Sunday, May 19, 2024

කොවිඩ් මරන්න විශබීජ නාශක දියර පෙනහළුවලට විදීමේ ට්‍රම්ප්ගේ අලුත්ම සොයා ගැනීම

ඡායාරූපය: කොවිඩ් 19 යනු බොරුවකි කියමින් පෙළපාලි යක ට්‍රම්ප්වාදී පිරිස්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්ලොරක්විනීන් කොරොනා වයිරසය පරදවන දිව ඔසුව යැයි කියා දැන් කලක් ගතවේ. එම ඖෂධය පිළිබද මේ තාක් කරන ලද පරීක්ෂන වලින් කිසිදු සාර්ථක ප්‍රගතියක් පෙන්වා නැත.

ශ්‍රී ලංකාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමගි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ක්ලොරෙක්විනීන් කොව්ඩ් 19ට ප්‍රතිකාරයක් වනු ඇතැයි කීවේය. ආණ්ඩුවේ වෛද්‍ය ප්‍රධානීහු තමන් සතුව ඇති ක්ලොරක්විනීන් තොග පවා ආඩම්බරයෙන් ප්‍රකාශයට පත් කළහ.

දැන් ට්‍රම්ප් තවත් බෙහෙතක් සොයා ගෙන තිබේ. එනම් විශබීජ නාශක දියර කොවිඩ් 19 රෝගීන්ට දීමය. මෙරට කිසිවකු තවමත් එය පුනරුච්චාරණය කර නැත.

වසංගතය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී කොරෝනා වයිරසය මරා දැමීම සඳහා විශබීජ නාශක දියර පෙනහළු වලට විදීම නරක දැයි අසමින් ඔහු සමඟ එම පුවත්පත් සාකච්ජාවට එක්ව සිටි වෛද්‍ය උපදේශකයින්ගෙන් ඒ ගැන අසා සිටියේ එය හොඳ අදහසක් නොවේද යන්නයි. ඔහු මෙම ප්‍රශ්ණය යොමු කළේ කිසිදු වෛද්‍ය උපදෙසකට අනුව නොව ඔහේ හිතට එන ඕනෑම බහබූතයක් බරපතල ලෙද ප්‍රකාශ කිරීමේ පුරුද්දටය.

ඔහු මෙසේ කීවේය.

“ විෂබීජ නාශක ගැන මා දන්නවා, එය විනාඩියකින්, විනාඩියකින් වැඩේ දෙනවා.  අපට එවැනි දෙයක් කළ හැකි ක්‍රමයක් තිබේද? පෙනහළු වලට එය එන්නත් කිරීමක් හෝ එමගින් පිරිසිදු කිරීමකින් කරන්න බැරිද?

ඔබට පේනවනෙ, එය පෙණහලුවලට ගිය ගමන් පෙනහළු වල මහ ලොකු වැඩක් කරනවා…මගේ සිතට නම් මෙය අපූරු අදහසක්!.”

ඇමෙරිකාවේ ජනාධිපති වන මේ මිනිසා යෝජනා කළේ කොවිඩ් 19 රෝගීන්ගේ පෙණහළුවලට විශබීජ නාශක  ඇතුල් කිරීමටය.

එහි ඉහළම පෙළේ වෛද්‍යවරයකු වහාම උත්තර බැන්දේ “විෂබීජ නාශකයක් ශරීර අභ්‍යන්තයට ගැනීම තමා නිර්දේශ නොකරන” බව කියමිනි. “මේ දේවල් නිවසේදී අත්හදා බලන්න එපා, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න සහ හොඳ මහජන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න.”

ඒ සමඟම ට්‍රම්ප් යෝජනා කලේ පාර ජම්බූල කිරණ අඩංගු සැර ආලෝකයක් රෝගීන්ගේ පෙණහළුවලට යොමු කිරීමට ය. ඊට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කළේ දැඩි හිරුරැස් හමුවෙහි කොවිඩ් 19 වයිරසය බාල වන බවට ඇති තහවුරු නොවූ නිරීක්ෂනයයි.

“අපි ශරීරයට පාරජම්බුල හෝ ඉතා බලවත් ආලෝකයකින් දැවැන්ත ලෙස පහර දුන්නා යැයි සිතමු … ශරීරය තුළට ආලෝකය ගෙන ආවා යැයි සිතමු. සම හරහා හෝ වෙනත් ආකාරයකින් එය කළ හැකිද? යැයි ට්‍රම්ප් ඇසුවේය.

ඔහුගේ වෛද්‍ය උපදේශකයෝ ඊට ද දැක්වූයේ නිෂේධාත්මක ප්‍රතිචරයකි. පසුදින ජනමාධ්‍ය මගින් පහර පිට පහර වදින්නට පටන් ගත් විට ට්‍රම්ප් තමා එය කීවෙි නිකමට යැයි කියා සිටියේ ය. නිවසේ දී කිසම ලෙසකින විශබීජ නාශක පානය නොකරන ලෙස එරට ජනමාධ්‍ය දැන් ජනයාගෙන් ඉල්ලා සිට තිබේ.

මේ අතර ට්‍රම්ප්වාදීහු කොවිඩ් 19 යන බොරුවකි, රට විවෘත කරන්න කියමින් පෙළපාලි යති. එම උද්ඝෝෂනයන්ට සමබන්ධ වී සිටිනනේ ඇමෙරිකානු ජනයාගෙන් සුලු පිරිසකි. බහතරය වසංගතය පාලනය කිරීමට ගෙන ඇති පියවරයන්ට පක්ෂ බව එරට ජනමත සමීක්ෂන පෙන්වා  දෙයි.

 

Archive

Latest news

Related news