Monday, May 6, 2024

අවිගන් ඖෂධය කිසිම රටකට විකිනීමට දී නැහැ. අත්හදා බැලීමට පමණයි – සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම

ශ්‍රී ලංකා ආණ්ඩුව කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් “අවිගන්” නම් ඖෂධය මෙරට ගෙන්වා ඇතැයි ද එම ඖෂධය ඉදිරියේ දී උවමනාව මත රෝහල් වෙත යොමු කරන බව සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මෙන්ඩිස් මහතා පැවසු බවද මෙරට  යම් යම් වෙබ් අඩවි ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධය ජපානය විසින් මෙම ඖෂධ තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබා දුන් බව තවත් වෛද්‍ය විශ්ෂඥයෙක් පසුගියදා රූපවාහිනී වැඩ සටහනක දී ප්‍රකාශ කරන ලදී.

මෙයට පෙර මෙවැනිම පිරිස් විසින් වර්ණනා කරන ලද ක්ලොරක්විනීන් ගැන දැන් මේ කිසිවකු කතා කරන්නේ නැත. ක්ලොරක්විනීන් මගින් ඇතිවන අතුරු අබාධ නිසා එය අත්හදා බැලීමක මට්ටමෙන් තවම ඉදිරියට ගොස් නැත.

අවිගන්”මෙම ඖෂධය වෙනත් රටවලට ලබා දෙන්නේ ජපාන රජයේ අනුමැතියට යටත්ව අත්හදා බැලීම සඳහා පමණක් බව එම ඖෂධය නිශ්පාදනය කරන සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම පසුගිය 27 දා එනම් මෙයට දින 4කට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

එම නිවේදනයෙහි කිසිදු තැන මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බව දක්වා නැති අතර එය තවම පවතින්නේ සායනික පර්යේෂන මට්ටමේහි බව පැහැදිළිවම ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ සිංහල පරිවර්ථනයක් පහත පළවේ.

සීමාසහිත ෆුජිෆිල්ම් ටොයාමා කෙමිකල් සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන අවිගන් ටැබ්ලටය පිළිබඳව ෆුජිෆිල්ම් සංස්ථාව සපයන නිවැරදි තොරතුරු මෙසේ ය.

27 මාර්තු 2020.

“අවිගන්” පෙති 2014 දී ජපානයේ නිෂ්පාදනය හා විකිණීම සඳහා අනුමත කරන ලද්දේ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිවෛරස් ඖෂධයක් ලෙස ය. මෙම ෂධය භාවිතය සඳහා සලකා බැලිය යුත්තේ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිවෛරස් ෂධ ලදායී හෝ ප්‍රමාණවත් ලෙස ලදායී නොවන, නව හෝ නැවත ඉස්මතු වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ආසාදන ඇති වූ විට පමණක් වන අතර ජපාන රජය එම ෂධය එවැනි ඉන්ෆ්ලුවෙන්සා වෛරස්වලට එරෙහිව යොදා ගැනීමට තීරණය කළේ ය. මේ අනුව, ජපාන රජය සතුව කිසියම් ෂධ තොගයක් ඇති අතර, අවිගන් පෙති කිසි විටෙක වෙළඳපොලේ බෙදා හැර නොමැති අතර ජපානයේ හෝ විදේශයන්හි රෝහල් සහ ඔසුසැල්වල නොමැත.

“අවිගන්” පෙත්තෙහි ක්‍රියාකාරී‍ ඖෂධීය සංටකය වන ෆාවිපිරාවිර්හි වෛරස් පැතිරීම වළක්වන ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇත. මෙම ෂධය නව කොරොන වෛරසයට ප්‍රතිවෛරස් බලපෑමක් ඇති කළ හැකි . මන්ද යත් අතර එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් (තනි පටු ආර්එන්ඒ වෛරසය) ලෙස එකම වර්ගයට වර්ගීකරණය කර ඇති නිසා ය.

කෙසේ වෙතත් “අවිගන්” ඕෂධය මෙම අවස්ථාවෙහිදී පවතින්නේ නව කොරොන වයිරස් රෝගයට (කොවිඩ් -19) එමගින් ප්‍රතිකාර  ළ හැකිද යන්න සහ එහි සුරක්ෂිතබව තහවුරු කරගැනීම සඳහා කැරෙන සායනික අත්හදාබැලීමේ අධ්‍යනයන්  මට්ටමෙහි ය.

“අවිගන්” පෙති ජපානය හැර වෙනත් කිසිදු රටක අලෙවිකිරීම සඳහා අනුමත කර නොමැත. වෙනත් ජාතික රජයක් හෝ නියාමන අධිකාරියක් විසින් අවිගන් පෙති භාවිතය තීරණය කරන්නේ නම්, ජපාන රජය සමඟ සාකච්ඡා කර සම්බන්ධීකරණයෙන් යුතුව එවැනි රටවලට අවිගන් පෙති සපයමින් අවංකව සහයෝගයෙන් කටයුතු කිරීමට ෆුජිෆිල්ම් කණ්ඩායම අදහස් කරයි.

http://fftc.fujifilm.co.jp/en/avigan/index.html

Archive

Latest news

Related news