Sunday, May 19, 2024

කොවිඩ් වසංගතය තවමත් බරපතලයි, අනතුරුදායකයි – සමන් රත්නප්‍රිය

කොවිඩ් 109 වසංගත  තත්වය පාලනය කිරීම සඳහා  තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බැවින් , කිසිදු රටක් කිසිදු අතපසුවීමක් නොකර පරීක්ෂණ කිරීමේ සීග්‍රතාවය  උපරිම කරමින් සියලු රෝහීන් සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍යම බවත්,  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් වරයා 2020.04.22 දින ප්‍රකාශ කර තිබේ. ඔහු තව දුරටත් ඔහු ප්‍රකාශ කරන්නේ පහත සදහන් කරුණු හේතුවෙන්  මෙය බරපතල  අනතුරුදායක තත්වයක්  පවතින බවයි.

  1. වසංගත ය උපරිම තත්වයක තිබී යම් අඩුවීමක් පෙන්නුම් කළ ද එවැනි රටවලද නැවත රෝගය හිස ඔසවමින් පවතී.
  2. මෙම වෛරසය තවත් දිගු කාලයක් අප සමග රැදෙනු ඇත.
  3. සමාජ දුරස්ථබවය, නිරෝධායන ක්‍රියාමාර්ග ,රෝගීන් සොයා ගැනීම , පරීක්ෂණ උපරිම ලෙස සිදු කිරීම හා ජනතාව බල ගැන්වීම අඛණ්ඩව සිදු කල යුතුය.
  4. කිසිම රටක සෞඛ්‍ය පද්ධතිය මෙම රෝගය පාලනය සඳහා ප්‍රමාණවත් නොමැති බැවින්, ඒවායේ ඇති උණතාවයන් මග හරවා ගෙන තව දුරටත් ශක්තිමත් කල යුතුය.
  5. රෝග තත්වය මැඩ පැවැත්වීමට ගන්නා වූ ක්‍රියාමාර්ග ජනයාගේ අතෘප්තියට හේතු වූවද, යම් ලිහිල් කිරීම් කල යුත්තේ සෞඛ්‍ය ආරක්‍ෂිත, හා නිරෝධායන ක්‍රියාමාර්ග ද දැඩි ලෙස අනුගමනය කරමින්ය.
  6. ඇත්ත වශයෙන්ම සිටිය හැකි රෝගීන් ප්‍රමාණය දැනට රටවල් වලින් ප්‍රකාශ කරන ප්‍රමාණයම නොවිය හැකිය. එය ප්‍රකාශිත ප්‍රමාණයට වඩා සියයට 50න් පමණ වැඩිවිය හැකිය.
  7. එසේම මෙම රෝගය සඳහා කිසිදු රටක කිසිදු ජනතාවකට ප්‍රතිශක්තිය තවමත් ඇති වී නොමැති අතර, මෙහි බැරෑරුම්කම බොහෝ රටවල් තවමත් අවබෝධ කරගෙන නොමැත.
  8. රෝග තත්වය ඉදිරියේදී වඩාත් දරුණු විය හැකි බැවින් කිසිදු රටක් හිතුවක්කාර ලෙස කටයුතු නොකළ යුතුයි.

මෙම කරුණු දැඩි ලෙස අවධාරණය කරන අධක්ෂක ජෙනරාල්වරයා, මෙම ආකාරයට කටයුතු නොකරන රටවල් වල ජිවිත හානිවීම් හා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම වැලැක්වීම නොහැකි වනු ඇති බවත් තවදුරටත් ප්‍රකාශ කරයි.

අප රටද මේ පිලිබඳව බරපතල ලෙස  සැලකිල්ලට ගත යුතුය. අප නිරෝධායනයට බර තබා කටයුතු කලද රෝග පරීක්ෂණ වැඩි කර රෝගීන් සොයා ගැනීමට බර තබා කටයුතු නොකිරීම වරදකි.

(සමන් රත්නප්‍රිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරුණි.)

Archive

Latest news

Related news