් පළදින N95 මුඛ ආවරණ මෙන් නොව නිවසේදී සදා ගන්නා මුඛ ආවරණයේ දාර වටා ල බිදිති කාන්දු වුවහොත්, ඔබේ ගෙදර හැදූ පෙරණයෙහි කාර්යක්ෂමතාව නැති වන බවයි.

බොහෝ පොදු රෙදිපිළි මෙම පෙරණයන් සඳාහ සඳහා පුදුම සහගත ලෙස හොඳ බව කියා සිටින පර්යේෂක පර්යේශිකාවන් තදින් වියන ලද එනම් ඝන කපු පමණක් මේ සඳහා පලදායී බව සොයා ගෙන තිබේ, විශේෂයෙන් ඝන කපු රෙදි ස්ථර දෙකක්, පොලියෙස්ටර් සහ චිපන් වැනි රෙදි පට දෙක් මැදට ඇතිව සදා ගන්නා මුඵ ආවරණ ඉතා හොඳ බව ඔවුහු ප්‍රකාශ කරති. සිල්ක් රෙදි ස්ථර හතරක් ඇතිවන සේ ස්කාෆ් එකක් නවා සාදා ගන්නා මුඛ ආවරණයන් හොඳය.

රෙදි පට හතරක් ඇතොත් ඒ් මගින් සියයට 60ක කාර්ක්ෂමතාවයක් ලබා ගත හැකි අතර දෙපටක් පමණක් ඇතොත් ලැබෙන්නේ සියයට 20 පමණ ක්ෂමතාවයක් පමණි.‍

ස්කාප් ඒකකින් මුඛ ආවරණයක් සදාා ගැනීම.

මේ අතර මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණක් තිබේ. මුඛ ආවරණය හුස්ම ගැනීමට සහ පිට කිරීමට බාධාවක් වන තරම් ඝනකම් නොවිය යුතු බවයි.

නිවසේ සාදා ගන්නා මුඛ ආවරණයක් පරීක්ෂා කර බැලීමේ එක් ක්‍රමයක් නමි ඒය විදුලි බල්බයක් වැනි ආලෝකයක් දෙසට අල්වා ලෙහෙසියෙන්ම ආලෝකය ඒය තුලින් පෙරී එන්නේද යන් බැලීමයි. එසේ ආලෝකය පෙරී එන්නේ නම් මුඛ ආවරණය හොඳ නැත.

ඕනෑම වර්ගයක මුඛ ආවරණයක් පැළඳීමෙන් ජල බිඳිති දුර බැහැර යාම වළක්වන බව බොහෝ දෙනා පිළිගැනෙන බැවින් ඕනෑම රෙදි ආවරණයක් ඉතා ප්‍රයෝජනවත් වන බවද ඔවුහු දක්වති.

Archive

Latest news

Related news