Monday, May 6, 2024

කොවිඩ් අසාදිත මරණ: අවසන් කටයුතු සඳහා නිර්දේශ

බොහෝ සමාජීය ප්‍රජාවන්ට උපත මෙන්න මරණය ද එකසේ වැදගත් අවස්ථාවන් ය. සමහර ආගමික ඇදහිලි අනුව මරණය යනු නැවත ඉපදීමේ අවස්ථාවකි. සමහර ප්‍රජාවන් විශ්වාස කරන්නේ නිසි ඇදහිළි අනුව අවමංගල වත්පිළිවෙත් නොකළ හොත් එය සාපයක් වීමට ඉඩ ඇති බවයි. සමහර ඇදහිළි වලට අනුව මළ සිරුරු භූමිදානය කැරෙන්නේ නැත. ආදාහනයම කළ යුතු ය. තවත් සමහර ආගම් ආදාහනය කරන්නේ නැත. මෙම අදහිළි සහ විශ්වාසයන් දුරාතියේ සිට පැවත එන ඒවා වන අතර ජනප්‍රජාවන් අතර ආත්මීය වශයෙන් මුල් බැස ගෙන තිබේ.

මානව ඉතිහාසය පුරාම අතිශය දුෂ්කර අවස්ථාවන්හිදී මෙවැනි වත් පිළිවෙත් අතහැර දැමීමට බල කෙරුණු අවස්ථාවන් තිබේ. එසේ නමුත් කවර හෝ ඉඩක් ඇත්තේ නම් කවරාකාරයකින් හෝ අවම වශයෙන් සංකේතීය ලෙස හෝ ස්වකීය ඇදහිළි අනුව මරණයට පත්වූවන්ගේ අවසන් කටයුතු කිරීමට ඉඩ සැලසීම ද මානව ඉතිහාසය තරම්ම පැරණි ය.

මෙරට  මුස්ලිම් ජනයාට පමණක් නොව අනෙක් සියළු ආගමික ප්‍රජාවන්ට ද ස්වකීය ඇදහිළි අනුව මළවුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ආරක්ෂිත පියවර ඇතිව අවසර දීම වැදගත් වන්නේ එනිසා ය. 

අද අප මුහුණ දී සිටින ගෝලීය කොවිඩ් 19 වසංගතය හමුවෙහි දස දහස් ගණනින් මිය යන ජනයා සම්බන්ධයෙන් ද මෙම කාරණය ඉස්මත්තට පැමිණ තිබේ. පහත පළවන්නේ කොවිඩ් 19 අසාදනය හේතු කොට ගෙන මිය යන ජනයාගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලෝක සෙෘඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මඟපෙන්වීම් ඇසුරෙන් සකස් කරන ලද සටහනකි.

කොවිඩ් 19 අසාදිත අවමගුල් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්

සෞඛ්‍ය සේවා සේවකයින් හෝ මෘත ශරීරාගාර කාර්ය මණ්ඩලය ශරීරය සූදානම් කිරීමේ දී (උදා: ශරීරය සේදීම, හිසකෙස් පිළිවෙලට තැබීම, කැපීම නියපොතු හෝ රැවුල බෑම සම්මත පූර්වාරක්ෂාවන්ට අනුව අත්වැසුම්, සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ, ඉවත දැමිය හැකි වෛද්‍ය ගවුමක් [හෝ ඉවත දැමිය හැකි ගවුම අසම්පූර්ණ ඒපනයක් සමඟ], ආරක්ෂක පියවර ගන්න.

පවුලේ අය කැමති නම් ශරීරය බැලීමකැමැති අයට සම්මත පූර්වෝපායන් භාවිතා කරමින් අවම වශයෙන් මීටර 1 ක් දුරින් ශරීරයට අත නොතබා නිරීක්ෂණය කළ හැකිය. නමුත් මළ සිරුර ස්පර්ශ නොකිරීමට හෝ සිප නොගැනීමට පැහැදිලි උපදෙස්  දිය යුතු ය‍.

ශාරීරික තරල විසුරුවා හැරිය හැකි බැවින් එම්බාම් කිරීම නොකිරීම මනාය.

ශරීරය හැසිරවීම සඳහා වැඩිහිටියන් සහභාගි නොවිය යුතු අතර අවුරුදු 60 වැඩි අය සහ ප්‍රතිශක්ති නතා ඇති පුද්ගලයින් ශරීරය ආසන්නයට නොගොස් සිටිය යුතු ය.

මේ සෑම අවස්ථාවකදීම සබන් හා වතුරෙන් අත් හොඳින් සේදීමේ නිර්දේශ අනුගමනය කරන්න. ‌

දේහය අදාහනය හෝ මිහිදන් කිරීම යන ආකර දෙකම අනුගමනය කළ හැක.

අවසන් අවස්ථාව සඳහා හැකි ඉතාම සුලු පිරිස පමණක් කැඳවන්න.

මෘත දේහය මිහිදන් කිරීමට කටයුතු කරන අය අවමංගල්‍ය ආරක්ෂක ඇදුම් හැද අත්වැසුම් පැළඳින්න.  කටයුතු අවසාන කිරීමෙන් පසු සබන් හා ජලය සමග අත් හොදින් සෝදන්න. භූමදානය අවසන් වූ පසු පාවිච්චි කරන ලද  අත්වැසුම් සහ ශරීරාවරණ ඇදුම් ආරක්ෂිතව ඉවත දමන්න.

මිය ගිය තැනැත්තා රෝගාතුර වීමෙන් පසු පාවිච්චි කළ කිසිදු දෙයක් යළි පාවිච්චියට නොගැනීම වඩා යහපත් ය. යළි පාවිච්චිවයට ගන්නා ඇදුම් වේ නම් ඒවා උතුරන වතුරෙන් උග්‍ර ක්‍රියාකාරී සෝදන ද්‍රව්‍ය දමා සොදා වියලා ගන්න.

සම්පූර්ණ උපදෙස් සඳහා මෙහි පිවිසෙන්න: https://apps.who.int/iris/bitstream/handle/10665/331538/WHO-COVID-19-lPC_DBMgmt-2020.1-eng.pdf

ඉහත ජායාරූපය: A man stands near the body of Holocaust survivor Aryeh Even, 88, the first man to die in Israel from the coronavirus epidemic, at the Har HaMenuchot Cemetery in Jerusalem, early on March 22, 2020. (Yonatan Sindel/Flash90)

Archive

Latest news

Related news